"හැඟීම් බොහෝමයක් තිබ්බට ඒවයේ උප්පත්ති මූලය බොහෝ වෙලාවට අපිම හෝ අපිට ලඟම මනස උසස් වූවෝ. ඒ වගේම ගැහැණිය හැඟීම් උත්පාදනයේ ඉහලම තැනක ඉන්නවා. මේ එතනින් එහාට ගිය හැඟීම්, වචන කරපු ලියමනක්...."


Saturday, April 30, 2011

විසිතුන් වෙනි පහන් කණුව යට සිට ලියමි.

"මම මොකෙක්ද?" කියන ප්‍රශ්නෙට සමහරු පිස්සෙක් කියයි. තවත් සමහරු එක එක දේවල් කියයි. අන්තිමට ඉතුරුවෙන උත්තරේ "මොකෙක් හරි". ඉස්සර අහලා තිබ්බා වෙන්නන් වාලේ මොකෙක් හරි නොවී අරමුණකට ජීවත් වෙන්න කියලා. ඒත් මට ඕක පේන්න බැරි දෙයක්. එනිසා ඉස්සරත් "ලොකු උනාම කවුරු වෙන්නද ආසා?" ඇහුවම, මම මොකෙක්ද වගේ බලාගෙන ඉන්නැති.ඒත් ඔය "මොකෙක් හරි" කියන භූමිකාවේ මම වෙනස් වෙවී චරිත රඟපාන එක ගැන මට ලොකු සතුටක් තියෙනවා. ප්‍රදර්ශන තියලා නැතත් ඇහැට සෙට් වෙන පින්තූර දෙක තුනක්වත් මම අරගෙන තියෙනවා. සම්මාන හම්බෙලා නැතත් හිතට වදින ලිපියක් දෙකක්වත් මම ලියලා තියෙනවා. තරඟ දිනලා නැතත් ලාවට සින්දුවක් දෙකක් කියාගන්න, බෙරේකට තලාගන්න පුලුවන්කමක් තියෙනවා. ඔය මොක නැතත් මගේ ගෑණිට හිත පිරෙන්න ආදරේ කරන්න මට පුලුවන් වෙලා තියෙනවා. ඒ හැම එකක්ම සාර්ථක මට්ටමට ගැනෙන්නේ මට අනුව. මට මං ගැන හිතිච්ච විදිහ. ඒක සමහරවිට ඕනවට වඩා වැඩි වෙන්නත් පුලුවන් නැත්තං ඕනවට වඩා අඩු වෙන්නත් පුලුවන්.

ආදරේ..., මම ආදරේ කියන හැඟීමට හුඟක් අසාධාරණකං, වැරදි කරපු එකෙක් වෙන්න පුළුවන්. ඒත් මං අද වෙද්දි ඒක තේරුම් අරගෙන ඒකට අනුව හැඩගැහිලා තියෙන එක ගැන  මට අමු සතුටක් තියෙනවා. ඒ ආදරේ ඒ විදියට ගොඩනගන්න පුළුවන් උනෙත් ඒ ආදරේ අනිත් පාර්ශවකාරිය නිසාමයි කියන මතෙත් මම ඉන්නවා. ඒ ආදරේට අදට අවුරුදු එකහමාරක්. අද වෙනකොට හිතේ කොනකවත් කුහුලක් නැතුව මගේ ගෑනිට හිත පුරා ආදරෙයි කියලා කට පුරා කියන්න පුලුවන් වෙලා තියෙන එක සම්බන්ධයෙන් මට මං ගැන ලොකු සතුටක් තියෙනවා. මගේ සම්පූර්ණ නසරාණි අතීතය දැන දැනත් මට හිත පුරා ආදරේ කරන ගමන්ම, වැරදිම කරන්න පෙලඹෙන හිතත් වගේම කුණුහරුපම කියවෙන කටත් ඉවසගෙන ඉන්න උඹට ලොකු හයියක් තිබ්බ විත්තිය සහ තියෙන විත්තිය මම දන්නවා. මම උපන්න දවස වෙච්ච අදට විතරක් නැතුව හැමදාටමත් උඹේ ආදරෙත්, උඹේ හිනාවත්, උඹේ ආශිර්වාදෙත් තුනම මගෙත් එක්ක කියලා මම දන්නවා.

මම කලින් වතාවේ මගේ උපන්දිනේට ලිව්වා කවි ටිකක්. ඒවයේ තිබ්බ දේවල් අද වෙනකොටත් ඒ විදියටම නිසා මට ලොකු සතුටක් තියෙනවා. යාළුවෝ..., යාළුකං ඇති වෙච්cඅ විදි ගොඩක්. ගෙවල් පැත්තේ, ඉස්කෝලේ, උසස් අධ්‍යාපනේ කියන මගුල කරපු තැන වගේම අන්තර්ජාලෙත් ඒකට උදව් උනා. ඒ වගේම නෑදෑ පරපුරේ මගේ වයස් මට්ටමේ අංකුරත් සහෝදරකමකට එහා ගිය යාළුකමකින් මගෙත් එක්ක හිටියා. උඹලට බොහොම පිං එදා ඉඳන් අද වෙනකං මට හොඳ යාළුවෙකුට වගේ සලකන එකට. මගේ යාළු මිත්‍රයෝ ගොඩේ හැකියාවෙන් අග තැම්පත් වෙච්ච වගේම වයසින් අත්දැකීම් වලිනුත් ගොඩක් ඉස්සරහින් හිටපු මිනිස්සු හිටියා. ඒ දීපු උපදෙස්, ගුරුහරුකං වගේ ප්‍රශංසාත් මම අදටත් පටා ආසාවෙන් මතක් කරනවා. ඒ හැමදේකටම උඹලට බොහොම ස්තූතියි නොකියන්නේ මම උඹලගේ යාළුවෙක් නිසා.

මගේ අම්මට තාත්ත්ට වගේම උඩ සඳහන් කරපු උඹලා හැමෝටම පිං මගේ වැටීම් වලදි වගේම නැගිටීම් වලදිත් මගේ ලඟින් හිටියට. මේ හිටපු නිදහස් කාලේ බොහෝවිට හෙටින් පටන් ගන්න මාසෙන් පස්සේ ඉවරයක් වෙන්නත් පුළුවන්. ඒ සම්බන්ධයෙනුත් මට සතුටුයි. උඹලට සදා ජය!
Digg It! Stumble Delicious Technorati Tweet It! Facebook

16 ක්ම තියෙනවා අදහස්:

පූසා said...

සුභ උපන්දිනයක් මචං!
සෙට් වුන වෙලාවක පාටියක් දීපං ;)

Anonymous said...

සුබම සුබ උපන්දියක් වේවාzzzzz මචං :D

Abeetha Edirisinghe said...

සුභ උපන් දිනයක් වේවා රචියා.... උඹේ පණ්ඩිතකම මුසු වෙච්ච කට හැකරකමට මමත් ආසයි..... වයසත් එක්ක ඒක නිකන්ම පාලනය වේවි.... උදාහරණෙකට මම බලපන්.... :D

hare :-) said...

වෙනස් වෙයන්. බලෙන් නෙමෙයි. වෙනසට වෙන්න දියන්. උඹ උඹ වගේ හිටපන්.

එලක්ෂීර ජීවිතයක්! සුභ! ජය! වදන් නැති අරව මේව ඔක්කොම!

Unknown said...

සුභ උපන්දිනයක් වේවා මචං... ජය..

ආගන්තුකයා | Stranger said...

ආ සුබ උපන්දිනයක් වේවා. මචං....

කතන්දර Kathandara said...

එලැඹෙන අවුරුද්දේ අඟලක් දෙකක් උස ගිහින් අර BMI එක හරියට සෙට් වේවා!

Sihina Ekathukarannek said...

සුබ උපන් දිනයක් වේවා රචියෝ .

Lishan Puwakovitage said...

සුභ උපන්දිනයක් වේවා මචන්..!! හැමදෙයක් ම හොඳින් සිද්ධ වේවා..!!

duliponline said...

සුභ උපන්දිනයක් මචෝ . . . .

Rachintha Jayawardhana said...

සුබ පැතුම් වලට බොහොම ස්තූතියි! ඔව් කකා, මේ දවස් වල ඒ වෙනුවෙන් ගොඩක් වැඩ සහ පාලනය කිරීම් කරගෙන යනවා. අභී, කට හැකර කමත් පට්ට ආතල් බං. හරේ, හපෝ ඔව් අයියේ.. වෙනස්වීම නං එහෙම්මම තමයි.

හිස් අහස said...

සුබ උපන්දිනයක් මුචා අයියා !

Yasasi Rajapakse said...

සුබම සුබ උපන්දිනයක් වේවා රචියෝ..

Randika Sedara said...

සුබ උපන් දිනයක් රචි අයිය... !!
ඊයේ නොකියන්නට බැරිවීම ගැන දුක් වෙමි...

රංග - මගේ ලෝකය said...

පරක්කු වෙලා උනත් සුභම සුභ උපන් දිනයක් මචං

දුකා said...

සුභ උපන් දිනයක් වේවා . ..
face book eketh dawasak hari parakku welaa kiwwa hariya . ..

Post a Comment

කියෙව්වම හිතිච්ච දෙයක් ලියලා යන්න. බැරිනං නිකං ඉන්න.
සැඟවී විඳීමට අඥාතය පාවිච්චි කරන්න.
ජයෙන් ජය උඹලාට!