මේ වයසට ටොපි කන්න හිතෙන එක ලෙඩක් මචං... ටොපි කන එක ලෙඩක් වෙච්ච ලෝකෙකට ටොපි හදන එකත් ලෙඩක්... හැබැයි මේ ටොපි ලෙඩට හොඳයි මචං...

Wednesday, April 14, 2010

Instant අවුරුද්ද


සූරිය මංගල්‍යය ජන කවි සමග තෙද
අවුරුදු කූජනය නැවුමකි ඉතා සොඳ
කොහා නැතත් හඬනට සිට කොළඹ බද
ටෙලියෙන් වැයෙයි ඒ මංගල්‍යයේ නද

විද්වත් මඩුලු රට හැමතැන පොකුරු පිටින්
කියයි අසිරි ඉතිරෙන කිරි මුට්ටි වෙතින්
"වන් ටූ ත්‍රී බම්බල් බී" කියූ කටින්
"එළුවන් කයි" ඊයේ පුරුදුවූ ලෙසින්

බැලු බැලූ අතට ගැමි ජන කෙලි උළෙල් ඇත
ඒවට තෑගි දෙන්නන් තොග පිටින් ඇත
ලාඕජී සමග අලියා බීම මැත
දොඩවයි උනුන් ගුණ කලඳක් නැතුව කැත

තරු පිරිවර නටවති ටෙලියට ගෙන්නා
පොඩි උන්, නටන උන්, ගයනා උනුත් වෙනා
කලාබරිත සංවේදී සියළු දනා
අපිත් බොමුකෝ වීවා සිත් සනසමිනා

පිටි උවමනා නැත තම්බන්නට කැවුම
රබං ඕන නැත සීඩී එක දැම්ම
උණ වෙඩි, කැට ගැහිලි වැනි බොරු ගොං වැඩම
ටෙලියට මූණු දාගෙන ඉමු විසිපැයම

නෑගම් ඕන නැත පෙට්‍රල් පිච්චේයා
ස්කයිප් එකෙන් දිව දිව ගෑ හැක්කේයා
නානු නුවමනයි අපි හර්බල් ගෑයා
අවුරුදු කුමරු හෙට පොලේදි විකිනේයා

Dreaming Star | සිහින දකින තාරකාව

ඒහ්. . . මුචා! කී දවසද මල්ලී තියෙන්නේ. . .
ඇවිද ඇවිද ඉඳලා හරියනවද? නරකද ප්‍රැක්ටිස් පාරක් දැම්මොත්?

එළ එළ. . .කොහොමහරි ගොඩ දාල දෙන්නංකෝ අයියා!

මදක් බොඳවී ඇත.වටපිට ඝෝෂාව ද ඇසේ.රැහැයි හඬක් මෙනි.දොරක් ඇරගෙන එළියට ආපු ගමන් යාළුවෝ සෙට් එක චූන් විය.

එළනේ ඩෝ. . . මම දන්නව උඹ කොහොමත් ඕකෙන් ගොඩයනවා කියලා.ඊලඟ ටික තමා ගේම.

බොලා කොහොමද දැනගත්තේ මම ගොඩ කියලාහ්?

ඇයි බොල රට මී හරකෝ! ඔය කොලේ දෙන්නේ වටේ ඔතාගෙන දකුණු අත හොල්ලන්නද? තෝ හිතුවද අපිත් තෝ වගේ රට මී හරක් කියලා. . . කොලේ අරං එළියට එන එකා පාස් කියලා අපි දන්නවා බොලඃ.

හම්මෙඃ . . . සීයට පැනගත්තොත් ඇති.එතනින් එහා ගමේ එවුන්ට ගේම බාරදෙන්න පුළුවන්.මදි පාඩුවට ඉස්කෝලේ මනාප ටිකත් කඩාගත්තනං. . .! මටත් ඕන ජිලක් ප්‍රීති වෙසක් තමයි.

ෂඃ නදිනි බදාගත්තම තියෙන සනීපේඃ

ඔව් මුචලින්ද, ඔයා අද තෝරගෙන තියෙන්නේ නිහාල් නෙල්සන් මහත්තයාගේ, "රෝස මලකුයි නෙළුම් මලකුයි" ගීතය.අද අපගේ ගීත තේමාව වන බයිලා ගීත යටතේ, ඔබ හිතනවාද ඔබට මේ ගීතය සාර්ථකව ගායනා කරන්න හැකිවේවි කියලා.

ඔව්.

කන් කඩාගෙන යන විසිල් පාරකුත් එක්ක, කෙල්ලෝ සන්තෝසේ එළියට දාගන්න බැරුව පොරකනවා.රිතික් රෝෂන් ටී ෂර්ට් එක ගැලෙව්වා වගේ.

ඔව් චන්ද්‍රිකා සිරිවර්ධන මහත්මිය.
මයේ පුතේ,මගේ පුතා මේ රට වාසනාවක්. ලක් එකක්. පුතා මේ පඩි පෙලේ ඉහලටම යන්න ඕන. මයේ පුතාට ජයෙන් ජය!

ඉත්තූතියි මැඩම්!

ඔව් සමිතා මුදුන්කොටුව මහත්මිය.
ඇත්තටම මුචලින්ද, ඔයා අද ඔප්පු කලා ඔයා කව්ද කියලා. ඔයාට කොච්චර හැකියාවක් තියෙනවද කියලා. මට කියාගන්න වචන නෑ මුචලින්ද. . . මට කියාගන්න වචන නෑ. මට කරන්න තියෙන්නේ මෙච්චරයි.

පුටුවෙන් නැගී සිට ආයුබෝවන් කියයි. සභාවේ විසිල් හඬ දෙගුණ තෙගුණ වෙයි.පස්සෙයි දැනගත්තේ හේතුව සමිතගේ සල්වාර් එක පිටිපස්සේ හිලක් ලු!

ඉත්තූතියි මැඩම්!

ඔව් අවසාන වශයෙන් ඔබතුමා.
මුචලින්ද ඔබගේ වයස කීයද?

විසි එකයි බුදු සිංහල සර්!

ඇත්තටම මුචලින්ද, මේ පශ්චාත් නූතන සංධර්භය තුල එය ඇදහිය නොහැකි කරුණක් වගේම; ධනවාදයේ තුන්වෙනි කාර්තුවේ විභේදනයන්ගෙන් විශ්ලේෂණය වන ව්‍යුත්පන්නයන්ගෙන් සහ භාව්‍යමය ප්‍රපංචියන්ගේ අනුභූතීන්ගෙන්. . .

ඇති සර්! ඉත්තූතියි සර්!

ඔව් මුචලින්ද, ඔබට මේ වෙලාවේ මොනවාද හිතෙන්නේ?

හ්ම්ම්ම්. . .. චූ බරයි

ඔව්ව්ව්ව්. . .අවසන් පස්දෙනාගේ වටය සඳහා ඉදිරියට යන්නේ මුචා ද? ශිහාන් ද? අපි කෙටි විරාමයකට ගිහින් එමු.

ඔව් නැවතත් කෙටි විරාමයෙන් අනතුරුව.මෙතෙක් කල් මෙම වේදිකාවේ කරටකර තරඟ වැදුනි අතිදක්ෂ ගායකයින් දෙදෙනෙක්.ඔබ දෙදෙනාගෙන් එක් අයෙකුට පමණයි ඉදිරි වටයට යා හැකි වන්නේ ශිහාන් ද? මුචාද? ඔව්ව්ව්ව්ව් මුචා!

අප්පටඉඩි මොකෝ මචං ශිහාන්.අඬන්නෙපා යකෝ.මොකෝ බඩ අවුල්ද? මලහත්ඉල්ලව්වයි! අන්න ශිහාන්ගේ අම්මත් අපේ අම්මව බදං අඬනවා. හුටාඃ! සමිතාට කලන්තේ දාලා.

හඃ. . .යාන්තන් අන්තිම වටේ!

ඔව් මුචලින්ද, ඔබ මේ අවසන් තර්ඟයෙන් ජයග්‍රහණය නොකෙරුවොත්; ඔබටත් මතක් කිරීමට උදව් කල පිරිසක් ඇති.අප මේ අවස්ථාව ඔබට ඒ සඳා ඔවුන් වෙනුවෙන් ස්තූති කරන්නට උදාකර දෙනවා.

ඔව්ව්. . .මේ තාක් දුරට මා ගෙන ආ ලක්වසී සහ ලෝක වාසී ඔබ සැමට ස්තූතියි.පළමුව මෙම රූපවාහිනී ආයතනය වෙනුවෙන් මා ස්තූති කරනවා,මෙම රූපවාහිනී ආයතනයේ ප්‍රචාරක කටයුතු සඳහා පෝස්ටර් ප්‍රචාරය ගෙන ගිය සුදු නිමල් අයියාව.

ඒ වගේම දේශ දීපංකර වල මාගේ හැකියාව පිළිබඳ ජනතාව උනන්දු කල හෂිත අබේවර්ධන අයියාට, ජ්‍යෙෂ්ඨ ජනමාධ්‍යවේදිනී පුෂ්පා රම්ලනී මහත්මියට, රංගි හැරිස් අක්කට, බින්කු නාරද තෝමස්, දිනුෂ්ක උදාර, සුභාෂ් ගුණවර්ධන සහ රසික සූරියාරච්චි මහතාට.

මාගේ ප්‍රචාරණ කටයුතු සඳහා දැඩි ලෙස කැපකිරීම් කල ලඟදී විවාහ වීමට සිටින සඳුන් ලක්මාල්ට සහ උදේ හයයි පහට රාත්‍රියට දත් මදින ලිෂාන් පුවකෝවිට ට.

එමෙන්ම විශ්ව විද්‍යාල තුල, මනාප මෙහෙයුමෙහි නියැළුනු ලසිතට සහ උගේ කන් ගොඩ කරන දම්මිනීට, චමිලට, නිලැස්ට, දීපිකා සහ අරවින්දට.

තවද අන්තර්ජාලය තුල මා හට විශාල රසික පිරිසක් ඇති කරමින් සහයෝගය දුන් මලී අක්කා,මගේ මරණය,රවා සහ බ්ලොග් කරුවන්ගේ එකී මෙකී නොකී හැම එකාටම.

තවද කෙදිනකවත් මා අත් නොහැර ගිය මගේ මිතුරු කැල සහ නෑදෑ පරපුරට.

ඔව් අපි දැන් මද විරාමයකට යමු.

ෆුඃ

ක්‍රෑස්. . .! ක්‍රෑස්. . .! ක්‍රෑස්. . .! ක්‍රෑස්. . .! ක්‍රෑස්. . .!

හුටාඃ. Alarm එකෙත් Snooze එක. හයහමාරට ලෑස්තිවෙලා එලියට බැස්සේ නැත්තං ට්‍රැෆික් තමයි. ෂික්! කෝ යකෝ මගේ සරම. සරම නැතත් කමක් නෑ; කෝ යකෝ මගේ සම්මානේ??? කමක් නෑ අද රෑටම ඇවිල්ලා හොයනව එක්කෝ.

Wednesday, April 7, 2010

සර්පයා

මෙච්චර ගස් ගොඩ මැද්දේ හිටියත්
කොලයක් ඔළුවට වැටුන්නැතී
කපුටෝ හතර වටේටම
ඒත් වසුරු පිඩක් හෙලුන්නැතී

ගස්මුල පස් කාගෙන ඉන්න මාව
හොරැහින් බලලා හිනැහුන
ඔයාගේ කෙහෙ රොදක්
කන වටේට අහක් කරලා
ලස්සන තලෙළු හම මැද්දේ
එම්බොස් වෙච්ච රෝස තොල් පට
හපන්න හදනකොටම

කොල ගොඩක් අස්සෙන්
ඔළුව උස්සලා
ගෑණිව බය කරපු
මාවත් ගස්සපු
සර්පයා
උඹයි ගැරඬි පැටියෝ. . .

Sunday, April 4, 2010

කෙළගැණුම අවසන කෙළවීම.

දෙදෙනෙකු කෙලගති
මයික් එකෙන් කියවති
වටේ පිටේ උන්ටද කෙලවති
ටයිටල් හම්බෙති
උඩින් පනිති
පයින් ගසති
හොර කරති
කර අරින්නෝද වෙති
ලොක්කෝද සෙට් වෙති
සල්ලි දමති
ගේම නැගලා යති.
මේ ලාංකීය දේශපාලනය නොවේ.

පහේ එකා ටූම්බ්ස්ටෝන් ගසති
තීන්ත ගෑ ගමන් බිත්තියේ
ඔරලෝසුවටත් කලින් පෝස්ටර් වදිති
පච්ච කොටා ඇත.
නෙක නෙක ඇඟිලි හැඩය.
ජෝන් සීනා පොඩි එකාගේ ඔලුවට ගහලාය.

බයිට් වෙති
කොමඩිද ඇත
තොග පිටිං අසාධාරණකංය
බයද හිතෙයි
නාට්‍යමයයි
හැබැයි මෙගා නොවෙයි.

උන්ට ඩොලර් පෙරෙති
නෙට් බිලයි, විදුලි බිලයි,
අපිට වින්දනයයි.
ඒත් ඩවුන්ලෝඩ් වෙති.
ස්‍රීස්...!
දැන්ත් සී.ඩී එකක් පයට පෑගුනි.

Tuesday, March 30, 2010

මහිත හා එහිත

ඒ හඬ දුක්මුසුය
පොතෙහි වෙලෙන්නට එළියක් නොමැතී
මාමයිට් බෝතල් අඩිය
බූමි තෙලෙන් සිඹියි

මටද අද දවස හරි නැත
ෆිට් නැත
කමෙන්ට්ස් බලන්නට
කරන්ට් නොමැතී

ඈ මුහුණතද
ඇඹුලක් දිව ගෑ සේය
වැඩි ගානට ගත්තු උඩ කෑල්ල
අනිත් එකියෙක් ඇඟලාගෙන වගේ එකක්

Wednesday, March 17, 2010

බයටයි ලියවුනේ. . .!


කරනට දෙයක් නැත සිත මා ඇත සෙල්ලී
මොකක් ලියන්නද උත්තර ඇත ගල්වී
තව පැය විසිපහක් ඉක්මුනු තැන කල්හී
කොලේ තුලින් මාරයා අත වනනු ඇතී

මගුල්, උපන් දින සාදය සතර අත
මැරියන් සමග රාජ්‍යයේ සරණ වැද
මිතුරන් එකතු වී කල කෙළි මතකේ ඇත
හෙට පලදේවි මේ සියලට තබා තිත

පේළි සතරකී මහ ලොකු කාමරයේ
උඩ බිම බලනු තහනම් වෙයි එම තලයේ
පෑනක් කටේ රඳවාගෙන සිටින පැයේ
උත්තර මතක් වේදැයි මට බියක් තියේ

Friday, March 12, 2010

නෝ ප්‍රොබ්ලම්

අතේ දිලෙන
රාහු අපල මුද්ද

බෙල්ලේ ඔතපු
යන්තරේකුත් එක්ක

උදේ පාන්දරත්
දේව ආශිර්වාදේ ලබලා

එළියට බැස්සේ
හිතේ නිදහසෙන්
ඒත්. . .

උඹට පිං
මට ඇත්ත කියලා දීපු
ඩ්‍රයිවර් මහත්තයෝ. . .!