"හැඟීම් බොහෝමයක් තිබ්බට ඒවයේ උප්පත්ති මූලය බොහෝ වෙලාවට අපිම හෝ අපිට ලඟම මනස උසස් වූවෝ. ඒ වගේම ගැහැණිය හැඟීම් උත්පාදනයේ ඉහලම තැනක ඉන්නවා. මේ එතනින් එහාට ගිය හැඟීම්, වචන කරපු ලියමනක්...."


Tuesday, August 11, 2009

කන ලඟ යාලුවා

සුන්දර බණ්ඩාරවෙල ඉපිද,උගෙන,ප්‍රේමයකුත් ඇතිකරගෙන වැඩිදුර ඉගනීමට කොළඹ පැමිණි ඔහු,පරිගණක ඉංජිනේරුවෙකු ලෙස නිමකිරීමට බලාපොරොත්තු වන උපාධියේ දෙවන වසරේ හෙවත් උසස් ඩිප්ලෝමාවේ උගනිද්දී මා ඔහුගේ කන ලඟ යාලුවා කරගනිමින් ඔහු කරගැහුවේ පාපයකටද යන්න මසිත කෑගැසුවද ඔහු කෙරෙන් ඒ බවක් පෙනෙන්නට නොමැතිවිය(එහෙමද දන්නෙත් නෑ).

හදිස්සියකට අදහසක් ඇවිල්ලා බ්ලොග් එකේ Draft එකක් දාගත්තැයි කියලා,පැයක් විතර මහා හයියෙන් බැන්නත්..මගේ පරම ආදරේ වෙච්ච හුරතල් මැරියන් ගැන හිත හිත හිටියා කියලා,වටපිටාවේ ඉන්න කෙල්ලෝ පවා හැරිලා බලලා අවඥාවෙන් හිනාවෙන තරමට කුණු කතා කිව්වත්..පාටියකට ගිහිල්ලා ලෙක්චර්ස් කට් උනොත්,පහුවදාට ආවහම ස්කාගාර වැහෙන තරමට කැත කතා කියලා බැන්නත්..ඒ බැන්නේ තරහකටවත්,පිස්සු නටනවාට ඇති අකමැත්තට වත් නොවී මම කියන චරිතය හෙවත් උගේ කන ලඟ යාලුවා විනාශ වීමට ඇති අකමැත්ත නිසාම බව මම හොඳින්ම දනිමි.

මොහු. . .වැඩිදුර අධ්‍යාපනය ලබන්නට මා සමග සෙට් වූ මිතුරන් අතරින් කෙට්ටු ෂෙහාන් සහ තඩියා ෂෙහාන් ට අමතරව,අපේ භාෂාවෙන් හොඳම බොක්ක හෙවත් හිත හොඳ කොල්ලෙක් විය.මගේ ජීවිතයේ මා දුටු අහින්සකම වුන් අතරින් පලමු තැන කෙට්ටු ෂෙහාන් ට හිමිවන අතර..දෙවන තැන අනිවාර්‍යයෙන්ම අත්කරගන්නේ මොහුය.තවද හරියා,මනා,ශ්‍රී,දොරේ ගේ ව්‍යවහාරයට අනුව,මොහු එනු දුටු විට මට පවසන්නේ "අන්න..උඹේ තාත්තා එනවා" කියාය.එසේ තාත්තා කියා කීවද අප දෙදෙනා එකිනෙකා ඇමතීමේදී කුණුහරුපයකින් තොරව අදහස් හෝ අපගේ සංවාද හුවමාරු කරගැනීමට මැලි වන්නෙමු.තවද එකම විදිහේ දේ වලට අසා නොකරන මුත් එකම විදිහේ දේ වලට වෛරකරන අප දෙදෙන,ඒ පිළිබඳ සිත් තුල ඇතිදේ පැකිලීමකින් තොරව එලියට දැම්මෙමු(ඒ පිළිබඳ මින්පෙර ළිපියකත් සඳහන් කර ඇත.).

අන්තර්ජාතික ව්‍යවහාරයට අනුව Desk Mate වන කන ලඟ යාලුවා යන්න...මුගෙයි මගෙයි මිත්‍රත්වයට අනුව කන ලඟ සහෝදරයා ලෙස වෙනස් විය යුතුය යන්න මා මතයයි.

ප:ලි :-මෙම ළිපිය මොහුත් මාත් අතර සිදුවන දරුණු මත ගැටුම් සහ අමනාප සමනය කරගැනීමට ලියන ලද්දක් නොවේ.තවද මෙයට අඩුවැඩියක් ලෙස කන ලඟ හතුරා විසින් මට විරුද්ධව අදහස් තීරයට එකතු කරන දෑ සියල්ල අසත්‍යයන් වන බවද කරුණාවෙන් සලකන්න.තවද මෙය වැඩි දෙනෙකුට අදාල නොවන බැවින්ද,මෙය උදෙක්ම මා විසින් පළකරන ලද්දේ මා මිතුරා වෙනුවෙන්ම බැවින්ද,මෙය කියවා යම් තරමක හෝ කාලය නාස්තිවීමක් සිදු වුනි නම් සමාව අයදිමි.
Digg It! Stumble Delicious Technorati Tweet It! Facebook

19 ක්ම තියෙනවා අදහස්:

කන ලග යාලුවා said...

මචං මට ඇත්තටම මොනා කියන්නද කියලා හිතාගන්න බෑ. කොහොම උනත් උබ‍ට ඇත්ත තේරිලා තියෙන එක ගැන මට සන්තෝසයි. මම මේ උබට දාන අන්තිම Comment එක. කන ලඟ යාලුවා ආයේ උබට Comments දාන්නේ නෑ.

Rachintha Jayawardhana said...

හිහ්හී... ඇයි මචෝ ඒ ?
එච්චර හිතන්න එපා බං !

sachi said...

gdk lassanai..hithta wadina wadak karala..matath ehema yaluwek hitiyanam kocara hodada kiyala hithenawa..dukedith sapedith ekawage inna...oyage yaluwa gdk hoda kenek ne..oya dennage mithuru kamata jaya wewa..matath ehema yaluwek labana athmedi wath labewwaaa...

කන ලඟ සහෝදරයා said...

වෙනස්වීම පමණක් නොවෙනස් ලෝකයේ කන ලග යාලුවා මෙතැන් සිට කන ලඟ සහෝදරයා ‍ලෙස නාමිකව පමණක් වෙනස් වන බව කරැණාවෙන් සලකන්න.

මට උබේ Blog එකේ ගැටලු තියෙන තැන් ටිකක් තියෙනවා,

1 - "ප්‍රේමයකුත් ඇතිකරගෙන වැඩිදුර ඉගනීමට" කියන එක. මොකද වැඩිදුර ඉගෙනීමට ආවට පස්සෙනේ ප්‍රේමය ඇති උනේ...!

2-"පරම ආදරේ වෙච්ච හුරතල් මැරියන්".පරම ආදරේ කියන්නේ,"මම එයාට බොක්කෙන් Love මචං" කියන එකට නමි ඔය කථාව වැරදියි නේද බන්?

අනිත් ‍ටික නම් ඇත්ත. මොකද මම කැමති නෑ මගේ ලග ඉන්න එකා නාස්ති වෙනවා දකින්න. ඒකයි මම උබ‍ට හොද වචන වලින් විතරක්ම කතා කරන්නේ. නැත්තන් උබ දන්නවනේ මම 1st year එකේ හි‍ටියේ කොහොමද කියලා. මම කැමති නෑ උබ චමල් වෙනවට.(චමල්නේ 1st year මගේ ලගින්ම හිටියේ)

උබ මගේ ජී‍විතේ දෙවනියට හමු උන හොදම යාලුවා. මට උබ ඉස්සල්ලම හම්බඋනේ 1st year එකේදි. විද්‍යා මාවතට හැරෙන තැනදි. මට හොදට මතකයි එදා උබ මට කතා කරලා කි‍විවෙත් බොරැවක්.(බොරැව මොකද්ද කියලා මම කියන්නේ නෑ).ඒ කා‍ලේ අපි වැ‍ඩිය Fit නැති උනාට දෙයියනේ කියලා 2nd year එක ගැන නම් කියලා වැඩක් නෑ. එහෙම ඇති වුන අපේ යාලුකමට මේ Blog එකත් ගොඩක් උදව් කලා නේද බන්?(මේක නිසා උබ බැනුම් ඇහු‍වෙම නෑනේ)

තව දෙයක්,
උබ නම් මහ මෝඩයෙක්. මොකද මගේ ගැන ලිව්වා කියලා මම උබට බනින එක අඩු කරන්නේ නෑ. මම ඊයෙත් බැන්නා, අදත් බනිනවා, හෙටත් බනින්න හිතාගෙන ඉන්නවා. උබ කරන හැම වැරැද්දකටම මම බනිනවා. මොකද උබ මගේ යාලුවා නිසා.

මොන දේ උනත් මගේ යාලුවා සහ ටොපිය සදා දිනේවා...!

Rachintha Jayawardhana said...

මම පැහැදිලිවම දාලා තියෙනවා මේක දාලා තියෙන්නේ අපේ වලි වලි ෂේප් කරගන්න නෙමෙයි කියලා.ඒක හින්දා ප්‍රශ්නයක් නෑ.මට මතක නෑ එදා උඹට කියපු බොරුව.මොකද මම එදා දවසට විතරක් බොරු සීයකට වඩා කියන්න ඇති.ඒ බොරුව උඹ මට කියන්න එපා.මොකද මට ඒක අහන්න ලැජ්ජයි.
අනිත් එක උඹේ දෙවනි කරුණ දැකලා මගේ මැරියන් මගෙත් එක්ක තරහ උනොත් එහෙම මම තෝව තියන්නේ නෑ.උඹ හොඳටම දන්නවා මම මැරියන්ට ගොඩාක් ලව් කියලා...එයා එහෙම නැති උනාට.
ස්තූතියි ! ඒ වගේම උඹටත් ජය වේවා කියලා පතනවා!

sachi said...

ehema thama hoda yaluwoo...kana laga sahodaraya saradeewa!!!!!!!
thanks 4 being a gud friend 2 him..

Rachintha Jayawardhana said...

@Sachi: ඔයාටත් එහෙම එකෙක් ලැබේවා කියලා ඉතසිතින් පතනවා.

Chrishi said...

දෙවියන්ට ස්තූතිවන්ත වෙන්න මට මගේ පාසල් කාලය අවසන් වෙනවත් එක්කම ඒ වගේ යාළුවෙක් හම්බ වුනා.
අනික මුචො කන ලඟ සහොදරයා එක උඹට කියලා තියන එකම කොච්චර දෙයක්ද ? අද කාලෙ වෙනවට වැඩ වල හැටියට.

Rachintha Jayawardhana said...

ඔව් බං ක්‍රිශෝ !
ඌ නං පිනට හම්බුඉවෙච්ච යාළුවෙක් !

Kaushalya said...

oyata hoda yaluvekne inne.boru kiyanna dannema na neda

Rachintha Jayawardhana said...

he..he..

දුකා said...

මාර සන්තෝශයි උඹලා දෙන්නගේ මිත්‍රත්වය දැකලා . . . . යාලුවෝ ගැන මම ලියපු බ්ලොග් එකකත් මට ආපු ඉමේල් එකේ තියෙන ටික මම ලිව්වා . . . අපේ දෙමාපියෝ නොවෙයි උනත් . . . දෙමාපියන්ටත් වැඩිය අපිට බනින්නේ යාලුවෝ . . .ඒ ඉතිං දෙමාපියන් වගේම අපිව හදාගන්න ඕන කියන පරමාර්ථයෙන් . . . . ප්‍රේමවන්තයෝ නොවුනට . . . ප්‍රේම කරන කෙනාට වඩා අපිට ප්‍රේම කරනවා . . . . යාලුකම කියන්නේ මාර දෙයක් මචං . . .

Rachintha Jayawardhana said...

ඔව් සිරාවටම දුකා අයියා.උඹ කමෙන්ටුවට ලියපු මේ කෑල්ල නං සහතික ඇත්ත.
"ප්‍රේමවන්තයෝ නොවුනට . . . ප්‍රේම කරන කෙනාට වඩා අපිට ප්‍රේම කරනවා . . ."

malee_msg said...

මේක කියෙව්වම මට මගේ යාළුවා මතක් උනා.. මං හරියටම පැයකින් එයාට කථා කරනවා . එයා මගේ කණ ළග යාළුවා උනේ ඒ ලෙවල් වලදි..! ඔය දෙන්නගේ මිත්‍රත්වය සදා දිනේවා..!!!

Rachintha Jayawardhana said...

බොහෝමත්ම ස්තූතියි මලී අක්කේ !

ඉන්දික said...

Ela ela machooo...honda blog ekak ape paththe enna..
http://ekewattuwa.blogspot.com/

thanks..& jayawewa!

Rachintha Jayawardhana said...

bohomathma thankuu macho !
ubatath Jayawewa !
aniwa ennan ubalage paththeth !!

Prabodha said...

honda yaluwek

Rachintha Jayawardhana said...

hmmm...uba uwa dannawane !

Post a Comment

කියෙව්වම හිතිච්ච දෙයක් ලියලා යන්න. බැරිනං නිකං ඉන්න.
සැඟවී විඳීමට අඥාතය පාවිච්චි කරන්න.
ජයෙන් ජය උඹලාට!