"හැඟීම් බොහෝමයක් තිබ්බට ඒවයේ උප්පත්ති මූලය බොහෝ වෙලාවට අපිම හෝ අපිට ලඟම මනස උසස් වූවෝ. ඒ වගේම ගැහැණිය හැඟීම් උත්පාදනයේ ඉහලම තැනක ඉන්නවා. මේ එතනින් එහාට ගිය හැඟීම්, වචන කරපු ලියමනක්...."

Wednesday, August 5, 2009

හිතට වද දෙන හොඳම මිතුරිය

හිතට වද දෙන දෙයක් ඉවත් කරගැනීමට ඇති හොඳම මග කොහේහරි ලියන එක කියලා මම කිව්වට,මේක ගැන එහෙම ලිව්වේ නැත්තේ මේක ඉතාම රහසිගත වගේම සුන්දර නමුත් වේදනාබරිතද වූ නිසයි.එහෙත් දුකා ලියා තිබූ ඔහුගේද සොඳුරු පෙම් හබයක් මගේ කථාව මෙලෙස එලියට එන්නට මහත් පිටුවහලක් විය.ඒවගේම මේක Draft කරන වෙලාව වෙනවිට සිරස නාලිකාවේ හින්දි චිත්‍රපටයේත් නළුවා මම වගේ නොවුනත් නිළිය නං ටිකාක් එයා වගේ.මේක ලියන්න ඒකත් රුකුලක් උනා.

අපේ පළමු හමුවීම පෞද්ගලික ටියුටරියකදී.එයා ඇඳලා ආවේ කළු පාට T-Shirt එකක්.ක්ලාස් එකේ කොල්ලොම ඔක්කෝම එදා ඉඳං මෙයාට ට්‍රයි.මටත් ඒක හිතුනේ නැත්තේමත් නෑ.ඒත් තදට දැනුනේ නෑ.මොකද මම එතකොට එක්කෙනෙකුට බොකු කඩාගෙන ලව්.කොහොමහරි ඔය දවස්වල,මම පන්තියේ කෑගහනවා කියලා සර් මාව කෙල්ලෝ දෙන්නෙක් ගාවට දැම්මා.එදා ඒතරම් නොවුනත්,පස්සේ කාලෙක වගේම තාමත් ඒදෙන්නා මගේ ජීවිතේට හුඟාක් ලංවුනේ නොදැනුවත්වමයි.

මට Note ලියලා දුන්නා.ගෙදර වැඩ කරලා දුන්නා.පොත් වලට කවර දාලා දුන්නා.මගෙත් එක්ක කෑවා.කොටින්ම කිව්වොත් ඒගොල්ලෝ ක්ලාස් එනකොට මට පැන්සලකුයි,රතු පෑනකුයි,අඩි රූලකුයි පවා ගේනවා(මමත් ඉතින් බොහෝම අමාරුවෙන් නිල් පෑනකුයි පොතකුයි උස්සගෙන යනවා).

ඉතින් මේ කථාවේ කථා නායිකාවට,ඒ කියන්නේ මගේ හොඳම මිතුරියට අපි ශලනි කියලා කියමු.එතකොට මගෙ එහා පැත්තේ හිටපු අනෙක් මිතුරියට තාරකා කියලා කියමු.ඉතින් මුල්ම දේ වුනේ ඔය ශලනි මගෙත් එක්ක හුඟාක් කුළුපගු උනාට පස්සේ...,එක දවසක් මම ගෙදර ඇවිල්ලා මගේ පොත්බෑග් එක ඇරලා බලද්දී(මම පාසලේ ඉඳලා කෙලින්ම පන්ති ආපු දවසක.)මගේ බෑග් එක ඇතුලේ ශලනිගේ පෙන්සිල් කේස් එක තිබ්බා.ඒකේ අමුත්තකට තිබ්බේ ඒ මුළු පෙන්සිල් කේස් එක පුරාවටම කොල්ලෙක්ගේ නමක් (අපි xxx කියමු.) ලියලා,එයාට ආදරෙයි..එයා තමයි මගේ ජීවිතේ කියලා තිබුනා.මම හිතුවේ ඕක මගේ බෑග් එක ඇතුලට දැම්මේ පන්තියේ කොල්ලෙක් වෙන්න ඇති කියලා.ඒත් දවස් දෙකකට විතර පස්සේ ආපහු ඇය හමුවුනාම තමයි ඇගේ මුහුණෙන් ඇතිවෙච්ච වෙනසෙන් දැනගත්තේ මේක ඇයගේ වැඩක් කියලා.ඉතින් මම මොකුත් නොවිච්ච ගානට එයාගෙන ඇහුවා xxx කවුද කියලා.එතකොට එයා ගත්තු කටටම කිව්වේ ඒ එයාගේ පෙම්වතා කියලා.ඊට පස්සේ එයා ගැන විස්තරත් ගොඩාක් කිව්වා.එයා මොරටුවෙන් බිහි වෙච්ච ප්‍රසිද්ධ පාසැල් ක්‍රිකට් ක්‍රීඩකයෙක්.

අන්තිමට එයා මගෙන් ඇහුවා එයාගේ හොඳම යාළුවා වෙනවද කියලා.මමත් ඉතිං ඒ දවස්වල තිබිච්ච අමුතු කිතියටත් එක්ක ගත්තු ගමන්ම හා කිව්වා.එදා ඉඳලා තමයි හුඟාක් දේවල් වෙනස් වුනේ.එදා ඉඳලා එයා මම එනකන් පන්තිය ගාව බලාගෙන හිටියා.මම නැති දවස් වල එයත් ගෙදර ගිහිල්ලා තිබුනා.මගෙත් එක්ක විතරයි කෑවෙත්.ටික දවසකින් මගේ කෙල්ලට කනින් කොණින් මේක ගැන ආරංචි ගිහිල්ලා තිබුනා.ඒක හින්දා මම සර්ට කියලා වෙනින් පේළියකට මාරු උනා.මට තේරුනා ශලනිගේ හිතේ මට කැමැත්තක් තියෙනවා කියලා පොඩියට හරි.නැත්තන් කෙල්ලෙක් මෙහෙම කරන්නේ නැහැනේ.එයා සර් උගන්නන වෙලාවටත් මගේ දිහා හැරිලා බලාගෙන ඉන්නව කියලා මගේ යාළුවොත් මට කියලා තියෙනවා වගේම මමත් දැකලා තියෙනවා.දවසක් මම එයාට මගේ කෙල්ල මට දීපු ප්‍රෙසෙන්ට් එකක් පෙන්නුවා.ඒක Pure Silver CROSS පෑනක්.ඒකේ කේස් එක ඇතුලේ එයා මට ආදරෙයි කියලා ලියපු පුංචි කොල කෑල්ලකුත් තිබුනා.ශලනි ඕක දැක්ක ගමන් ඒක අරගෙන දෙකට ඉරුවා.මම නොදැනුවත්වම මගේ කටින් එයාට නරක වචන ගොඩාක් කියවිලා බැණුනා.එදා ඉඳන් සමහර දේවල් වෙනස් උනා වගේම සමහර දේවල් හුඟාක් වැඩි උනා.

ඒ අතරේ අපේ පන්තියේ මේස වලත් වගේම මගෙ පොත්වල සහ අනෙකුත් භාන්ඩ වල,ඒ මදිවට පන්තියේ White Board එකෙත් මෙයා මගේ නමයි එයාගේ නමයි ලියලා තිබුනා.මම ඕක මගේ යාළුවෙකුට කිව්වම ඌ කිව්වා ශලනිට මාණසික ආබාධයක් ඇති කියලා.මටත් ඒක හිතිලා තිබුනා (නැත්තන් අච්චර ලස්සන හොඳට ක්‍රිකටුත් පුලුවන් එකෙක් ඉන්දිද්දී මම වගේ කාළකන්නියෙක්ට ලව් කරාවිද?)..තවත් දවසක් එයා මට එයාගේ පෙම්වතාව මට මුණගැස්සුවා.ඊට පස්සේ එයා කිව්ව එදා දවසම එයා xxx ගේ ගෙදර හිටියේ කියලා.මටත් ඒක ටිකාක් දැනුනා(ඇයි දන්නේ නෑ ?).ඊට පස්සේ තවත් දවසක් පන්ති තිබිච්ච නැති දවසක මට පන්තියට එන්න කිව්වා,වැදගත් දෙයක් කියන්න තියෙනවා කියලා.මමත් ගියා.එදා එයා මට කිව්ව "එයා කියන්න ආපු දේ මට කියන්න හිත්දෙන්නේ නෑ" කියලා.ඊට පස්සේ මගේ පපුවට ඔලුව තියාගෙන "අනේ මට ඔයාව අට වසරෙදි හම්බුනානං" කියලා අඬ අඬ කිව්වා.මොකද එයාට් එයාගේ පෙම්වතාව හමුවෙලා තියෙන්නේ නවය වසරෙදීලු.මම ඒවෙලාවේ මගේ දෝරේ ගලන්න තිබිච්ච ඔක්කොම හැඟීම් හිතේ තද කරගෙන හිටියා.මට එයා ගැන හුඟාක් දුක හිතුනා.

පන්තිය අවසන් වෙච්ච දවසේ රෑ එයා මාව පන්තියේ ඔක්කොමලා අස්සෙන් පන්තියේ කොණකට අරගෙන ගිහිල්ලා මාව බදාගෙන ඇඬුවා.මට කඳුළුත් ආවා.ඒවා එළියට නොදා ඉන්න බැරි උනා.එදා රෑ එයා මට Message එකක් එව්වා.

" Please..Leave me behind,but dont leave your soul !
Because no difference between you and your soul
But your soul is with your love in recent :'(
Please leave it to me... Please !!! "

ඊට පස්සෙත් අපේ ආශ්‍රය සාමාන්‍ය විදිහට තිබ්බා.ඒවගේම මේ වැඩේ හින්දා අපේ පන්තියේ කොල්ලෝ ගොඩාක් මගෙත් එක්ක හිත් නොහොඳ උනා(ගොඩාක් කිව්වට හතරක් විතර.).උන් තාමත් හිතාගෙන ඉන්නේ ශලනි මගේ ලව් එක කියලා(මගේ ලව් එක තමයි මැරියන් කියලා දන්නෝ දනිති.)..

මේ සිද්ධියෙන් අවුරුද්දකට විතර පස්සේ ශලනි රට යනවා කියලා මට කිව්වා එයා හම්බුවෙන්න එන්න කියලා.මමත් ගියා එදා අඟුලාන හන්දියේ Perera And Sons Bakers ඇතුලේදී එයා මගේ එක කම්මුලක ලාවට එයාගේ තොල් දෙක තියලා ගියා.තාමත් ශලනි මට Call කරනවා.ඒත් අපි දෙන්නා ගාවම ඉස්සර තිබිච්ච ලෙංගතුකම නෑ.දැන් එයාගේ ප්‍රේම කතාවත් ඉවර වෙලා.හැබැයි තාමත් මට එයා ගැන ඕප-දූප කතා ඇහෙනවා.එයාගේ චරිතය නරකයිලු.පන්තියේ සර් එක්කත් සම්බන්ධයක් තිබ්බලු.මට තාමත් හිතාගන්න බෑ... මට ඒවා විශ්වාස කරන්න හිතෙන්නේ නැත්තේ ඇයි කියලා.අනේ මන්දා...

ප:ලි :- මේක සත්‍ය සිද්ධියක්.මේක මම ලිව්වේ කෙල්ලෙක් මගේ පස්සෙන් ආවා කියන සංසිද්ධිය එළියට දාන්න නෙමෙයි.මගේ හිතේ මේක මතක් කරනකොට එන අමුතුම හැඟීම හින්දයි ලියන්න හිතුවේ.දුකා සහෝදරයත් කිව්වේ..වෙනින් කාටහරිත් මේ වගේ අත්දැකීමක් තියෙනවනම් මේක ලියන එක ගොඩාක් ප්‍රයෝජනවත් වෙයි කියලා.එහෙම නැතුව,මාව දැකලා තියෙන යාළුවෝ දන්නවා මේතරමටම ලස්සන ශලනි වගේ කෙල්ලෙක් තමුන්ගේ පෙම්වතාවත් අමතක කරලා දාලා මට ලව් කරන්න තරම් ලස්සනක් මගේ නෑ කියලා.සමහරවිට මගේ අදහස් ටිකක් පිස්සු හින්දා වෙන්න ඇති මට එයා කැමති වෙන්න ඇත්තේ.

Digg It! Stumble Delicious Technorati Tweet It! Facebook

41 ක්ම තියෙනවා අදහස්:

Chrishi said...

ඔහොම තමයි බන් ජීවිතේ මට දැන් මරෙන්න හිතෙනෙවා ඇයි මම 88 ඉපදුනේ නැත්තේ කියලා. මොනවා කියලා කරන්නද ? ඒත් ඉතින් ඔක්කොම වෙන්නෙ හොඳටනේ කියලා හිත හදාගන්න එක තමා හොඳ.

මුචලින්ද said...

හ්ම්ම්..හිත නං හැදිලා.ඒත් ඒ දවස් වල මරු !!!

දුකා said...

m m m ra wela coment ekak dannam . . dan office eke wada godai . . .

දුකා said...

maona unath dukai . . henatama dukai. .

මුචලින්ද said...

හ්ම්ම්ම්...ඔව් මචෝ

panhida said...

අපිට ඔය වගේ සිද්ධි වෙන්නේ නෑනේ.... :D

පොතේ ගුරා said...

ආහ්..නියම ලිපිය මචෝ,සිද්දිය නම් කණගාටුදායකයි..ඒත් දැන් මේව අතීතයට එකතු වෙලා ඉව‍රයිනෙ..
මේව දැක්කම මටත් මෙහෙම බ්ලොග් එකක් ලියන්න හිතෙනව බන්..මෙහෙම ලිපිම තමයි එහෙම උනොත් මගෙන් ලියැවෙන්නෙ..හික්z.. :)

මුචලින්ද said...

හිහ්හී...ලියපන් ලියපන් !!
ඒ කියන්නේ උඹට ඔහොම සිද්ධි ගොඩාක් තියෙනවද ? ;-)

taboosubjects said...

මේ මා ඔබේ අඩවියේ කමෙන්ට් එකක් පළ කරන මුල් වතාවයි.

මේ අපූරු අත්දැකීමකි. ආසාවෙන් කියැවූවා. එහෙත් දුකා කී පළියටම කතා කියන්න යන්නත් එපා. අප හැම දෙනාටම කියන්න කතා ඇත්තාක් සේම අපේ ඒවා කිව යුත්තේද අපේම විදියටයි. ආදර කතාවක් නම් නොවේ ඒත් මේක බලන්න, වෙලාවක් තිබුනොත්. http://taboosubjects.wordpress.com/2009/03/24/01

Supun Sudaraka said...

අපොයි! ඉරිසියාවේ බෑ... අපිට ඉතින් කොහෙද ඔයි වගේ ගෑනු ළමයි. :) හ්ම්... මොනවා වුනත් නියම සටහන... :)

මුචලින්ද said...

@TabooSubjects: නෑ මචෝ..දුකා කිව්වට පස්සේ තමයි හිතුනේ මේ අත්දැකීම විඳපු කාටහරි හෝ විඳිමින් ඉන්න කාටහරි මේක ප්‍රයෝජනයක් වෙයි කියලා.මොනව උනත් ස්තූතියි පලමු කමෙන්ටුවට ! මම ඔය කතාව කියෙව්වා මචෝ.කමෙන්ටුවක් දැම්මේ නැත්තේ ඒ වගේ දුර්ලබ ළිපියකට දාන්න හොඳ කමෙන්ටුවක් හිතිච්ච නැති හින්දා.

@Sudaraka: සටහන පිළිබඳ කමෙන්ටුවට ස්තූතියි !
ඒත් මල්ලියා..මේක ටිකාක් භයානකයි.මොකද පවුලක් කැඩෙන්නත් පුලුවන්නේ.කව්ද දන්නේ සමහරවිට මොකාක්හරි අමුතු මාණසික තත්වයක් මේක ඇතිවෙන්න බලපෑවද කියලා.නැත්තං මම වගේ එකෙක්ට....

Kanishka said...

@Chrishi
මම නම් 88 මචන්.. මොනවද කෙරෙන්න ඕන? :P :P

තාරක සමරණායක said...

හ්ම්ම්... මටත් ඔය වගේම අද්දැකීමක් තියෙනවා. ඒත් දැන්ම ඒක ලියන්න බැහැ ඒක සමහරවිට එයාට හොඳ නැති වෙයි මොකද එයා විවාහ වෙනවා මේ මාසෙ අන්තිමට. මේ සම්බන්ධයෙන් මම මුලින් ලියපු ලිපි දෙකක්ම මකලා දැම්මා ඒ නිසා. මේ තියෙන්නෙ මගේ බලොග් එකේ එයා වෙනුවෙන් ඉතුරු කරපු ලිපියක්.
http://ctharaka.blogspot.com/2008/12/blog-post_09.html
යතා කාලයෙදි ලියන්නම් සම්පූර්ණ කතාවම. ජීවිතේ අපි හිතන පතන දේවල් සේරම ඒ විදියටම සිද්ධ වෙනවනම් කොච්චර සුන්දර වේවිද නේද?

මුචලින්ද said...

මචෝ නම නැතුව ලියහන්කෝ.මොනව උනත් මගේ සිද්ධියේ පොඩි වෙනසකුත් තියෙනවා මචෝ.ඒකේ කැමැත්තයි අකමැත්තයි දෙකම තියෙනවනේ.

නම නොදනිමි. said...

මචෝ මොනා උණත් මාර දුකයි මටත් ඔයිට චුට්ටක් සමාන කතාවක් තියෙනව මේක කියවද්දියි ඒක තේරුනේ. ඒත්.. මට හිතෙන්නෙ මගේ කතාව තාම මුල ඒකයි මට බොක්කටම ඕක වැදුනෙ. හ්ම්...

@Chishi
මචං මමත් 88 ඒත් මට හිතෙන්නෙ මම 86 උනානං කියල :(

මුචලින්ද said...

@නම නොදනිමි: උඹටත් ඒවගේ අත්දැකීමක් තියෙන එක ගැන හිතට පොඩි දුකකුත් නැතුවම නෙමෙයි මචෝ.ඒත් මම මේ ළිපිය ලිව්වේ තවත් එක සහෝදරයෙක්ට හරි මේක දැනිලා ඇති කියලා හිතලයි.ඒක ගැන මට සතුටුයි.ඊටත් වඩා උඹ 86 ඉපදෙන්න ඕන කියලා හිතපු එක ගැනත් අවංකවම සතුටු වෙනවා.මොකද මචෝ මටත් එහෙම හිතිලා තියෙනවා.

Kaushalya said...

aneee me kathava nam aththatama dukai.but rachi datz life neda we never know how when where it will happen & how when where it will end so dnt wry its ur past

ludaya said...

ඹ්වා ඔහොම තමා මචන්.‍මම සිරාවට ලවි කරන ‍කෙල්ල මට වඩා අවුරැද්දක් වැඩිමල්..එයා 1989 ඉපදුනේ.මම 1990..එත් මචන් අපිට අවුලක් නැ..ගෙවල් වලින් නමි අලි කේස්..මොකද අපි දෙන්නාගේ වයස විතරක්ම නෙවේ කේස් එක.එයයි මමයි ළගම නෑදෑයො..ඉතින් නෑදාකමනුත් මගේ ‍අක්කා.ඒ කියන්නේ අපේ තාත්තගෙ‍් අයියාගේ ‍දුව තමා එයා..එත් මෙනවා කරන්නද මචන්ලා..අදරයට සීමා නැලුනේ..එයාට මන් නැ‍ත්නං බෑ..මට එයා නැත්නමි බෑ..ජීවිතේ හැටි හරි පුදුමයි..එන විදියකට මූණ දෙනවා..මොනවා උනත් මගේ සුංචි කෙල්ල නම් තනිකරන් නැ..අහිංසත පුංචි කෙල්ලෙක්

malee_msg said...

හප්පා... නිකං කෙටි කථාවක් කියෙව්වා වගේ.. හරිම සංවේදියි...

මුචලින්ද said...

@Kaushalya: ya..ya..no worries sizi !!Its sumthin aboyt da friendship.

@ludaya: සිරාවටම ඒක හොඳයි මචෝ..මමත් ඔය විදිහ ළිපියක් ලියනවා.මටත් ඔය විදිහම අත්දැකීමක් තියෙනවා.ඒකත් කියවලම බලහන්කෝ !!

@malee: සංවේදීත්වය සහ කෙටි කථාවක් කියෙව්වා වගේ කියපු එකට බොහෝම ස්තූතියි සහෝදරී !

මුචලින්ද said...

@panhida: මේ වගේ සිද්ධි නොවෙන එක හොඳයි.අලුත් අත්දැකීමක් උනාට,ඒක අපිට හිතන්න හුඟාක් දේවල් ඉතුරු කරනවා.මොන දේ කරන්න ගියත් ඒවා හිතෙනවා.අන්තිමට කරදරයක් වෙනවා.ඒ වුනත් නියමම අත්දැකීමක් !

කන ලග යාලුවා said...

කතාව නම් මරැ බන්. මාරෙට හිතට වැදුනා. උබ දන්නේ නැති උනා‍ට මටත් ති‍යෙනවා ඔය වගේම කථාවක්. උබ කියන කෙල්ල අදටත් උබට ආදරේ ඇති. ලෝකෙ කොහේ හරි හොදින් ජීවත් වෙනවා ඇති. ඒත් මචං මගේ කතාව ඊට ව‍ඩා වෙනස්.හැබැයි මචෝ මට දැන් හිතෙනවා හැමෝටම එහෙම කතා තියනවා කියලා.

කොහොම උනත් ජීවිතේ හැටි තේරැම් ගන්න එක කෝකටත් හොදයි...!

කන ලග යාලුවා said...

තව පොඩි දෙයක් ,

මොනා උනත් උබ මගේ කෙල්ලගේ නම මේකට ගත්ත එක වැරදියි මචෝ.
උබට වෙන නමක් තිබුනෙම නැද්ද
මගේ කෙල්ල කවදද බන් උබට Love කලේ..!

ටීඊඊඊඊඊඊඊක් ටීඊඊඊඊඊඊඊක්

එලකිරි දිගටම ලියපන්. හැබැයි මචෝ Lectures වෙලාවේ නෙවෙයි.

මුචලින්ද said...

ෂහ්..එළනේ !!!
මේක ලොකූ අත්දැකීමක් මචෝ.උඹේ කතාව මට හෙට කියහන්.මට තාම ආදරේ නං ඇති.ඒත් මම හිතන විදිහට එයා එච්චර සතුටෙන් නෙමෙයි ජීවත් වෙන්නේ.එයා මේ ළඟදී කතා කරපු විදිහෙන් ඒක තේරුනා.

ඕකනේ කියන්නේ..මම Lecture එක මැද්දේ බ්ලොග් ළිපි ලියනවා කියලා උඹ මට බැන්නට,මේ කථා උඹටත් අදාල වෙලා තියෙනවනේ. :D

මුචලින්ද said...

උඹට දැනෙන්න එක්ක තමයි උඹේ කෙල්ලගේ නම ගත්තේ.හැබැයි මතක තියාගනින් ඔය නමින් ලස්සන නිළියෙකුත් ඉන්නවා.අනිත් එක කොහොමත් උඹේ කෙල්ල මට ලව් නැහැනේ(ඒකි සත්තුන්ටනේ ආදරේ).

-බිன்ku- said...

මුවා, උඹේ ලිපියට උත්තර දෙන්න බැරි මේ කතාව එච්චරම සංවේදී නිසා.


"(ඒකි සත්තුන්ටනේ ආදරේ)"

ඇයි උඹ සර්පයෙක් නෙමේද? :P

මුචලින්ද said...

කතාව සංවේදියි කිව්ව එකටනම් බොහෝම පිං මචෝ !
ඒත් උඹ දෙවනියට කිව්ව කථාවටනං පිං ඔක්කොම කැපිලා යනවා :පී :පී

Supun Sudaraka said...

ඕයි! මං දැන් මේක කියවන සියවෙනි පාරද කොහෙද... තාම කියවනවා අප්පා....

මුචලින්ද said...

හිහ්හී සහෝ !
අලුත් ළිපියක් දාලත් ඉවරයි.මොනව උනත් ස්තූතියි කියවනවට !

angel said...

පට්ට කතාව... මම වගේ ඒක පාර්ශවික ප්‍රේමයක් කරන කෙනෙක්ට බොක්කටම වදින කතාව...

මුචලින්ද said...

ස්තූතියි මචෝ !
ඒක පාර්ශවික ආදරෙත් මරු.මමත් කරල තියෙනවා.වලි නෑ.සල්ලි යන්නේ නෑ.ගෙදරින් බැණුම් නෑ.ෆුල් ෆන් එකේ ලව් කරන්න පුළුවන්.

sachi said...

athithaya sihinaya pamanai...

මුචලින්ද said...

hmmm..

Prabodha said...

uba dannawane matath oya wage ath dakeemak thiyanwa ,karuth kiyana awa piliganna apa ahatadakinakan,athakotathama godak wada waradinne,kohoma unath hithe thiyanwa aka kata hari qwama hithe duka nathi wenawa kiyala dana gaththa aka hondai................

මුචලින්ද said...

ow aththatama macho..
kaatawath kiwwe nathi unath aduma tharame thamun kohe hari liyala thibbath eka hugak watinawa.

-බිன்ku- said...

"ගෙදරින් බැණුම් නෑ.ෆුල් ෆන් එකේ ලව් කරන්න පුළුවන්."

එහෙමත් නෑ නේද?

"අනේ මේ ළමයට උණ සන්නියද කොහේද! කන්නේ නෑ බොන්නේ නෑ, නිකං ලිපේ දාපු කකුළුවා වගේ"

"මේ මචං, ගොනා වගේ ඉන්නේ නැතිව එකිව අමතක කරපං බං"

"ඇයි අඩෝ, (ඇයගේ නම) එක්ක කරපං" (අපහාසාත්ම වැකි)

එව්වා නැද්ද? අතල් වගේම වෙලාවක දුකක් දැනෙනවා නෙව?

මුචලින්ද said...

හිහ්හී... සිරාවටම ඔව් බින්කුවෝ !

සුදු මහත්තයා said...

ඇත්තටම මටත් තියෙනවා මේ වගේම අත්දැකීමක්. ඒත් ටිකක් නෑ ගොඩක් වෙනස්. ඒක ලියන්න හිතුනත් ලියන්න ගියහමත් දුකයි.

ජීවිත කාලෙම ආශ්‍රය කලත් ගෑණු ලමයි තේරුම් ගන්න අමාරුයි

SEEKING ME said...

ඒවා ඒෙහම තමයි. ඔවා මිනිස් හිත්වල හටගන්න හැගීම්.හැගීම් වලක්වන් අමාරුයි.ෙම් හැම ෙද්ම ෙවන්ෙන් මිනිස් ෙලා්ෙක්.
කලින් කියලා සිද්ධ ෙවන්ෙන් නෑ. නමුත් ඒ හැම ෙද්ම පාලනය කරලා අපිව ශික්ෂිත කරන්ෙන් සංස්කෘතියයි.

(අාදරය ඒෙහම තමයි.
කවදා, කාට , ෙකාතනැක ෙකාෙහාම අැතිෙවනවද දන්ෙන නෑ. ඒත් ඒ අාදරය.)

මුචලින්ද said...

hmmm...
ow machang !

මුචලින්ද said...

ow..sudu mahaththayo !
eka nan aththa !

Post a Comment

කියෙව්වම හිතිච්ච දෙයක් ලියලා යන්න. බැරිනං නිකං ඉන්න.
සැඟවී විඳීමට අඥාතය පාවිච්චි කරන්න.
ජයෙන් ජය උඹලාට!