"හැඟීම් බොහෝමයක් තිබ්බට ඒවයේ උප්පත්ති මූලය බොහෝ වෙලාවට අපිම හෝ අපිට ලඟම මනස උසස් වූවෝ. ඒ වගේම ගැහැණිය හැඟීම් උත්පාදනයේ ඉහලම තැනක ඉන්නවා. මේ එතනින් එහාට ගිය හැඟීම්, වචන කරපු ලියමනක්...."


Sunday, August 16, 2009

මේ ඉරිදා ගිය ඉරිදා වාගේ නං නෙවෙයි. . .

මේ ළිපියට මුලින් දාලා තිබිච්ච නම තමයි අද දවස.මේක සතියක් පරක්කු නිසාත්,අද දවස කිව්වම නිකන් ජ්‍යෝතිෂය පැත්තට බරයි වගේ දැනෙන නිසාත් එම්.එස්. මහත්තයගේ සින්දුවක කෑල්ලක් සංස්කරණය කරලා දැම්මා.ඔන්න ඉතිං මෙහෙමයි ගිය ඉරිදා කතාව.ඒ මදිවට දුකා අයියාගේ කථා කියවලා . . .කථාව මැද්දේ දිගට හරහට තිත් පේළි.හැබැයි ඒකත් මරු වැඩේ.ඒකේ ලොකු හැඟීමක් තියෙනවා.

සුපුරුදු පරිදි පාන්දර 11ට විතර නැගිටලා තත් තුනක් විතර තිබිච්ච ගිටාරයෙන් සරිගම කකා ඉන්නකොට අපේ ගෙදර බුදුන්ගෙන් නියෝගයක් නිකුත් වුනා.
"කිරි එක බීපාන්. . . "
මමත් ඉතිං සුනඛයා වගේ ඒක බොන්න කියලා කුස්සිය පැත්තට ඇදෙනකොට පියාණෝ මහා කැත හිනාවක් දාගෙන කාමරේට ගියා.මලහතිල්ලව්වයි. . සරොං කටට වඩා ලොකු හිලක් මගේ සරම මැද්දේ වැජඹෙනවා.ගැලෙව්වා සරම. . ඇඳගත්තා ෂෝටක්.බිව්වා කිරි එක.ආවා කාමරේට (පියාණෝ කියන විදිහටනං ගුබ්බෑයමට).ඉරිදා දවසනේ. . .දැම්මා ඔළුව ටීවී එකට,අක්කා නගෝ ඉන්නවද බලන්න.එතකොට උං දවල්ට කාලා බුදිලු.මම ඒක දාද්දී දොලහමාරට විතර ඇති.මොකද්දෝ හින්දි කුණුහරුපයක් තියෙනවා කියලා තිබ්බත්,මම ඔය කෙහෙල්මල් බලන්නේ නැති හින්දා ගියා මූණු පොතට ඇබ්බැහි වෙන්න.ආතල් එකේ වත්තකට පැනලා පලතුරක් කඩාගෙන ඉන්නත් පුළුවන්නේ.

දෙයියනේ කියලා නදීක ගුරුගේ ගේ උත්ථානය අහගෙන ඉන්නකොට ලිලානයගෙන් කෝල් එක ආවා ගයානයගේ ගෙදර යන්න ලෑස්ති වෙයන් කියලා.බුදු තාත්තේ. . ඊට පස්සෙනේ මතක් වුනේ ඌ ගෙදරට ගෙවදිනවා කියලා.ඉතිං උගේ අපාය සහය මිත්‍රයෝ වෙච්ච අපි නොගිහින් බැහැනේ.අපිත් ඉතිං පොඩ්ඩක් හරි ගෙදරට ගොඩවදින්න එපැයි.දවල්ටත් බත් පාරක් කාලා,රුපියල් දාහකුත් ගෙදරින් කොටාගෙන ලිලානයයි මායි ආපිකෝ එක ළඟදියි සෙට් වුනා.ඉතිං ආපිකෝ එක ඇතුලේ රවුමක් ගහලා සල්ලි සල්ලි කියලා බලන්නේ නැතුව ගත්තා රුපියල් දාහකට බිත්ති ඔරලෝසුවක්.අනේ හැබෑටම මෙහෙමත් නාටක කියලා. . .දෙන්නා ගාවම පන්සීය ගානේ ඉතුරුයි.ඕක ගෙදර ගෙනිච්චොත් තාත්තගෙන් බැණුම් අහන්න වෙනවානේ. .සමහරවිට ගුටිත් කන්න වෙයි(මොකෝ හිනාවෙන්නේ ?).ඉතිං ගියා රැජිණ කැෆේ එකට.ඒවටත් ගැලපෙන්න නං දානවා නේද. .කැෆේ නෙමෙයි කැපේ.අපිත් සබ්මැරීන් දෙකක් ගිලලා පෙප්සි දෙකක් ඇදලා දාලා. .දෙයියනේ කියලා රුපියල් අටසීයක් ගෙවලා ආවා.

ඊට පස්සේ ඉතිං පුරුදු පරිදිම තියෙන දුරම පාරෙන් උන්ගේ ගෙදරට ගියා.ගිහිල්ලා ආපහු පාරක් කෑවා.කාලා කූල් ඩ්‍රින්ක්ස් දෙකකුත් බිව්වා.යාළුවෝ කියන කතාව හරි.මට තියෙන්නේ රබර් බොක්කක්(කන්න කන්න ඇදෙනවා).ඕන්න ඉතින් සුපුරුදු පිස්සෝ සෙට් එක සෙට් වුනා.ඔමා,මම, චංකයා,ලිලී,ජෝන්,ගයියා සෙට් වෙච්ච තැනක පාළු නෑ.බිව්වෙත් නෑ.බෙඩ්ෂීට් පාටියකුත් දාලා මහන්සි හින්දා අටට විතර රෑට කෑවා.කෑවා කිව්වට කෑවෙම නෑ ගිල්ලා.ෆ්‍රයිඩ් රයිස්,චිලී චිකන්,චොප්සුඉයි,චිලී පේස්ට්. .ඊට පස්සේ දැවිල්ල හින්දා වටලප්පං පෝඩ්ඩකුත් කෑවා.

ආපහු බෙඩ්ෂීට් පාටියකුත් දාලා. . බොරු ටිකකුත් කියලා. . . ගෙදරට මංගැච්චුවා.චංකයාගේ වාහන එලවිල්ලත් හොඳ හින්දා අවුලක් නැතුව දොලහා වෙද්දී ගෙදර ආවා.ඊට පස්සේ ඉතින් මාතෘත්වයෙනුයි,පීතෘත්වයෙනුයි අහපු බැණුම් ගැන ලියන්න ඕන නෑ.හොඳකට තිබ්බේ මගේ මැරියන් බැනපු නැති එක විතරයි.
Digg It! Stumble Delicious Technorati Tweet It! Facebook

24 ක්ම තියෙනවා අදහස්:

sachi said...

maha ra gedara enakota mariyan hitiye nathi eka thama hoda...

Rachintha Jayawardhana said...

ow..mawa dakkanan iwarai

කොබා said...

මචාන්...මේක මම අනිත් ඒවාට වඩා රස වින්දා...
එල එල..කීප් ඉට් අප්...

said...

උඹේ ඇඟේ ස්යිස් එකේ හැටියට කන ප්‍රමානේ ගැන පුදුමෙකුත් නැහැ හැබැයි

Ajith said...

ඔබේ ලේඛන ශෛලිය හරිම රසවත්

Rachintha Jayawardhana said...

@කොබා: ස්තූතියි මචෝ !
උඹේ කමෙන්ටුව ලොකු හයියක් !

Rachintha Jayawardhana said...

@මරණේ: එහෙම නැතුව බැහැනේ බං..කන්නත් එපැයි !

Rachintha Jayawardhana said...

@Para: තැන්කියූ වේවා මචෝ හෝ මචී !
මේ මම කතා කරන විදිහනේ.

Prabodha said...

ada gana hithaa poddakkamaad karanna passata hondai nathnam passta amarui wewi

Rachintha Jayawardhana said...

@Prabodha: ow ow machoe..mama heta idam Dieting !

sanjeew said...

අ‍පෙ‍ත්‍ එ‍කෙ‍ක්‍ හි‍ටි‍යා‍ 'ග‍යි‍යා‍' කි‍ය‍ල‍, ඌ‍ත්‍, උ‍ඹ‍ ව‍ගේ‍ ත‍ම‍යි‍, ඇ‍ග‍කු‍ත්‍ නෑ‍, කො‍ච්‍චර‍ කෑ‍ව‍ත්‍ ඇ‍ති‍ත්‍ නැ‍හැ‍, ම‍ට‍ ඌ‍ ම‍ත‍ක්‍ උ‍නා‍ මේ‍ක‍ දැ‍ක්‍ක‍ම‍

sachiiii said...

kana bona widiya nam tikak adu kara ganna eka thama hoda..neeedaaaaaa??????????

malee_msg said...

මේක කියවන්න ගත්තේ වතුර බිබී.. ‍තව පොඩ්ඩෙන් ඉස්පොල්ලේ ගිහිං මැරෙනවා..! හිකිස්.. හරි ජොලි මේක ලියලා තියන විදිය.

Rachintha Jayawardhana said...

@Beautiful Srilankaහිකිස් මචෝ..හැබැයි මගේ නං ඕනවටත් වඩා ඇඟ තියෙනවා.

Rachintha Jayawardhana said...

@Sachi: ow ow

Rachintha Jayawardhana said...

@Malee: හිහ්හී.. තැන්කූ මලී අක්කේ..මට මැවිලා පෙනුනා ඔයාට ඉස්මොල්ලේ ගිය හැටි !

Kaushalya said...

he he labana irida me irida wagema weida danna neda.ayeth ra vela enna puluvannam

Rachintha Jayawardhana said...

oya kiyawanawanam ithin apahu ra wela ennam !
ena iridath ehema weida danne na

Kaushalya said...

aneeeee epaaa......ehema vunothnam mariyange banui ahanna vei man hithanne

Rachintha Jayawardhana said...

ammoh !!!
ehenan enne na..
anith eka mage mariyan mata baninne na.eya mata godaak adareine !

දුකා said...

නියමයි . . . සිරාවටමට . . . පාසැල් ගිය කාලෙ මතක් වුනා මට නම් . . . !

Rachintha Jayawardhana said...

හ්ම්ම්ම්...ඒ කාලේ නියමයි තමයි දුකා අයියේ !

Narada said...

ඔහොමම නැතු වුණත් ඔය වගේ වෙනස් 'මිහිරි' ඇන්ඩ් 'ආතල්' කාලයක් කිබ්බා මචං.

පිස්සු නැටුවා මැදැයි උඹ!

Rachintha Jayawardhana said...

හිහ්හී...ඔව් දැන් නං ඇති කියලා හිතෙනවා බින්කුවෝ !

Post a Comment

කියෙව්වම හිතිච්ච දෙයක් ලියලා යන්න. බැරිනං නිකං ඉන්න.
සැඟවී විඳීමට අඥාතය පාවිච්චි කරන්න.
ජයෙන් ජය උඹලාට!