"හැඟීම් බොහෝමයක් තිබ්බට ඒවයේ උප්පත්ති මූලය බොහෝ වෙලාවට අපිම හෝ අපිට ලඟම මනස උසස් වූවෝ. ඒ වගේම ගැහැණිය හැඟීම් උත්පාදනයේ ඉහලම තැනක ඉන්නවා. මේ එතනින් එහාට ගිය හැඟීම්, වචන කරපු ලියමනක්...."


Sunday, August 16, 2009

ඔබට අවැදගත්. . මට වැදගත්. . .


මේක මම අද පළකරන්න හිටපු ළිපිය නෙමෙයි.අද පළකරන්න හිටියේ පසුගිය ඉරිදා මට වෙච්ච සිද්ධි ගැන.ඒත් මේක කරන්න උනේ. . මගේ ජීවිතේ එක බඩවැල කඩාගෙන නොආවත් තමුන්ගේ සහෝදරයෙකුට තරම් ආදරය කරන,උපදෙස් දෙන,බනින,ගහ,මේ බ්ලොග් එකෙත් විශේෂ ස්තූතියක් හිමිවෙලා තියෙන නිදර්ෂනී අක්කා මගෙත් එක්ක තරහා වෙලා ඉන්න එක හේතුවෙන්.අන්න එතනදියි මේ ළිපිය ඔබට අවැදගත් වෙලා මට වැදගත් වෙන්නේ.මේක ලියන වෙලාව වෙනකොට මගේ හිතේ තියෙන දුක දන්නේ මම විතරයි.ඒ දුක අඩු කරගන්නයි මේක මගේ බ්ලොග් එකට ලියන්න හිතුවේ.එහෙම නැතුව ඕගොල්ලොන්ටත් මේක මුලින්ම කියවගෙන යනකොට හිතෙන,ෂේප් කරගැනීමේ න්‍යායෙන් නෙමෙයි මේක ලියන්නේ.

ක්ලාස් එකේදී පලවෙනි පාරට හිනාවුනාම,පස්සේ කාලෙක මේ තරම් ළෙන්ගතු සහෝදරියෙක් වෙයි කියලා හීනෙකින්වත් හිතුවේ නෑ.මුලින්ම පාර මට කෙමිස්ට්‍රි කියලා දෙනකොට (ඒක කිසිම වැදගම්මකට නැති විෂයක් උනත්)මම බොහෝම උනන්දුවෙන් අහගෙන හිටියා.එදා මට කියලා දුන්නේ Fe නොහොත් යකඩ ගැන.හැමදාමත් කෝල් කරා.දුක සැප හෙව්වා.මූණු පොතට එයා ආවට පස්සේ අපි තවත් ලං වුනා.මේක ලියනකොට මට හිතුනා මගේ කලින් ළිපියක් වෙච්ච ත්‍රී සිස්ටර්ස් ළිපිය ෆෝ සිස්ටර්ස් කරානං හොඳයි කියලා.ඒකේ සඳහන් කරපු සහෝදරියන්ගෙන් මට ලේ නෑකමක් වත් තිබුනත්,එහෙම සම්බන්ධයක් හෝ නොතිබී එයා මට මට මෙච්චර ලෙන්ගතු වෙච්ච එක ගැන මට ආඩම්බරයි වගේම පුදුමයි.

මගේ කලිං ළිපියකත් සඳහන් වෙච්ච මගේ හත් දෙනාගේ මිතුරු කැලේ එකෙක් එක්කම ආදරෙන් වෙලිලා ඉන්න මගේ අක්කා. . .(මට පොඩ්ඩක් ආඩම්බරයි. .මොකද ඒ දෙන්නා සෙට් උනෙත් මම හින්දා).එයාගේ ඕනම ප්‍රශ්ණයක්. .කොටින්ම කිව්වොත් වැඩකරන තැන,යාළුවොත් එක්ක ගමන් බිමන්,ගෙදර දේවල්,ඒ වගේම එයාගේ කම්පියුටරේ කැඩුනහමත්,කොටින්ම කිව්වොත් ඔවුන්ගේ ප්‍රේමාන්දරය ගැනත් මගෙත් එක්ක කියලා තියෙනවා.අපි කොච්චර රණ්ඩු වෙලා තිබ්බත් කවදාවත් තරහා වෙලා නැති හින්දා මේක මට හුඟාක් දැනෙනවා.

කවදාවත්ම එයා මට මල්ලී කියලා විතරක් කතා කරලා නෑ.මගේ මල්ලියෝ කියන සුපුරුදු ආදර බර වචන මතක් වෙද්දී දැන් හරිම දුකයි.මම දන්නේ නෑ ඒක මම කොහොම දරා ගන්නද කියලා.මගේ ෆොටෝ එකකට මුල්ම කමෙන්ටුව දාන,මගේ ඕනම නින්දිත වැඩකට මුලින්ම බනින,මගේ විභාගයකට මුලින්ම සුභ පතන මගේම අක්කාව නැතුව හිතට දැනෙන පාළුව හුඟාක් දරුණුයි.මගේ මැරියන්වත් හිටියේ නැත්තං මම ඉවරයි.

මේ ඔක්කෝම සිද්ධි උනේ මගේ කරුම කට හින්දා.මේක ගැන අපේ සහෘදයෙක් වෙච්ච ක්‍රිශාන් හොඳටම දන්නවා.නිදර්ෂනී අක්ක හැමදාම මට කියන "ඔයාගේ ෆොටෝ වලින් Exhibition එකක් තියමු මගේ මල්ලියෝ" කියන වචන පේළිය කිව්වම ඉස්සර මගේ කටින් පිට වෙච්ච "පිස්සුද අක්කේ. .මගේ එව්වත් ෆොටෝ ද?" කියන පිළිතුර වෙනුවට දාහතර වෙනිදා මගේ කටින් "රෙද්ද" කියන වචනේ කියවුනේ මොන කරුමයකටද මන්දා.ඒක ගැන මම දැනටත් හුඟාක් පසුතැවෙනවා වගේම දහස් වාරයක් මගේ අක්කාගෙන් සමාව ඉල්ලනවා.

ප:ළි :- මේක Draft කරලා මොහොතක් යන්නත් කලින් සතුටු හිතෙන සිද්ධියක් වුනා.මගේ අක්කා මූණු පොතෙන් පණිවුඉඩයක් එව්වා මෙහෙම.

"මම හැමදාමත් ඔයාගේ අක්කා !!
ඒක වෙනස් වෙන්නේ නෑ මගේ මල්ලියෝ."
Digg It! Stumble Delicious Technorati Tweet It! Facebook

23 ක්ම තියෙනවා අදහස්:

sachiii said...

meka awadagath lipiyak nemei ne.sahaodarakam adunanne nathi ada loke hamotama adarashamath katahwak.jeewithe demawpiyo arunama ,mulu hithinma kenekge dyunuwa pathana aya adui..ekata karunawantha hithak thiyenna one..ewage hithak thina akka kenek labeema oyage loku wasanawak...oya dennage sahodarathawaya hama datama pawathinna kiyala pathanawa..

Rachintha Jayawardhana said...

godaaak thankuu sachiyoo !

ශාකුන්තල | Shaakunthala said...

:D

Rachintha Jayawardhana said...

ශාන්තකුල අයියා..මේ ඔයාගෙන් මගේ බ්ලොගයට පලවෙනි කමෙන්ටුව නේද ?
තැන්කියූ වේවා !

Kaushalya said...

ehema thamai akkala tharaha vela inna amarui adare vadi hinda.varadi vadakne karala thiyenne aye ehema oya vage vada karala hitha riddanna epa akkage

ශාකුන්තල | Shaakunthala said...

ශාන්තකුල? :D :D
මම නං ශාන්ත චරිතයක් නෙවෙයි. :)

Rachintha Jayawardhana said...

ok ok...
apahu nan mehema katha kiyanne na.

Rachintha Jayawardhana said...

@ශාකුන්තල: සොරි වෙන්ඩ ඕන අයියේ !
පලවෙනි පාරනේ..ඒකයි වැරදුනේ

ශාකුන්තල | Shaakunthala said...

අනේ බං! විහිළුවක් කළේ. ;)

දුකා said...

meeta passe wath kata parissam kara ganin . .. hikz

said...

අපි එයාට මේක පෙන්නමු බන්
ඕක ඔච්චර බරපතල වචනයක් නෙමෙයිනේ
මේ ප්‍රසිද්ධියෙම ගහලා තියෙන්නේ

Chrishi said...

මචන් සොරී වෙන්න ඔනේ. මම මුහුණුපොතේ මැසෙජ් එක කියවපු හදිස්සියට මට හිතුනේ උඹේ මැරියන් තරහා වෙලා කියලා. එකයි අර විදියේ එකක් එව්වෙ. දහස් වාරයක් සමා වෙන්න ඕනේ එකට.
ඔහොම තමයි බන් සමහර වෙලාවට අපිට අපිව පාලනය කර ගන්න බැරි වෙනවා. එත් ඉතින් ඒක තේරුම් ගන්න පුලුවන් අක්කා කෙනෙක් ඉන්න එක නම් ගොඩක් ලොකු දෙයක්. ඇත්තටම එක තමයි සැබෑ මිත්‍රත්වය කියන්නේ.

Rachintha Jayawardhana said...

@දුකා: ඔව් මචෝ..මීට පස්සේ නං ඕන දෙයක් කියන්න කලින් දෙපාරක් හිතන්න ඕන.

Rachintha Jayawardhana said...

@මරණේ: හිහ්හී මරණේ..අක්කා මේක දැක්කා නං මරු !
ෆන්ටර් ෆොටෝ එක මචෝ

Rachintha Jayawardhana said...

@Chrishi: ඒක අවුලක් නෑ ක්‍රිශෝ !
එයා ඇත්තටම හොඳ සහෝදරියෙක් !

Travel Ceylon said...

දැන් ඉතින් ඔක්කොම හරිනේ...........

Rachintha Jayawardhana said...

ඔව් ඉතිං. . දෙයියනේ කියලා.

Prabodha said...

anan gannaapa seramahari yawi ,baya wennaapa

Rachintha Jayawardhana said...

hmmm..

NUWAN said...

දෑන් ඉතින් හිත හොදයිනෙ..

Rachintha Jayawardhana said...

ඔව් සහෝ..ඒත් ඒක ගොඩාක් හිතට දැනුනා.

Narada said...

වැදගත්-නොවැදගත්කම ඉතිං මචං හරියට තුවාලේ හැටි දන්නේ තුවාලකරුගේ කතාව වගේ තමා.

නැද්ද මම කියන්නේ?

Rachintha Jayawardhana said...

ඒකනේ කියන්නේ සහෝ..
ඕනම එක්කෙනා මේක කියෙව්වා..ඒ ඇති

Post a Comment

කියෙව්වම හිතිච්ච දෙයක් ලියලා යන්න. බැරිනං නිකං ඉන්න.
සැඟවී විඳීමට අඥාතය පාවිච්චි කරන්න.
ජයෙන් ජය උඹලාට!