"හැඟීම් බොහෝමයක් තිබ්බට ඒවයේ උප්පත්ති මූලය බොහෝ වෙලාවට අපිම හෝ අපිට ලඟම මනස උසස් වූවෝ. ඒ වගේම ගැහැණිය හැඟීම් උත්පාදනයේ ඉහලම තැනක ඉන්නවා. මේ එතනින් එහාට ගිය හැඟීම්, වචන කරපු ලියමනක්...."


Wednesday, December 23, 2009

සිද්ධිය

සිද්ධිය කියලා කිව්වට මේකේ ඇති මහ ලොකු සිද්ධියක් නම් නෑ.මෙතනදි මේක ලියන්න ලොකුම හේතුව වුනේ අපේ එකෙක් පාරේදි හම්බවෙලා මගේ මූණටම කියපු මහ ජරා කතාවක්.ඌ ගත්තු කටටම කියපු "මොනාද උඹේ බ්ලොග් එකේ කියන කයි කතන්දර.තොගේ මලඉලව් ලව් ගැනයි,දුකයි,සල්ලි නැති එකයි ගැනම ලියන්නේ ලියහන්කෝ අර මේ ඉරිදා ගිය ඉරිදා වාගේනං නෙවෙයි වගේ එකක්" කියලා.මාත් ඉතිං ඌට එක කුණුහරුපයක් වත් කියන්නේ නැතුව. . .ගොනා වගේ "හඃ" කියලා නොඉඳ "ලියන්නන් මචන් එකට පහක්" කියලා කිව්වා.මටත් ඉතින් මගේ බ්ලොග් එක කියෝපු එකෙක් හිටියොත් ඌව කෑම වලටත් වඩා වටිනවනේ.ඕක වෙලා මාසයක් විතර ගත උනාට පස්සේමේ රට හරකව ආපහු පාරක් පාරෙදි හම්බුනා.ඊට පස්සේ ඌ කියපි "යකෝ තෝ තාම පාඨක ඉල්ලීම ඉෂ්ඨ කරේ නෑ නේද?තෝ ලියනවැයි කිව්ව පහෙන් හතරක් අහවල් තැන ගහගන්.ඉතුරු එක පෝස්ට් කරපන්" කියලා.ඔය වගේ කුණු කතා වල අවසානයක් දකින්න ඕන නිසා,මම ඉතින් හිතුවා ලියන්න සිද්ධියක්.මේක එක අතකින් දුක්බර සිද්ධියක්....ජොබක් කරගෙන ආතල් එකේ හිටපු කොල්ලෙක් හිරේ ගිය එක අපි සමරපු විදිහ තමයි මේ කතාවේ තියෙන්නේ.

මේ කතාව පටන් ගන්නේ අපේම කියලා ඉන්න යාලුවෝ හත්දෙනාගෙන් එකෙක් වෙච්ච ගිහාන් නොහොත් දෙමලාගේ හෙලු දවස හෙවත් උපන්දින උත්සවය දවසෙයි.ඌට දෙමලා කියන්නේ මේකප් දැම්මත් නොදැම්මත් ඌට තියෙන්නේ මාර හොලිවුඩ් ලුක් එකක් [:කැපිටල් පී] එහෙමත් නැත්තන් [දිව දොට්ට දැමීම].කතාවට කියන්නේ ඕකට පවුඩර් ගෑවොත්,ඒවත් කලු පාට වෙනවයි කියලා.ඉතිං ඔය හෙලු දවස වෙනුවෙන් ගත්තු පාටියෙදී අපේ හත්දෙනාගෙන් ලංකාවේ ඉන්න පස්දෙනා සෙට් උනා.ඔතනදී තාලෙට අත්පුඩියක් ගහගන්න බැරි උනත්,තමුන් කට ඇරියම අමරදේව මහත්තයාටත් ඊරිසියා හිතෙනවැයි කියලා හිතාගෙන ඉන්න......,හැම සුපර් ස්ටාර් එකේම පොදු සාධකය වෙච්චි ලිලාන් එන්විලොප් වගයක් බෙදුවා.මුලදී සල්ලි කියලා හිතන් උන්නත් පස්සේ ඕකගේ වරිගේ හැටි මතක් උනාම දැනගත්තා තවත් අතින් කයිට් වෙන වැඩක් කියලා.

ඔන්න ඔය විදිහට තමයි ලංකාවේ තවත් අසරණ කොල්ලෙක් කෙල්ලෙක්ට පෙම් කිරීමේ වරද මත සිරගත කරන්න තීන්දු වුනයි කියලා අපිට දැනගන්න ලැබුනේ.ඕක දැනගත්තු ගමන්ම අපි සහභාගි වෙච්ච පාටිය එකම අඳෝනා ගොඩක් උනා.එක පැත්තක ඔළුවට අත ගහගෙන අඟුරු කුට්ටියක් වගේ ඉන්න අපේ විසල් සහෝදරයා.කොච්චර කලුයිද කියනවානං ඕකව අම්මගේ බඩෙන් එලියට ගත්තු දොස්තර එදායින් පස්සේ පෙන්ෂන් ගත්තලු.ඒ මනුස්සයට එච්චරටම මහන්සිලු ඌව හොයලා.ඒ මදිවට 88 අවුරුද්දේ නොවැම්බර් මාසේ අග කාලෙක පත්තර වල ගියාලු වත්තල පැත්තේ ස්ත්‍රියකට කලු දිවි පැටියෙක් හම්බුනාය කියලා.ඒ විදිහ කට කතාවකුත් තියෙනවා.කොටින්ම කිව්වොත් ඕකා ගෑනුද පිරිමිද කියලා හොයාගන්නම මාස හතරක් ගියාලු.අනේ පව් දුකේ බෑ ඔය මනුස්සයා ඉතිං එදා දහ අතේ කල්පනා කරනවා වෙඩින් එක ගැන.දෙන්නේ මොනවද?,අඳින්නේ මොනවද?,යන්නේ කොහොමද? වගේ ප්‍රශ්න පිට ප්‍රශ්න තියෙද්දී ලිලානයා අපේ ප්‍රශ්න තවත් සංකීර්ණ කලේ එක පිඟානක් 1500ක් වෙනවා කියලයි (පස්සේ දැනගත්තා ජපාන යෙන් කියලා.).ඔහොම පිඟානක් මග ඇරලත් බැරි හිඳා අපි කොහොමහරි යමුයි කියලා කිව්වේ. . .මගේ පාසලේ ක්‍රිකට් කණ්ඩායමේ වතුර සැපයීමේ අංශය ශක්තිමත් කරපු ගයාන්.ඕකා කොච්චර හොඳට වතුර සැපයෙව්වද කිව්වොත් ඕකට "කලර්ස් නයිට්" එකේදි කලර්ස් හිටන් හම්බුනා.හැබැයි වෝටර් කලර්ස් [දිව].ඕකට වතුරයි චුවින්ගමුයි කිව්වොත් වෙන ලෝකයක් නෑ.ඕක මැච් වලදි... ඇහුවොත් ප්‍රැක්ටිස් ගැහුවොත් පරාදයි වගේම...,විභාග වලදිත් ඇහුවොත් පාඩං ලිව්වොත් ෆේල් සංගමයේ සභාපති.කොච්චර වතුරට ඇබ්බැහි වෙලාද කිව්වොත් ඕකා තමයි අපි හත්දෙනාගෙන් අරක්කු නොබොන එකම එකා.අපේ රට ඉන්න උන් දෙන්නා ලංකාවට ආවම උන් ගැනත් විස්තර කියන්නන්.මං ගැනනං ඉතින් දන්න හරිය හොඳටෝම ඇති.

කොහොමින් කොහොමින් හරි වෙඩින් එක ලඟටම ලං උනත් කිසි ගානක් නැතුව හිටපු අපි ආපහු වෙඩින් එකට කලින් සෙට් උනේ අපේ විසල්ගේ හෙලු දින සමරුවේදී.එදා අපි ෆුල් ප්ලෑනක් ගැහුවා,අපිට තියෙන ඇඳුම් ගැන සලකලා බලලා.ඕං ඉතින් ඇඳුම් සෙට් කරගෙන වෙඩින් එකට කලින් දවස වෙනකම්ම ලං වුනා.එදා ලැබිච්ච පොඩි අසුබ ආරන්චියක් උනේඅපෙ කලු ගුලිය හෙවත් විසල්ට ගෙදරින් කේස් එකක් වැටීම.ඉතිං ඕකට ඌ මල පන්න ගෙන ඉන්නකොට,ඌවත් ෂේප් කරලා අපි යන්න සෙට් උනා.ඕන්න ඉතින් පුරුදු පරිදි පාන්දර හතට විතර ඇහැරිලා ගයාන්ටත් ඇහැරෙව්වා.ඊට පස්සේ අපි බොරැල්ලට ගිහිල්ලාඑතනින් ගිහාන්ගේ වෑන් එකේ මගුල් ගෙදරට ගියා.

මලහත් ඉල්ලව්වයි! එදා අපි ඔක්කෝටම අමතක නොවෙන දවසක්.අපි පලවෙනි පාරට වේලාසනින් වැඩකට ගිහිල්ලා.ඉතින් අපි යනකොටයි මනාලි හෝටලේ ඇතුලට යන්නේ.අපි ඉතින් වෙහිකල් පාක් එකට වෙලා ෆොටෝ ගත්තා.ඔන්න කොහොමින් කොහොමින් හරි ඇතුලට ගියා.කෑලි ලෝකයයි.ඉතින් එක මොහොතකටවත් ඇසි පිය නොගහ ඉන්න පූර්ණ අදිටනින් කටවලුත් ඇරගෙන ඉන්නකොට ටික වෙලාවකින් අපේ ඇස් අඳුරට හුරුවෙනවා වගේ අපිටත් ඇත්ත පේන්න ගත්තා.හුහ්. . . එව්වත් කෑලිද???තඩී මේකප් තට්ටු ඇවිදගෙන යනවා වගේ පේන්න ගත්තා.ඔන්න තව ටිකකින් ලිලාන් ඇවිල්ලා කිව්වේ හද සසල කරන,කඳුළු වැගිරෙන,බොකු ඉරෙන කතාවක්."මචං හාඩ් ලිකර් නෑ!"ඒත් එක්කම "දඩ බඩාං" ගාල සද්දයක් ආවා.ඇත්තටම කිව්වොත් සද්ද දෙකක්."දඩ" ගෑවේ ගිහාන් සිහි නැතුව වැටිලා."බඩාං" ගෑවේ ගයාන් සතුටට හිටගන්න කොට පුටුව වැටිලා.

මමනං ඉතිං ඔය තත්වය උඩ උදාසීනයි.මොකද මම එදා බිව්වේ නැති උනාට,බීම කියන දේට විරුද්ධ නෑ ගයාන් වගේ.ඔන්න් ඊලඟට තමයි මගේ අවස්ථාව ආවේ.ඒ තමයි කෑම.ඩෙවල් චිකනුයි,ඩෙවල් ඉස්සොයි,ඩෙවල් කරපු මාලුයි,ෆ්‍රයිඩ් රයිසුයි,චිල්ලී පේස්ට් එක්ක වෙජිටබල් චොප් සුයි පාරක් දැම්මා.මරු කෑම ටික.ඩෙසර්ට් වලට පලතුරු,චොකලට් මූස්,අයිස් ක්‍රීම්,වටලප්පං,චොකලට් ටොපිං එක්ක ඔක්කොමත් දාගෙන කෑවා.ඔහොම කාල වාඩිවෙලා ඉන්නකොට තමයි. . .මිනිහෙක් ජීවිතේ කලාතුරකින් විඳින,ඒත් අපි හැමදාම වගේ විඳපු ඒ නරුම අවස්ථාව උදා උනේ.ලිලාන් සමීර විතානට ගීතයක් ගායනා කරන්න ආරධනා කරපු එකාව අපිට අහු වුනානං. . . .ලිලාන් ගේ ගායනා ගැනත් සොඳුරු කතාවක් තියෙනවා.ඒ සුපර් ස්ටාර් දෙවන අදියරේදී අවසන් 1000ට තේරුනාම,අවසන් 100ට තෝරන වටයේදී මිනිහට අවසන් 100ට යන්න අවස්ථාවක් දීලා නෑ.ඉතිං ටිකාක් වෙලා ඇඬුවට පස්සේ චන්ද්‍රිකා සිරිවර්ධන නැන්දී කිව්වලු "මගේ පුතේ,එහෙමනං ඔයා ඔතන වටයක් කැරකිලා යන්න" කියලා.ඉතිං ඔහොම ගෙවිච්ච සර්ව ආතල් මගුල් ගෙදරක ඉඳලා. . .දැන් හිතෙනවා මේ සිද්ධිය මෙතනින් නවත්තන්න.හැබැයි මෙතන සිද්ධි ගොඩක් !

මොනවා උනත් මේ සිද්ධිය ගැනනං මුචාට රොම්බ හැපී!
Digg It! Stumble Delicious Technorati Tweet It! Facebook

27 ක්ම තියෙනවා අදහස්:

Prabath Chaminda said...

"ඒත් එක්කම "දඩ බඩාං" ගාල සද්දයක් ආවා.ඇත්තටම කිව්වොත් සද්ද දෙකක්."දඩ" ගෑවේ ගිහාන් සිහි නැතුව වැටිලා."බඩාං" ගෑවේ ගයාන් සතුටට හිටගන්න කොට පුටුව වැටිලා.

හිනා වෙලා මගේ බඩත් රිදෙනවා. නියම කතාව !

දුකා said...
This comment has been removed by the author.
දුකා said...

සෑහෙන්න ලකුනු දෙන්න පුළුවන් . . .. මේ මම කිව්වේ ලිවීමේ ශෛලිය ගැන . . . ඒක තව දියුනු කර ගන්න නම් මේ වගේ කතා අපිට නිතරම දෙනන් වෙනවා හරිය මල්ලී . . . ???? කතාව බලල ඉවර වුනාම මට හිතුනේ උඹේ කතාවල කෑම ගන නම් කොහොම හරි පොඩි හරි සඳහනක් කරනවානේ ද කියලා . . හික් හික්

නිලැස් | Niles said...

එලමකිරි... :)

LishWish said...

පිස්සු හැදෙයි.
මුචා මේ හැමදාම කොට්ටෙ බදාගෙන( මම වගේ ) හොටුපෙරාන පෙම් කවි කියපු උඹද? නැත්තම් වෙන මුචෙක් ද?
මොකෙක් උනත් මටත් රොම්බ හැපී.., උඹෙ මේ ආතල් ගිතෙල් පොල්තෙල් පෝස්ට් එක දැකලා..!

තව ලියපං අපි ඉන්නවා කියවන්න.
ජයෙන් ජය...!!!!

Rachintha Jayawardhana said...

@Prabath: හිහ්හී. . .කවුද දෙයියනේ හිතුවේ මේක මෙච්චර ආතල් එකට වෙයි කියලා.තැන්කූ මස්සිනේ!

Rachintha Jayawardhana said...

@දුකා: මෙහෙව් කතා ලියන්න නං පුලුවන් අයියේ.කොටන්න තමයි අමාරුව!දීපු ලකුණු වලට ගොඩක් පිං!

Rachintha Jayawardhana said...

@Niles: තෑන්ක්ස් සහෝ!

Rachintha Jayawardhana said...

@Lish: මේක තමයි අයියේ රියල් ලයිෆ් එක.එදා සෙට් උනාම තේරුනේ නැද්ද?කවි ටිකත් සොමියෙ යනව.මම දන්නවා මම කොච්චර අල පෝස්ට් දැම්මත් අයියා ඇතුළු මිතුරෝ සෙට් එක කියවනවැයි කියලා!

ඒකට බොහෝම පිං!

SACHII said...

MAARA JOLLY NE...ARA PUTUWE SCENE EKATA THAMA WADIYENMA HINA YANNE..

Rachintha Jayawardhana said...

:D :D

Anonymous said...

Meeeka nam Visal kiyawannama watinawa .,.,
he he he .,., Visal ge b'day dawase kiyapu katha tika eee vidiyatama tiyanawa.,. :D :D

Habai ethin eya kalu unath siriyawantha lamaya .,. lolz ^ ^*

Rachintha Jayawardhana said...
This comment has been removed by the author.
Unknown said...

ලොල්..එලකිරි,,,කොමිටල් සෙට් එක...

Rachintha Jayawardhana said...

@Anonymous: ow ow..siriyawantha naththan api wage yaluwo set ekak ekka set wewida???

ai uu witharada??othana kiyala thiyena ape anith ewunuth siriyawanthai(mama arenna).ai anith eka uta siriyawantha kellekuth inne :D

Rachintha Jayawardhana said...

@Sanith: තැන්කූ මචෝ!

Anju said...

හරිම හිනා සිද්ධියක්නේ .... :)))))))))

ධනික | Dhanika said...

එළ මචං... සිනා සාගරයක්... :කැපිටල් ඩී

Narada said...

ROFL
කාලෙකින් යාළුවෙක්ගේ ඔපාදුපක් ඇහුවේ!

Rachintha Jayawardhana said...

@Anu & @Dhanika:හිහ්හී. . .ස්තූති වේවා!

Rachintha Jayawardhana said...

@Binku: කාලෙකින් වත් මෙහෙම එකක් තියෙන්න එපැයි!

Prabodha said...

අහ් නියම කතාවක්..නියමෙට වචන ටික තියනවා.....එල එල......මුචා එළමකිරි

Rachintha Jayawardhana said...

@Prabodha: තෑන්ක්ස් සහෝ!

malee_msg said...

හාහහා...!! මේක නම් මරු කතාවක්..!!!!

Rachintha Jayawardhana said...

@Malee: තැන්කූ වේවා අක්කේ

Unknown said...

පට්ට පෝස්ට් එක මුචා..චරිත ටික මතක් වෙනකොටත් හිනා යනවා.විශේශයෙන් දෙමලවයි ගයාන්වයි

Rachintha Jayawardhana said...

හිහ්හී අනිවා බං.

Post a Comment

කියෙව්වම හිතිච්ච දෙයක් ලියලා යන්න. බැරිනං නිකං ඉන්න.
සැඟවී විඳීමට අඥාතය පාවිච්චි කරන්න.
ජයෙන් ජය උඹලාට!