"හැඟීම් බොහෝමයක් තිබ්බට ඒවයේ උප්පත්ති මූලය බොහෝ වෙලාවට අපිම හෝ අපිට ලඟම මනස උසස් වූවෝ. ඒ වගේම ගැහැණිය හැඟීම් උත්පාදනයේ ඉහලම තැනක ඉන්නවා. මේ එතනින් එහාට ගිය හැඟීම්, වචන කරපු ලියමනක්...."


Friday, January 8, 2010

හොරකම


මතක ලක්ෂයේ ඉඳන්
දුරක් ඇවිද ගිහින්
අතගා පස්ස පැත්ත බැලින්
විදලා විදලා

හීනෙක තලු මරනකොට
ඇහිච්ච කම්මල් සද්දෙට
ඇහැරී බැලින්
බිඳලා බිඳලා

වැඩ පොට්ටනි ඉවරවෙලා
ගෙදරට බඩගාන වෙලේ
මයේ මාලේ අරූ අතේ
කඩලා කඩලා


කිරි අම්මට ජයසිරිමා බෝ වඳින්න
මයේ පොඩ්ඩිගේ හිත සැනසෙන චොකලට්ටුව
මුලු මාසෙම බජට් එකත්
ආර්ථිකේ මිටියෙන් කුඩු කරලා

අපිට මොන බෝධිද
උඹ සූප්පු කරහන් ලොසින්ජර පුතේ
විදපු,බිඳපු,කඩපු,ගහපු එකාවත්
බඩවල් පුරවන්නැති නෙව ඌ පැටවුන්ගේ!
Digg It! Stumble Delicious Technorati Tweet It! Facebook

10 ක්ම තියෙනවා අදහස්:

Unknown said...

අගේ ඇති කියවිල්ලක්. මරු මචං.

රවා said...

ලස්සනට ලියලා තියනවා. වඩාත් ම ලස්සන දෙ අන්තිම හරියදි හිතලා තියන දෙයි. හොරෙක් උනත් මැරෙද්දි ගිනියන්නෙ නැහැ නෙ... උගෙ දරවන්ට කන්න දෙන්න නෙ කරන්නෙ... හරි බලමු මොකද අනිත් අය කියන්නෙ කියලා

ආගන්තුකයා | Stranger said...

ධනාත්මක චින්තනය.. සිරා සිරා....

Januka said...

නියමයි මචාන්..

බිඟූ said...

ela machan
nice writeup

දුකා said...
This comment has been removed by the author.
දුකා said...

නියමයි . . . ගැට කපන්නෝ දිහා වෙනස්ම කෝනයකින් බලල හිත හදා ගැනීමේ න්‍යායක් ඉදිරිපත්කරලා වගේ

Unknown said...

හොරෙක්ට උනත් හදවතක් තියෙනවනේ මුචෝ...
අපූරුයි

Anonymous said...

එළට ලියල තියෙනව...

Rachintha Jayawardhana said...

තුති සහෝ!

Post a Comment

කියෙව්වම හිතිච්ච දෙයක් ලියලා යන්න. බැරිනං නිකං ඉන්න.
සැඟවී විඳීමට අඥාතය පාවිච්චි කරන්න.
ජයෙන් ජය උඹලාට!