"හැඟීම් බොහෝමයක් තිබ්බට ඒවයේ උප්පත්ති මූලය බොහෝ වෙලාවට අපිම හෝ අපිට ලඟම මනස උසස් වූවෝ. ඒ වගේම ගැහැණිය හැඟීම් උත්පාදනයේ ඉහලම තැනක ඉන්නවා. මේ එතනින් එහාට ගිය හැඟීම්, වචන කරපු ලියමනක්...."


Thursday, January 21, 2010

ඩ්‍රයිවර්ගේ අඳෝනාව


රියදුරු දෑතට දෙවි පිහිටයි
දිලිසෙන දේව රූප ගොඩ මැද්දෙන්
රතු පාටට කොටලා
තිබ්බට. . .

හෙමින් ගියත්
හයියේ ගියත්
බත් පත ගන්න නැවැත්තුවත්
ගැස්සුනත්
හෙල්ලුනත්
බුලත් විඩට නැවැත්තුවත්

ගෙදරින් දුහුල් සරමට
දාගත්තු ටී ෂර්ට් කෑල්ලට
ඩක්කුවට නැග්ගම දාගන්න වෙන
තවත් දුඹුරු පාට ඕවර් කෝටයක්

නළලේ උනන දා බිඳු
දිවෙන් ලෙව කකා
උඹලයේ කුණු කතාත් අහගෙන
මම දත කාගෙන ඉන්නේ. . .
හවසට ගහන බාගේ මතක් කරගෙන.
Digg It! Stumble Delicious Technorati Tweet It! Facebook

7 ක්ම තියෙනවා අදහස්:

Anonymous said...

හොඳ නිර්මාණයක්...

දුකා said...

ලංගමේ ඩ්‍රයිවර් මහත්තුරු ගැන උපන් සංවේගයෙන් ලියපු කවියක් වගේ . . .එල එල . .

Narada said...

ඔක්කෝම ඉවර වෙන්න පොඩ්ඩ වැරදුණත් ඇති නේද?

Rachintha Jayawardhana said...

thankuu wenna ona comments walata.bohoma pin!
sanipa na appaa!

Madhu said...

එක ඩ්‍රයිවර් කෙනෙක් ගැන . . . .
නියමයි

Rachintha Jayawardhana said...

:-)

චාලි said...

විල්බර්ට් අඹතලාවට පස්සේ ඩ්‍රයිවර්ව ගැන කවියක් වෙන කෙනෙක් ලිව්වාමද කොහෙද

Post a Comment

කියෙව්වම හිතිච්ච දෙයක් ලියලා යන්න. බැරිනං නිකං ඉන්න.
සැඟවී විඳීමට අඥාතය පාවිච්චි කරන්න.
ජයෙන් ජය උඹලාට!