"හැඟීම් බොහෝමයක් තිබ්බට ඒවයේ උප්පත්ති මූලය බොහෝ වෙලාවට අපිම හෝ අපිට ලඟම මනස උසස් වූවෝ. ඒ වගේම ගැහැණිය හැඟීම් උත්පාදනයේ ඉහලම තැනක ඉන්නවා. මේ එතනින් එහාට ගිය හැඟීම්, වචන කරපු ලියමනක්...."


Tuesday, July 6, 2010

දෙබස

........
ඈ: කොන්ඩේ කැටි ගැහිලා.නාගන්න තිබ්බානං!

මා: ඔය දවසට නාන්න එපා!

ඈ: ආ. . .!

මා: ආ. . . තමයි.ඇඟ සීතල උනාම හොඳ නෑ.යන එක නවතියි.

ඈ: පණ්ඩිතයා

මා: පණ්ඩිතකමක් නෙමෙයි.දවස් තුනයිනේ ඉවසලා ඉන්න.

ඈ: දන්න දේවල්.. .

මා: එහෙම තමයි!

ඈ: කොහොමද ඔච්චර දන්නේ ?

මා: පොත් කියවලා (ඉඟි මරමින්)

ඈ: පොත්? කීයක්ද?? (දෙතොලග සිනහවක්)

මා: ගොඩක්! පුස්තකාලයක්ම

ඈ: හ්ම්ම්ම්... දැන් කියවන්නේ මොකද්ද?

මා: මගේම පොතක්. ..කියවන්නෙත් මම ම විතරයි
මගේම විතරයි. පුස්තකාල පොත් වගේ නෙමෙයි.

ඈ: පොතත් එහෙමයි.
වෙන කට්ටියට කියවන්න බෑ.

මා: අහලා නැද්ද ශ්ලෝකේ ??

ඈ: අහ්. . . මොන?

මා: ස්ත්‍රී රත්නං
පුස්තක රත්නං
පරහස්ත ගතං
ගතං ගතං

ඈ: තේරුම?

මා: ගැහැනුන් මෙන්ම පොත් අන් අය අතට පත් උනොත් ආපහු ලැබීමක් නෑ!
Digg It! Stumble Delicious Technorati Tweet It! Facebook

29 ක්ම තියෙනවා අදහස්:

Jay said...

හෙහෙහෙහෙ..
දෙපාරක්ම කියවන්න උනා හරියට තේරුම් ගන්න.
මරු..!!

වන්නි said...

බොල නම් මලේ හැදී ගෙන එනවා එක විදිහකට... :ඩී
පට්ට...

Unknown said...

මමනං දන්නව සීන් එක මොකක්ද කියල... හි හි හී..

ඉලංදාරියා said...

නියම පොස්ට් එක්ක මචො...එල..

Amila Chathuranga said...

ගෑනු සමහර වෙලාවට ආයෙත් ආවත් අපි ගන්න කැමති නෑ ඒත් පොත් එහෙම නෑ....

MaJee said...

niyamai malaya!!!

Bunny said...

ඔහ්..!! දවස් 3 කතාව මොකක්ද බන් ?

රවා said...

මුචා... මොනවා කියන්නද කියලා හිතා ගන්න බැහැ... මාර ශ්ලොකයක් තමයි..කලින් අහලා තියනවා...මෙකෙ තෙරුම.. හැබැයි මෙහෙම නෙමෙ..

වැඩ බැරි දාස said...

මොකක් ගැනද මේ දෙබස .තේරෙන්නෙ නැනෙ මුචලිංග සහෝදරය?

මාරයාගේ හෝරාව said...

මුචත් දැන් යමක් කමක් දන්න කොල්ලෙක් ඈ...?

Anonymous said...

෴ අපූරුයි ෴

ඒ වගේම කී දේවලුත් ඈත්තම ඈත්ත.
මගෙත් පොත් කියක් නම් අද වෙනකම් ආපහු ලැබුනේ නැහැ නේ...

පුස්තකාල පොත් නම් අතින් අතට යනව නේ
තමන්ගේ පොත තමයි කවුරුත් පරිස්සම් කරන්න දගලන්නේ
පුස්තකාල පොතෙනුත් කොච්චර දේවල් ඉගෙන ගත්තද ....

Rachintha Jayawardhana said...

@වැඩ බැරි දාස: හ්ම්ම්ම්....ගොඩක් එවුන්ට තේරිලා නෑ මචන්! මක්කොරන්නද???
තේරෙන පෝස්ට් එකක් දාන්නම්කෝ ඊලඟ පාර! ඒ කිව්වේ අද හෙටම!

කතාව නොතේරිච්ච එකත් හොඳයි එක අතකට! සමහරවිට තේරුන කෙල්ලෝ එහෙම නොකියා ඉන්නවද දන්නෑ ලැජ්ජාවට!

Rachintha Jayawardhana said...

@බනියා: අමරදේවගේ "වක්කඩ ලඟ" අහලා තේරුම් ගනින්!

CD Athuraliya said...

අනේ මන්දා මුචෝ මේව....

Rachintha Jayawardhana said...

@CD: හරිම සාමාන්‍යයි! සරලම සාමාන්‍යම, කොටින්ම හැම කෙල්ලෙක්ටම වෙන දෙයක්.ඒ නිසා ඕනම කොල්ලෙක් දන්න දෙයක්! සරලම සරල සිද්ධියක්!

මට කියන්න ඕන උනේ.මම දැන් එක පොතයි කියවන්නේ කියලා! මම දැන් පුස්තකාල වල යන්නෙවත් අලුත් පොත් සල්ලියට ගන්නෙවත් නෑ!

Rachintha Jayawardhana said...

@wath: ඔව් මම පුස්තකාල පොතට ගරහනවා නෙමෙයි.

@Indi: ආවොත් නං ප්‍රශ්නයක් නෑ තමයි.මම කතා කරන්නේ එන නොඑන ප්‍රශ්නේ ගැන!

Prabodha said...

අහ් මටත් තේරුනා මුචා නම් දැන් මරයිනේ..... වක්කඩ ලඟ ලියපු මහගම සේකරට හපන්....

said...

ගෑනිව නම් කවුරුහරි ගෙනිච්චත් දුක නැහැ ඒත් සල්ලි දීලා ගත්ත පොතක් එහෙමද. ආයි ගෙනාවේ නැත්නම් ගෙනිච්ච එකාව මරන්න හිතෙනවා..

මටනම් ඔය දෙබස තේරුනේ නැහැ බන්

වන්නි said...

ඇති යංතං කමන්‍ට්ස් ටික ආපහු තියෙනවා. ඊයේ මද්දහනේ ඔය ටික අන්තරස්දාන උනානේ...

Rachintha Jayawardhana said...

@මරේ: මේ කමෙන්ට් එක මම තෑග්ගක් වශයෙන් උඹේ වෙඩින් එකේදි උඹේ ගෑනිට පෙන්නනවා!

@කුෂාන් ලොක්කා: අනේ ඔව් අයියේ.මාත් බයේ හිටියේ වැරදි දෙයක්වත් ලියලද කියලා!

ඉන්දික උපශාන්ත said...

පොත ඔය දාන්නෙ පොතක්ද? වෙන කාටවත් කියවන්න බෑ කියල!
උඹ දැකල තීනවද මල්ලි අර මඩුවන්වෙල වලව්වෙ ළමාතැනීලට ඔය කාලෙට ඉන්න හදල තිබ්බ කාමරේ. ඒක දැකපු අපි එක්ක ගිය කෙල්ලෙකුත් " අපෝ මොන මළ ජරා වැඩක්ද අනේ මේ " කිව්වම අපේ නඩේ හිටපු "ගුරෙක්" එයාට ඔය වගේම කතාවක් කිව්ව.
උඹ ගැන මට හරි සතුටුයි මලේ, හැබැයි උඹේ ජාල යාලුවො බහුතරයක් ගැන නං ඉතින් දුක තමා....

Gayan Kalhara | ගයාන් කල්හාර said...

ලොල්ස්.

ඔය කාලෙට මගෙ මැරියන් (රෙජිස්තර් කරලා නෑ නේද? TM එක?) නං ඇඟිලි ගැණ ගැණ ඉන්නෙ ගෙදර දුවන්ඩ.

ඉතින් ඔය ටික කල්පයක් වගෙ අප්පා

Gayan Kalhara | ගයාන් කල්හාර said...

cnt >

පොත් ගැන නම් ඉතින් ... :)

(ගෑණි ගියාම වෙන එකක් දාගතෑකි, පොතක් ගියාම ඒ පොතම ගන්න හිතෙන්නෑ නෙව ආයෙ)

Rachintha Jayawardhana said...

@Gayan: ඔය නම වෙනින් එවුනුත් පාවිච්ච් කරන නිසා කමක් නෑ.ඒත් ඔන්න මගේ ගෑනිට නං ටිකක් අප්සට්!

මුදියන්සේ said...
This comment has been removed by the author.
අමිල said...

එල මචන්, පට්ටයි ඈ................

Anonymous said...

කතාව ඇත්ත.ගියොත් ආපහු ගත්තත් වැඩක් නැහැනෙ ... :D

Unknown said...

මේ දෙබස දැකල මට කාලෙකින් දුක හිතුන මචං....... අතීතය අමතක කරන එක සෑහෙන අමාරු දෙයක්.....නමුත් ඒ අතීතය තුල රැඳුනු සුන්දර දෙබස් මාව නැවත නැවතත් ජීවත් කරවනව. එවුව මතක් කරල දුන්නට උඹට ගොඩක් පිං.......(දුකයි කියල rate කෙරුවට upset වෙන්න එපා මචන්. බොක්කෙන්මයි rate කෙරුවෙ)

Rachintha Jayawardhana said...

සද්දයක් දාලා ගියාට තැන්කියු වේවා සෙට් එකටම!

Post a Comment

කියෙව්වම හිතිච්ච දෙයක් ලියලා යන්න. බැරිනං නිකං ඉන්න.
සැඟවී විඳීමට අඥාතය පාවිච්චි කරන්න.
ජයෙන් ජය උඹලාට!