"හැඟීම් බොහෝමයක් තිබ්බට ඒවයේ උප්පත්ති මූලය බොහෝ වෙලාවට අපිම හෝ අපිට ලඟම මනස උසස් වූවෝ. ඒ වගේම ගැහැණිය හැඟීම් උත්පාදනයේ ඉහලම තැනක ඉන්නවා. මේ එතනින් එහාට ගිය හැඟීම්, වචන කරපු ලියමනක්...."

Tuesday, June 21, 2011

මට දැනෙන දේ ඔබට විඳිය හැකි නම්...

ඌ මා හා හුරතල් වීමට උත්සහ දරයි. උගේ වලිගය මා සිරුරේ දැවටෙන බැවින්, ඌ මා වටා සුපුරුදු දෛනික පැදකුනුව අරඹා ඇති බව මා දනිම්. ඌ උගේ සුපුරුදු උදෑසන හුරතලය අරඹන්නේ එලෙසය. බීරිඳ අත තබා ගිය තේ කෝප්පය මා බිම තැබුවෙමි. රේඩියෝවේ වාදනය වූයේ "පෙනුණු සුව දසුන්" ගීතයයි. බලු සුරතලය අමතකව ගියේ ඒ මා ප්‍රියතමයක් බැවිනි. ඒ අමතක වීම ඌ කෙරෙහි වූ නොසන්සුන්තාවයට හේතුව විය. හෙන්‍රි කල්දේරා මා ප්‍රියතම ගායකයෙකු විය. ඒ ඔහුද දෘෂ්‍යාබාධයකින් පෙළුනු නිසාම නොව, ඔහුට පද රචනය සහ තනු නිර්මාණයේද හැකියාවන් වූ බැවිනි. මර්වින් පෙරේරාත්, කපුගේ මහත්තයත්, වික්ටර් මහත්තයත් අන්ධ වූවා නම් මා ඔවුනට තවත් ආශා වන්නට තිබිණි. මා නැවත ඌ සුරතල් කරන්නට පටන් ගතිමි. ඌ මට බෙල්ල අත ගෑමට දී ඔහේ බලාගත් අත් බලාගත්වනම සිටියේය. ලේලිය ලඟට පැමිණි බව දැණුනතර, ඈ ආපසු හැරී ගියේ තේ කෝප්පය තවමත් හිස්ව නැති බැවින් විය යුතුය.

විවාහ වූ සමය ඉතා සොඳුරු පරාසයක් විය. පෙම්වතුන්ව හැසිරෙන සමයේ අප, ආදරය තුලින් නැගී සිටි ලිංගිකත්වයේ අත්දැකීම් ලබා තිබුණද, වැසුනු කුටීරයක් එකිනෙකා නග්නව දඟ කර තිබුනේ නැත. එහෙයින් මධුසමය කාලය සහ එයින් පසුවත් මා ඇය රුව අඳුනා ගැනීමට අනවරථ උත්සහයක යෙදුනෙමි. "මෙය නුඹලාගේ මධුසමය" යැයි නාමිකව වෙන්වූ සතියේ මා රාත්‍රීන් තුනක් පමණ ඇයගේ මුහුනේ ඉරියව් ඇඟිලි තුඩින් පිරික්සමින් සිටියෙමි. එසේ ගෙවුනු වරක ඈ මා ඇඟිල්ලක් සපා කෑ බව සිහියට නැගුනේ, දකුණත මැදඟිල්ලට සිහින් රිදුමක්ද දනවමිනි. මා ඇගේ ළමැදේ උණුසුමට ඉතා ආශා විය. තවමත් එසේමය. මා මවගේ උකුල් තලය මත වෙසීමටද ඉතා ප්‍රිය කල බව මට මතකය. එසේම අත්තම්මාගේ බොකු ගැහුනු විටෙක පිම්බෙන උදර කුහරයද මා හට ඉතාමත් සුවදාය විය. මා දෑතින් කියවා ඇති පරිදි, ඉතා සුන්දර මගේ බිරිඳ මා මහත් ආයාසයකින් දිනූවක් නොවීය. ඈ කිසිදා නොදුටු ප්‍රාණියෙකු සොයා පැමිණතර, කිසිදා ලොව නොදකින ඒ ප්‍රාණියා තම ආදරවන්තයා ලෙස තෝරාගැනීමට බාධාවක් කර නොගත්තේ සතිපතා නිකුත්වුනු කවිකම් කෙරෙන් මා හඳුනා සිටි බැවිනි.

මා නිරතවෙමින් සිටියේ දුලබ රැකියාවකය. මා හට සතියකට කවි හතක් ලිවීමට තිබිණි. ඒවා එකම සඟරාවේ විවිධ නම් වලින් පලවී තිබිණි. මාසික වේතනය වූයේ රුපියල් දසදහසකි. තවමත් පුරුද්දට කවි ලියවෙන මුත් පුතු දෙදෙනා රැකියා වල නිරත වෙන බැවින්, වෙනදා මෙන් ඒ කවි බිරිඳ තැපැල් නොකරයි. මුල් කාලයේ කතෲ තුමා නිවසට පැමිණ මෑණියන්ගෙන් මා කවි ලියූ කඩදාසි ඉල්ලාගෙන ගිය අතර, සඟරාව ප්‍රසිද්ධ වූ පසු මවට ඒවා තැපැල් කරන්නට සිදු විය. ලොකු පුතු මා ලේලියගේ සිත දිනාගෙන තිබුනේද මාගේ කවියක් ඈ වෙත ඊ මේල් කිරීමෙනි. මාධ්‍ය කුමක් වුව ඈ ද කවියට මහත්වූ බන්ධූතාවයන් ඇත්තියක් විය. මා ඇයගේ සුහදත්වය මහත් ආහ්ලාදයකින් පිලිගතිමි. ඇයට තිබුනේ මා මවගේ කටහඬයි. ඒ බව ඈ දැනගත්දා සිට ඈ මා අමතන්නේ "ලොකු පුතා" ලෙසිනි. එය ඇසෙන ඇසෙනවර මට, මා මවගේ සුවැති උකුල සිහිපත් වෙයි. ඈ ආහාර පිසින විට ඇඳිවතට උඩින් හැඳි චීත්තයේ වූ මිහිරි ඉඳුල් සුවඳ නැවතත් දැනෙයි. මගේ කවි කියවා සතුටු වන ඇගේ ගතේ වූ වෙව්ලීම සිහිවෙයි.

මා මතට හුරු වූයේ සඟරාවේ කතෘතුමා නිසාවෙනි. මා පිළිබඳ මිතුරෙකුගෙන් දැනගත් ඔහු, නිවසට පැමිණ මා කටුව ඔහුගේ කාරයෙන් අවන්හලකට සේන්දු වූයෙමු. එහිදී මා පලමු වරට විස්කි බිවූ අතර සංවාදය අවසන් වන විට මා විස්කි වඩි හතරකින් පමණ මත්වී සිටීමි. තවමත් බ්ලැක් ලේබල් බෝතලයක් තුල සතියක කාලයක් සැරිසරණ මා ඒ තුල මහත් ආශ්වාදයක් ලබයි. මුල් පාවිච්චි කල පානයන් අතරින් රෙඩ් ලේබල් පානය නවතා තිබිණි. එහි වූ වහතු රහ "මා නොදකින" ශෘංඝාරාත්මක රතු පැහැයටද නිගාවක් විය. "රතු, රත, නොරත, විරිත, රතිය" උච්ඡාරණයට මා ඉතා ආශා කල බැවින් එම වචනය සහ එම ඌරුවේ වචන මට ශෘංඝාරාත්මක විය.

දැහැන බිඳුනේ තේ කෝප්පය පෙරලෙන හඬිනි. ලේලිය ලඟට දිව ආ අතර, ඈ "ෂීබා"ට බනිනු ඇසිනි. උගේ අන්ධ බව තවමත් ඌට හුරු නැතුවා විය හැක. මා ඌ උකුලට ගතිමි.
Digg It! Stumble Delicious Technorati Tweet It! Facebook

21 ක්ම තියෙනවා අදහස්:

Anonymous said...

mama hithanne meka honda.
nombarashok habai eka pusnayak thiyanwa mekata pissuda the eka nimenakan thibbe? aparade the bonnath na.......ROCK LUCKY......

පූසා said...

ෆට්ටයි!

හසී said...

නියමයි.....

Kasun said...

ඇත්තටම ලස්සනයි අයියෙ.

RanDil said...

වෙනස් විදිහට හිතපු කථාවක් නේද? මේක හොඳයි... හැබැයි තවත් ලස්සනට මේ කථාව ඔයාට ගළපන්න පුළුවන් කියලා දන්නවා.........

පිණිබිඳු... said...

අමාවකේ දුක දුරලන
දහසක් තරු කැට ඔබටයි
ඒ එලියෙන් සැනහෙන ලෝකය
මගෙමයි මටමයි.

බුද්ධි said...

කියලා වැඩක් නැත! රචියා...

Umesh said...

මචං, පොතක් ලියහන්කො.. මම අනිවා මුලු පොතම කියවනවා.. සත්තයි...

Lishan Puwakowita said...

නෑ. එකදෙයක්! මේ අවසානයට මම ආසයි. හිතන්නදෙයක් ඉතුරු කරලා කතා ලියන්න පුලුවන් එවුන් ගෙන් මම දන්න එකෙක් උඹ. මම අවසානය ආවෘත කරන්න හදනවා විනා කතාවක් පටන්ගත්තම ඉවරකරන කල් නිවනක් නෑ හිතට. සමහර වෙලාවට අපි දෑසින් දකින දේට වඩා මනැසින් දකින් දේ වර්ණවත්.., ඒකනේ අපි තාමත් ලස්සන හීන වලට ආදරේ කරන්නේ.! දැකීම දැනීම හා ඒ දෙකම සංවේදනය වීම අතර තියෙන වෙනස්කම් හා පොදුසාධක උඹ හොඳට ග්‍රහණය කරගෙන තියෙන හැඩයි..! දැනෙන්න ලියලා තියේ. අගෙයි!

නෙරංජි සුලක්ඛනා said...

මරේ මරු අයියෙ..මාරම ගති.පට්ටයි කියන්නේ ඒකෙත් හොඳ එක ...

DReeZone said...

මැක්සා....

හූනා .. said...

ආයෙත් අහල මරේ මරු..අයියේ මරු ලිවිල්ල.මට හිතෙ විදිහට ඔයාට පුළුවන් ඕනම මේනම බළල් බෙට්ටක් වුනත් ටොපියක් කරල පෙන්නන්න. අකුරු මැජික් කාරයෙක්.

මුචලින්ද said...

සද්දයක් හලලා ගිය උඹලට ස්තූතියි. හිතෙන විදිහට එපැයි ලියන්න. එනිසා හිතට වදින දේවල් වෙන තරමට තමා ලියන වැඩේ සිද්ධ වෙන්නෙත්!

Ansh Lucky Sri Jay said...

මගේ සිංහල දැනුම එන්න එන්නම දුර්වල වෙනවද, එහෙම නැතිනම් උඹට මොකක් හරි වේගෙන එනවාද මන්දා.
මේක මං හය වෙනි පාරට කියවලයි තේරුම් ගත්තේ..
ලියවිල්ල මරු...!!
[පට්ට කියලා කියන්න විදියක් නෑ, ආපහු කියවලා බලලා තව ටිකක් තේරුම් ගන්න වෙනවා ඒ වචනෙ කියන්න නම් :D :D]

Prabhath Darshana said...

මට මතක් වුනේ “මට ඇසෙන දේ ඔබට පෙනේ නම්“ වූ නවකතාවයි. :) ඇත්තෙන්ම අනර්ඝ නිමැවුමක්.

රවා said...

රවාමි
රා බී ආමි
බැලු බැලු බොහො දෙනා
ලියා ඇති මින්
මම නොලියුවෙමි...

indi said...

අඩෝ මම කොමෙන්ට් දාන්න නෙමෙයි හිටියෙ..
ඒත් අර කල්දේරංගෙ සින්දුවනම් ඉතින් මාරම තමයි ඕයි....ඒක නිසා දාන්ෙන මේ කොමෙන්ට් වලාම....
මම ත් කාලයක් බිත්ති පුවත්පතක සංස්කාරක වෙලා හිටිය...මට සමහර වෙලාවට වාද ලියන්නත් වෙනව...
කෝ දැන් ඉන්න මූසලෙයො කවිලියන්නෙ නෑනෙ..
ඉත්න් වාදෙ දෙපැත්තම රන් කරන්නෙ මම..
කවුරුත් දන්නෙ නෑ..
හානේ බලන්න මේ මාරය් මූත් අරින්නෙ ම නෑ කියල කෙල්ලො පැනගෙන බලනව...
මටත් ඉතින් ෆට්ටම ආතල්...

෴ හසියා ෴ said...

පට්ට යකෝ.... ප‍ට්ටෙනුත් පට්ට....

Charmi said...

මරු බං..

මුචලින්ද said...

සද්දයක් වැට්ටුවට ස්තුතියි!

සිහින said...

දෙපාරක් කියෙව්වා... තාම තේරුනේ නෑ... කොච්චර කියෙව්වත් තේරෙන එකකුත් නෑ වගේ. ඔන්ලයින් ඉන්න සිංහල වැඩකරුවකුගෙන් උදවු පැතුවා. දැං ඌ කියවනවා. බලමු ඌවත් තේරුම් ගනීද කියල..

Post a Comment

කියෙව්වම හිතිච්ච දෙයක් ලියලා යන්න. බැරිනං නිකං ඉන්න.
සැඟවී විඳීමට අඥාතය පාවිච්චි කරන්න.
ජයෙන් ජය උඹලාට!