"හැඟීම් බොහෝමයක් තිබ්බට ඒවයේ උප්පත්ති මූලය බොහෝ වෙලාවට අපිම හෝ අපිට ලඟම මනස උසස් වූවෝ. ඒ වගේම ගැහැණිය හැඟීම් උත්පාදනයේ ඉහලම තැනක ඉන්නවා. මේ එතනින් එහාට ගිය හැඟීම්, වචන කරපු ලියමනක්...."


Monday, July 18, 2011

පරිපූර්ණත්වයේ අසම්පූර්ණ එකතුවක්


ඒ කර්කෂ වූ දේශයකි. සුලඟටද සිරුර රත්වේ. පාවහන් රහිත මිනිසුන් වේගයෙන් ඇවිද ගියේ දාච්ච පොලොව දෙපා දවන බැවිනි. සිඟනුන් සෙවනක් අයදිමින් සිටියහ. සිඟනුන්ට සෙවනක් දීමට ඉදිරිපත් වූ ධානපතියෙකු, ඒ සෙවනෙහි හිඳ සිඟන මුදලින් කොටසක් ඩැහැගත්තේය. පෙම්වතුන් අධික ලෙස චුම්බනයට හුරුව සිටියහ. තම අනාගත ගමන් සගයා කෙරෙහි වූ ආදරය හේතු කොට ඔවුනොවුන් ඔවුනොවුන්ගේ දෙතොල් නහවමින් සිටියහ. සියලු වාසීන්ගේ ගත පුරා වූ දුහුවිල්ල පෙම්වතුන්ගේ දෙතොලේ පමණක් නොවූ අතර, විෂබීජ හේතුවෙන් පෙම්වතුන්ගේ රෝගී වීමේ ප්‍රතිශතයද ඉහල අගයක් ගෙන තිබිණි. ලිපිකරුවන් කාර්‍යාල කෙරෙන් මිදීමට අකමැත්තක් දැක්වූ අතර, ඔවුන් ඒ සඳහා ඇඳිරි වැටෙන තෙක් ඉවසා සිටියහ. රස්නය ඉවසාගත නොහී පොලීසිය සහ සමහරෙක් රජයේ ආයතන තාප්ප කඩා සියලු දොරවල් හැර බලා සිටියහ. අතරින් පතර වැහි පොදක් වැටුනු දිනෙක සිඟනුන් තම උපරිම ආදායම ලැබූ අතර, චුම්බනයෙන් හෙම්බත් වූ පෙම්වතුන් පෙම්බස් දොඩන්නටද ඇරඹූහ. ලිපිකරුවන් වේලාසන නිවෙස් බලා ගිය අතර, තාප්ප කැඩුනු ආයතන වල දොරවල් වැසී තිබිනි.

එක්තරා රටක නිෂ්පාදනය උනා ගෑනු නැති චිත්‍රපටියක්. වෙනසක් බලාපොරොත්තුවෙන් හිටපු චිත්‍රපටකාමියෝ ඒ චිත්‍රපටය බලන්න ගියා. ඇත්තටම එය නවමු වෙනසක් උනා. ඒත් ඒ නවමු වෙනස නිසා ඇතිවෙච්ච සතුට චිත්‍රපටය පටන් අරං මිනිත්තු පහලොවක් ඇතුලත සිඳී ගියා. කර පළල් උඩුකය වස්ත්‍රයකින් දෙතනේ කැපුම දැකීම, වෙනසක්  බලාපොරොත්තුවෙන් එහි ගිය රසිකයන්ගේ සිත්වල හටගෙන තිබුනා. පිරුණු වටොරක් දැකීමේ නොතිත් ආශාව ඔවුන් කෙරෙන් ඉස්මතු වෙමින් තිබුනා. බොහෝමයක් ප්‍රේක්ෂකයින් මද අඳුරේ දෙ ඇස් වසාගෙන ඔවුන් පෙර අත්විඳි දෑ යලි යලිත් මවාගන්නට වුනා. ස්ත්‍රියකගේ සේයාවක්වත් නැති චිත්‍රපටයක් විසින් පිරිමි සිතෙහි රාගය ඇති කිරීමට සමත් උනා. චිත්‍රපටය නැරඹීමට ගැහැණුන් කණ්ඩායම් වශයෙන් පැමින සිටියා. ශාලාව අසලින් ගිය වැඩිහිටියන් ඔවුන්ට දෝෂාරෝපන එල්ල කරමින් උන්නා. පිරිමින් පමණක් රඟන චිත්‍රපටය නැරඹීමට පැමිණි බැවින් ඔවුන් ටිකට් කවුන්ටර පෝලිමේ ලේන්සුවෙන් මුහුන වසාගෙන සිටියා. ඔවුන්ගේ සිහින කුමරුන් සැම දෙනා පාහේ එකම චිත්‍රපටයක රඟමින් සිටියා. වෙනදා නිළියගේ දෙබස් කොටසේදී දෙ ඇස් වටපිටාවට යොමු වූවන්ගේ දෑසට අද නිදහසක් තිබුනේ නෑ. දර්ශනයෙන් දර්ශනය ඔවුන් ඒ කෙරේ වශීවෙමින් සිටියා. දෝෂාරෝපන මධ්‍යයේ වුවත් යලි යලිත් චිත්‍රපටය නැරඹීමට පැමිනෙන්නට මිතුරු කණ්ඩායම් අතරේ ඔවුන් ගිවිස ගත්තා. ඔවුන් රාගී දෑසින් ඒ දෙස බලා සිටියා. නොපවතින දේ සහ හිමිනොවන දේ එක හැඟුමක උත්පාදකයන් දැයි මොහොතකට හැඟුනා.

දරුවන් සමාජයේ බොහෝ අවධානයක් ලබන පිරිසක් වෙලා. වයසත් සමග දරුවා ඉදිරියට යාමේදී, අවධානය පමණක් තිබූ තැනම තිබීම හේතුකොට ගෙන "අවධානය" නැමති ඊතලය ඉදිරියට ඊලඟට පැමිණි පිරිස දරුවන් ලෙස අභිෂේක ලැබ වරප්‍රසාද ලත් පිරිසක් බවට පත් කෙරුනා. දරුවන් කෙරෙහි වන අසාධාරණයන්ට විරුද්ධව සංවිධාන බිහිවුනා. වෙනම අමාත්‍යාංශයක්ද වෙන්වුනු අතර එහි ප්‍රධාන ඇමතිනිය ආඩම්බරකාර අම්මා කෙනෙක් වුනා. දිනක් බාලාංශ පන්තියක් අසල ගැවසෙමින් සිටි නන්නාඳුනන්නෙකු ලමෝ සෙල්ලම් කරන දෙස ආශාවෙන් බලා සිටියා. හේ අත තිබූ අවසන් රුපියල් විස්සෙන් දහයක් වියදම්කොට ලබාගත් ටොපි ලමුන් වෙත දුන්නා. ලමෝ ඔහුගෙන් "අයිස් ක්‍රීම්" ඉල්ලා සිටියා. ඔහු අසරණ සිනාවක් මුහුණතට නගාගෙන ලමයින්ගේ මුහුණු අතගා නැගිට යන්නට සූදානම් වුනා. නන්නාඳුනන්නාගේ හැසිරීම දුටු පාලු කපන මව්වරුන් පිරිසක් ඔහුට අභූත චෝදනා එල්ල කලා. ඔහු බාල අපරාධාකාරයෙක් ලෙස හංවඩු ගැහුනා. දිනක් දරුවෙකු තනිවම නිවසේ සිටින මොහොතක එහි පැමිණි දරුවාගේ මවගේ යෙහෙලියක, ඕපාදූප මල්ල එලෙසම තබාගෙන ආපසු යන්නට පිටත් වුනා. එහෙත් දරුවාගෙන් ඊට ඉඩක් නොලැබුණු අතර, එම ගැහැණිය තම යෙහෙලියගේ දරුවාගෙන් අපයෝජනයට ලක්වුනා. මුල පමණක් දැන සිටි දරුවා අගට යන තෙක් උගෙන තිබුනා. එය දරුවාගේ නොදැනුවත්කමට සිදුවූවක් ලෙස සමාජයෙන් ප්‍රත්‍යක්ෂ වූ අතර, දුසිරිත අඩංගු බ්ලොග් අඩවි කිහිපයක්ද සමග ස්ත්‍රීන්ට මාසයක් යන තුරු කොටට ඇඳීමද තහනම් වුනා.

එක්තරා රටක පාවිච්චියට ගැණුනු පොතක වෙන වෙනම පිටු තුනක ලිවීම් තුනක් තිබුනා. මැදියම් රැයත් පසුවී හෝරාවක් දෙකක් යන තුරු පෑනක්ද අතැතිව එම ලිවීම් හී අයිතිකාර ලියන්නා ඒවා දෙස බලා උන්නා. ඒ ලිවීම් තුන එක්කිරීමට ගත් උත්සහයකදී, පරිපූර්ණ දෑයින් තැනුනද ඵලය අසම්පූර්ණ විය හැකි බව ඔහුට සඵථ වුනා. ඔබ කියවා අවසන් කලේ ඒ අසම්පූර්ණ ලියමනයි. ජය!
Digg It! Stumble Delicious Technorati Tweet It! Facebook

27 ක්ම තියෙනවා අදහස්:

තිස්ස දොඩන්ගොඩ said...

"ප්‍රතිභාව" කියන්නේ මේකටයි කියලා හිතනවා...
ජය..!

Anonymous said...

පේන පැත්තක් නොපෙනෙන පැත්තකින්....

Anonymous said...

බොහොම අපුරු ලියමනක්.

Randika Sedara said...

මේකට දක්ශකම කියලත් කියනව ඇති.. නියමයි!

පූසා said...

අදත් හතර පස් පාරක් කියවලා උඹ කියන්න හදන දේ යන්තම් තේරුම් ගත්තා.....
මරු!

``` Outsider``` said...

නියමයි මිත්‍රයා..

Kiri said...

අති විශිෂ්ඨයි මචන් !!

Amila Chathuranga said...

අනේ මචං මේ කලු ටෙම්ප්ලේට් අපිට හරියට පේන් නෑ බං..
මේ ව තියෙන්නෙ අඩෝ පින්තූර ගොඩක් දාන බුවාලට..
අනික් එවුන්ට හරි යන්නෙ ඕයි සුදු පසුබිමේ කලු අකුරු..
අර බලපං පේස්බුක් ප්ලස් බස් ඔක්කොම තියෙන්නෙ ටෙක්ස්ට් සපෝට් කරන සුදු පසුබිම කලු අකුරු තියෙරියෙන්..අනේ මන්ද මට විතරක් තියෙන අවුලක්ද කියල..ඒත් මේක හරි අමාරුයි..මටනම්..

දුමී said...

ටොපේ ටොප් මල්ලි, සිරාම ලියවිල්ලක්. ඔළුවත් එක්ක හොල්මං වෙලා ගියා මේක කියවලා ඉවර උනාම. හුඟ කාලෙකින් ඒ වගේ හැඟීමක් දැනුනේ...!

ජීවිතේ මල් said...

උඹ දන්නවද දන්නෙ නෑ මල්ලි.. උඹ ලියන දේවලින් මිනිස්සුන්ගේ අවදිව නොතිබූ ප්‍රඥාව අවධි වෙනවා.....
ඒ අතින් උඹ සිරාම ලියන්නෙක්....
ජය ! මේ ගමන මිනිස් සංහතියේ දිගු අලුත් පාරක් පාදාවි.... උඹ පසුපසින් විත් මේ කියවා ලෝකය දකින ඈස මුවහත් කරගන්නා අපූරු පරම්පරාවක් බිහිවේවි....
මල්ලි කියන්නත් ලෝභයි මල්ලි උඹට....
කියන්න වචන නෑ... මේ වගෙ මිනිස්සු හිඟයි ලෝකෙට....
සදා ලියපන්...ප්ලීස්....

ජය !!!!

Bunny said...

හරි හරි.. සූප්පු කලා :D

සිත් අහස said...

හරිම ලස්සනයි..මට වෙන වචන එන්නේ නෑ මේ ගැන කියන්න. කියන්න හදපු දේ නම් වහෙන් ඔරෝවෙන් අර්ථවත්ව කියලා තියෙනවා. අසම්පූර්ණ ලියමන අසම්පූර්ණවම තියෙන්නට අරින්න. මන්ද ඒ අසම්පූරණ බව තුල පූර්ණත්වය ගැබ්ව තිබෙන නිසාවෙන්..

hare :-) said...

ලියවිලි තුනේ තියෙන්නෙ කතා තුනක්. ඒක එකතු නොකර තිබුණ එක හොඳයි. මේක ලියද්දි උඹ 1000ක් දේවල් හිතන්න ඇති. ඒත් ලියවිල්ලට එන්නෙ 500ක් දෙවල් විතරයි සහ ඒකෙනුත් අපට ගන්න පුළුවන් වෙන්නෙ 100-200ක් වගේ ගාණක් විතරක් වෙන්න පුළුවන්. මට මේක දැණෙන්නෙ සමාජෙ අවධානය කියන එක යොමු වෙන විධිය සහ ඒකට ආයෙත් චක්‍රීයව සමාජය ප්‍රතික්‍රියා දක්වන විධිය ගැන සටහනක් වගේ.

මේ... උඹ නේද අර පොඩි උන්ට ගිලගන්න බැරි ටොපි දුන්නේ...

Rachintha Jayawardhana said...

@ඉන්දි: දැනටත් දෙතුන් දෙනෙක් කිව්ව මචං. සමාවෙයන්! අද රෑටම මේ අවුල හදනවා. කොහොමහරි, කොහොමහරි හදනවා!

@හරේ: "මට මේක දැණෙන්නෙ සමාජෙ අවධානය කියන එක යොමු වෙන විධිය සහ ඒකට ආයෙත් චක්‍රීයව සමාජය ප්‍රතික්‍රියා දක්වන විධිය ගැන සටහනක් වගේ."
අන්න හරි ලොකු අයියේ මෙන්න මට ඕන වෙච්ච කමෙන්ට් එක. ඕකම තමයි දෙන්න ඕන උනෙත්. වෙච්ච දෙයක් මිනිස්සුන්ට දැනෙන්නෙ වෙනස් විදිහකට. ඒකට උන් ප්‍රතික්‍රියා කරන්නෙ වෙනස්ම විදිහකට. එනිසා සමහරවිට, වෙච්ච දේට හරි ප්‍රතික්‍රියාව ලැබෙන වෙලාවලුත් නැතුවම නෙමෙයි වැරදීමෙනුත්!

සද්දයක් හලලා ගියාට සෙට් එකට ස්තූති වේවා!

Charmi said...

//නොපවතින දේ සහ හිමිනොවන දේ එක හැඟුමක උත්පාදකයන් දැයි මොහොතකට හැඟුනා.//

කැතක් නැතිව කියවන්න දෙයක් දෙනවට ඹට පිං.
මටත් කියන්න තියෙන්නෙ සදා ලියපන්.......!
ජය !

Jay said...

පට්ට...!!!
ඇත්තටම ලියවිල්ල උපරිමයි මුචා...!!!

~ChAnDiKa~ said...

සුපිරි කියන්නෙ පට්ටම සුපිරි!!! එල මචෝ!!

නෙරංජි සුලක්ඛනා said...

එල එල පොඩි අයියා ..නියමෙට ලියලා තියෙනවා..මම හිතන්නෙ මට තේරුණා...කලු වෙනුවට සුදු කළාට දැන් සුදු වැඩියී කියල නිකමට හිතුණා

කාංචනා අමිලානි said...

මේ ලියවිල්ලට මම හරි කැමතියි.ඔබ වචන පාවිච්චි කරන විදිහ හරි ආකර්ශනීයයි.හැම තිස්සෙම වචන ඇතුළෙ ලොකු කතා හංගන මේ වගේ ලිවීම් කියවන්නන්ව හිතන්න පොළඹවනවා.වෙන පැත්තකින් කවුලුවක් ඇරලා දෙනවා කැමති නම් බලන්න කියලා.
මම අදයි ඔබේ බ්ලොග් අඩවියට ගොඩ වුණේ.මම හිතන්නේ නැවත නැවතත් ඔබේ ලිවීම් බලන්න මම ඒවි.
ජය !

Lishan Puwakovitage said...

මට කතාව වැදිච්චි තැන් තුනක් තියෙනවා.., මාන තුනක්, කතා තුනක් සහ එක හරයක්.., [වැරදිනම් මාව නිවැරදි කරපන්] පළවෙනි පැරා එක ගොඩ දානකොටම මට දැනුනේ මහා වේලිච්චි ගතියක්.., අනික මේක ඇතුලේ ගණිතයක් තියෙනවා.., මේ කතා තුන ඇතුලේ සැකසුම වෙනස් වෙද්දී කතා වල මූලිකාංග ටික multiply කරාම වෙන වෙන කතා හදන්න පුලුවන්..! මේක හරියට මිනිස්සු අවබෝධ කරගත්තා නම් මීට වඩා පුළුල්ව අදහස් දක්වාවි..!

කොම්පීතරයා said...

අති විශිෂ්ටයි සහෝ.....දැවී ගිය පොළෝතලයේ,කර්කශ ජීවිතය විඳින සැමට නියමෙට ඇඟට වදින සුපිරි පෝස්ට් එකක්....

said...

කවුද බන් මේ දෙපැත්තේ ඉන්න නංගිලා දෙන්නා :-D

Anonymous said...

සුපිරි! අයෙ වෙන වචන නෑ කියන්න..

සාෂා | Remidiyas said...

වටින නිර්මාණයක් .....තව ඉදිරියට ලියන්න

නචියා said...

හැමදාමත් වගේ සුපිරියට ලියලා තියනවා බන්. ලිපි තුනක් කියෙව්වා එක පෝස්ට් එකෙන්.

ජය !

Unknown said...

ටොක්කක් ඇන්නාට තුති...

Buddhi said...

ගෙවලා කියවන්න වටින දේවල් නොමිලේ දෙන උඔට තුති!

ලියන ශෛලිය නං මරුපහට.....!

Post a Comment

කියෙව්වම හිතිච්ච දෙයක් ලියලා යන්න. බැරිනං නිකං ඉන්න.
සැඟවී විඳීමට අඥාතය පාවිච්චි කරන්න.
ජයෙන් ජය උඹලාට!