"හැඟීම් බොහෝමයක් තිබ්බට ඒවයේ උප්පත්ති මූලය බොහෝ වෙලාවට අපිම හෝ අපිට ලඟම මනස උසස් වූවෝ. ඒ වගේම ගැහැණිය හැඟීම් උත්පාදනයේ ඉහලම තැනක ඉන්නවා. මේ එතනින් එහාට ගිය හැඟීම්, වචන කරපු ලියමනක්...."


Saturday, August 1, 2009

මොහොතේ පැවතීම

සුනාමිය ආවේය,විනාශ කලේය,ගියේය..
වැළපුන වුන් හට එය යළිඳු සිහිවන්නේ සමරණ දිනකට පමණි.

මමත් සමග ගොඩ දෙනෙක් A/L කෙල කරගත්තෝය..
බැන වැදුනු පිරිසට දැන් එය මතකවත් නැත.

අපට 2007 ක්‍රිකට් ලෝක කුසලානයේ ශූරයන් වීමට නොහැකිවිය..
ඔලුවේ අත් ගසාගෙන සිටිවුන් දැන් අප පකිස්ථානය පැරදවීම සම්බන්ධව උද්දාමවෙයි.

ප්‍රදීප් රංගන සුපිරි තරුව විය..
ඔහුට ඡන්ද යැවූ,අත්පුඩි තලපු උන්ගේ කටේ තවමත් ඇත්තේ ජෝතිගේ හෝ මිල්ටන්ගේ සින්දුවක් පමණි.

කේමදාස මාස්ටර් අභාවප්‍රාප්ත විය..
බදාගෙන කඳුළු පෙරපු උන් "හෙමින් සැරේ පියා විදා" විකුණගෙන කයි.

රාජපක්ෂ ආණ්ඩුවට බස්නාහිර ගියේය..
අඬාවැටුනු අලින්ද,කරණම් ගැසූ බුලත් කොලයන්ද දැන් සද්දයක්වත් නැත.

ත්‍රිවිද හමුදාවෝ දේෂය නිදහස් කරගත්හ..
දන්සැල් දුන් උන් හට දැන් බත් කටක් කන්නටවත් වේලාවක් නැත.

පොප් රජු මියගියේය..
කඳුළු පෙරපු උන් දැන් Thriller ගයමින් Moon Walk දමයි.

ජීවිතය නම් එයම වෙයි..
"එනම් පවත්නා මොහොතට පැවතීමයි"
Digg It! Stumble Delicious Technorati Tweet It! Facebook

18 ක්ම තියෙනවා අදහස්:

Narada said...

ඇත්ත මචෝ, දැන් සිද්ධි වලටත් වෙන්නේ ඒකමනේ!

ක්‍රිෂාන් රංදික ජයකොඩි said...

ඇත්ත තමයි බං හැමදෙයක්ම අමතක වෙනවා. මොනවා කරන්නද ? මුළු ලෝකයම සෝඩා බෝතලයක් මෙහෙම බැලුවහම !!!

Rachintha Jayawardhana said...

ඔව් සිරාවටම..කොච්චර විමර්ශන කරත් අන්තිමට වෙන්නේ කරදරේ වෙච්ච මිනිස්සුන්ට හූල්ලන්න තමයි.කවදාවත් සාධාරණයක් ඉෂ්ඨවෙන රටක් නමයි මේක..දැන් ඔය කාවින්ද්‍යා සහෝදරීගේ සිද්ධියටත් ඕකම තමයි වෙන්නේ.

Prabodha said...

ඔෙහාම තමා බන් ෙලාෙක් හැටි,ඔන එකක් ටික කාලයයි,.

෴ Residence Of Hasiya ෴ said...

සරළයි. නමුත් සත්‍යයි.

Rachintha Jayawardhana said...

හ්ම්ම්ම්...ස්තූතියි !

sachi said...

atta..hamadema mohothaka suwayak withrai,,,eth ehema hithuwoth hama dema epa wenawa..jeewithe hati ehema thama..

Rachintha Jayawardhana said...

ඒක තමයි..මෙතනදි මම ඒක ගැන වැරැද්දක් කියල නෑ.ඒක තමයි සාමාන්‍ය ජීවිතේ හැටි.

kaushalya said...

aththathama hamadema tika kalayai

Rachintha Jayawardhana said...

hmm...

පොතේ ගුරා said...

පේන දේට වඩා යමක් කතා වෙන නියම නිර්මාණයක් මචන්..එළ!

Rachintha Jayawardhana said...

තෑන්ක් යූ ගුරෝ..වටින කමෙන්ටුවක් !!

කන ලග යාලුවා said...

ඇයි මචං රණවිරැවන් සහ උත්තමාචාර. ඒ දවස් වල ෙකාෙහාමද, TV ඒක දැම්ෙමාත් FM Channel ඒකක් අැහුෙවාත් පුදුම අාදරයක්ෙන් බන් තිබුෙන් රණවිරැවන්ට. ෙකා් දැන් ඒවා? මහ රෑ ෙවනකන් රණවිරැවන්ට උත්තමාචාර තිබ්බ ජාතියක් නැති ජාතික නාලිකාවට දැන් යුද්ධයක් තිබුණා කියලා වත් මතක් ෙවනවද? දැන් කාට කාටත් යුද්ෙද් මතක් ෙවන්ෙන් තමන්ෙග් වාසියට විතරයි

ඒෙහම තමයි බන් හැමතැනම. මුල මතක තිෙයන මිනිස්සු හරිම අඩුයි. උබට මට හරි ඒ ෙද් කරන්න පුලුවන් නම් ෙහාදයි. ෙටාපිය ඒකට උදව්වක් කර ගමු …!

Rachintha Jayawardhana said...

ස්තූතියි මචෝ..මම ඒක තමයි "දේෂය නිදහස්" කරගත්තු පේළියෙන් අදහස් කරේ.දන්සැල් දීපු එවුන්ට ඒවා මතක නෑ.ඔය කාලෙන් කාලෙට මව්බිමේ නාලිකාව,ජාතියේ නාලිකාව,දේෂයේ නාලිකාව කිව්ව නාලිකාව දැන් අංක එකේ නාලිකාව වෙලා.ඔය කියපු නාලිකා වලින් උනේ කට ඇරගෙන යුද්ධේ බලපු මිනිස්සුන්ගේ පොකට් එකට ගැහිල්ලක්.

malee_msg said...

අම්මපා..! සහතික ඇත්ත!

Rachintha Jayawardhana said...

හිහ්හී..ඔව් සහෝදරී!
ස්තූතියි!!

CD Athuraliya said...

no comments මචං!

Rachintha Jayawardhana said...

මොකෝ බං මේ හැම එකටම නෝ කමෙන්ට්ස් :ඩී

Post a Comment

කියෙව්වම හිතිච්ච දෙයක් ලියලා යන්න. බැරිනං නිකං ඉන්න.
සැඟවී විඳීමට අඥාතය පාවිච්චි කරන්න.
ජයෙන් ජය උඹලාට!