"හැඟීම් බොහෝමයක් තිබ්බට ඒවයේ උප්පත්ති මූලය බොහෝ වෙලාවට අපිම හෝ අපිට ලඟම මනස උසස් වූවෝ. ඒ වගේම ගැහැණිය හැඟීම් උත්පාදනයේ ඉහලම තැනක ඉන්නවා. මේ එතනින් එහාට ගිය හැඟීම්, වචන කරපු ලියමනක්...."


Monday, August 24, 2009

Online ආදරයෙන් මට්ටු වුනෙමි. . .

ඇය මාගේ අපොස සා.පෙළ පන්ති වල සිට මිතුරියක් වූවාය.

ඒ දින වල සිට ඇගේ රූපයට ආශා කලද. . .ඇය ගැන ආදරයක් මසිතේ කෙළවරක හෝ නොතිබ්බේය. . .

ලඟ ඇසුරක් නොතිබුනු නිසාවෙන් සා.පෙළින් පසු අපට අප අමතක වී තිබුනි. .

කෙසේ හෝ තුන් අවුරුද්දකට පසු මූණු පොත විසින් අපව යලිඳු මිතුරන් ලෙස එක් කලේය. . .

ඇයගේ සොඳුරු අදහස් කතා බහ විලාශය මා සිත් ගත්තේය. . .

කිසිඳු පැකිළීමකින් තොරව මම ඇයට ආදරය පුද කලෙමි. .ඇයගෙ පිළිතුර "අනේ" විය. . .

ඇය මුසා කියන චරිතයක්ද නොවේ (මම වගේ :කැපිටල් ඩී)

හේතුව වූයේ,ඇයට තවමත් ආදරය වැනි හැඟීමක් ඇතිවී නොමැති බවයි. .අනික Online ආදරයද ඇයට රිස්සුවේ නැත. . .

මට දුක සිතුනේ,ඇගේ ආදරය දිනා ගැනීමට නොහැකි වූ නිසා පමණක් නොව. .වයස 21ක් වුවද ආදරය නොපිවිසුනු ඇගේ ළාමක සිතට කුළුඳුලේම ආදරය කිරීමට හා ඇයව එසේ පෙලඹවීමට තරම් මා පාපතරයකු වූ බැවිනි. . .

සියල්ල අමතක කොට මා නැවතත් සුවෙන්...

මෙම කෙටි සටහන මාගේ එක් ඒක-පාර්ශවික ආදරයක මතක සුවඳ ඔබ හමුවේ තැබීමටය. ..

Digg It! Stumble Delicious Technorati Tweet It! Facebook

36 ක්ම තියෙනවා අදහස්:

ක්‍රිෂාන් said...

උඹ නම් මාර වැඩනේ කරන්නේ ! එතකොට මැරියන්ට මොකද වෙන්නේ ?

said...

අනෙ බන් මට මේ ඔක්කොම කට්ටිය පැටලිල
එක කෙල්ලෙක් දෙන්නෙක් ගැන කියපන්කෝ

Rachintha Jayawardhana said...

@මරණේ: හිහ්හී...හරි ඉතිං !
මීට පස්සේ ඔය කෙනා ගැන මතකේ තියාගන්න ඕන නෑනේ මරණේ.

Rachintha Jayawardhana said...

@ක්‍රිෂාන්: මැරියන් සුවසේ ඉන්නවෝ..

උෂාන් කෝදාගොඩ විතාරණ said...

try again :D

ශාකුන්තල | Shaakunthala said...

උඹ හදිස්සි වෙලා වැඩියි මලේ... ක්‍රම සහ විධි tips and tricks ඕන නං අහන්ඩෝ... :කැපිටල් පී

Narada said...

:කැපිටල් ඕ

ඉන්න කෙනා මදි වෙලාද තව කෙනෙක්?

Rachintha Jayawardhana said...

@Ushan: hmm..hmm..

Rachintha Jayawardhana said...

@ශාකුන්ත්ල: මම කරපු දේවල් ගැන ලිව්වේ නෑ.ලියන්න අන්තර්ජාලෙත් ඉඩ මදියි.

Rachintha Jayawardhana said...

@බින්කු: ඒක වෙන්න කලින් මචෝ මේක වුනේ..

සහන් සටහන් said...

අයියෝ කෙල්ල "අනේ" කිව්වෙ කෙල්ලට වෙන කොල්ලෙක් ඉන්න නිසා උඹ පරක්කුයි කියන්න. ඉස්සරල ඒක තේරුම් ගනින්....මේව කියන්නෙ අද්දැකීමෙන්.

Rachintha Jayawardhana said...

@සහන්: හිහ්හී..එහෙමත් එකක්ද ?
කවුරු දන්නවද බං ඕවා ??
සමහරවිට වෙන්න බැරිත් නෑ..මොනවා උනත් අවුලක් නෑ..දැන් මම හිතන්නේ නෑනේ !

Kanishka said...

කැපිටල් ඩී. ගොඩ යන ක්‍රම සහ විධි තියෙනව

ශාකුන්තල | Shaakunthala said...

මැරියන් කෙනෙක් ඉන්නව කිව්ව නේද? එයාට මොකො වුණෙ?

ලව් සීන් වලදි ඔය 'අනේ' පාරවල් වලට රැවටෙන් එපා... ඕවයෙදි කෙල්ලන්ව තඹ සතේකට විශ්වාස කරන්න බෑ.

කෙල්ල උඹව කරකවල අතෑරල තියෙනවා.. දැන් උඹටත් කරන්න තියෙන්නෙ ඒකම තමා... strategies පාවිච්චි කරපං.. :කැපිටල් පී

ඉතිරි හරිය සවිස්තරව කියල දෙඤ්ඤං shaakunthala[at]gmail[dot]com පේපැල් එකට ඔය තියෙන කීයක් හරි එව්වනං. :ලොකු කැපිටල් ඩී

Rachintha Jayawardhana said...

@කනිශ්ක: දැන් ගොඩ යන්න ඕන නෑ මචෝ !තැන්කියූ වෙන්න ඕන ඇහුවට !

Rachintha Jayawardhana said...

@ශාකුන්තල: මැරියන් හොඳින් ඉන්නවා අයියේ..මමනේ හොඳින් නැත්තේ.දැන් ඒ ඔක්කෝම ඉවරයි.ඒක හින්දා උඹේ උපදෙස් එපෝ.සල්ලිත් නැතෝ :තඩී කැපිටල් ඩී

චතුරංග රූපසිංහ said...

ුවෙ ම් මොකක්ද කඅපිටල් තතාව කියලා හි හි 1000000* :වම් වරහන්

Rachintha Jayawardhana said...

@චතුරංග: හිහ්හී..දැන් හැම එකාම ඒ සිස්ටම් එකට තමයි හැඟීම් ප්‍රකාශ කරන්නේ

Indranama said...

:කැපිටල්_ඩී මුලින් බෑ කියන්න බැරි තැනට පත්කරගෙන ඉන්න ඕනේ. ඒ කිව්වෙ තමුන්ව එයාට නැතුවම බැරි කරගන්න ඕනේ. අන්න ඊට පස්සෙ ඇහුවනං වැඩේ ගොඩ ! :කැපිටල්_පී

Unknown said...

Online ආදරය නරකමත් නැහැ මචෝ.........

Rachintha Jayawardhana said...

@ඉන්ද්‍රනාම: දැන් කොහොමත් වැඩේ ඉවරනේ කොල්ලා.මොනවා උනත් ස්තූතියි උපදෙසට !

Rachintha Jayawardhana said...

@Tharuka: ඔව්..ඔව්.. ඒකත් මරු !

නිලැස් | Niles said...

අනේ අපොයි...!! කමක් නැහැ මැරියන් ඉන්නවනෙ :දකුණු පස වරහන

malee_msg said...

ඔන්ලයින් හින්දම කමක් නෑ ඉතිං...

Rachintha Jayawardhana said...

@malee: නෑ..නෑ..අක්කේ මුණගැහිලත් තියෙනවා.ඒත් ආදරය ප්‍රකාශ කලේ Online නේ.

Rachintha Jayawardhana said...

හිහ්හී...නිලැසෝ ස්තූතියි දුක හිතිච්ච එක ගැන

Prabodha said...

ඔබට ඈය ගන අවන්ක අදරයක් අතිඋවා නම් දුක් උවාට කම් නෑත,නමුත් ඔබ අදරය කර තිබෙන්නේ ඈයගේ පිට පොත්ත්ටය,එම නිසා දුක්නොවන්න,අනික ඔබ ඈයට වරදක් කර නොමෑත.ඔන්ලය්න් අදරය මටනම් කොහොමත් දිරවන්නෙ නෑත.එය පවතින්නෙ ඉන්ටර්නෙට් තිබෙන තුරවට පමනි,එවන් අදරයක අරුත කිම?

Rachintha Jayawardhana said...

උඹ එහෙම කියන එක වැරදියි..මම එයාට ඇත්තටම ආදරය කලේ.එයාගෙ පිට පොත්තට ආදරය කලා නං මම ඒදවස් වලත් ආදරය කරන්න තිබුනා.මම එහෙම කලේ නෑ.පස්සේ එයත් එක්ක කතා කලාම,මම එයාගේ අදහස් වලටයි ආදරය කලේ.ඒක ඇත්තටම අවංක ආදරයක්.දැන් එහෙම නැති උනත් !

ලොකු මල්ලී said...

මල්ලිත් 2පාරක් ඒක පාර්ශවික ආදරයවල් කරලා තියෙනවා ඉතා අහින්සක කෙල්ලෙක්ට සහ අනර්-කෙලී ජාතියේ බඩුවකට.

Rachintha Jayawardhana said...

හිහ්හී..උඹ ඇනා ටත් ලව් කලාද ?

Isuru Wijesinghe said...

ඒක පාර්ශවීය ආදරය. ම් ම් ම් කරනකොට නම් හොඳයි. මාත් දෙපාරක්ම කරපු එකනෙ. කැපිටල් පී

Rachintha Jayawardhana said...

ඔව්...පොකට් එකටත් හොඳයිනේ

Kana Laga Sahodaraya said...

Paw Ahinsaka Muchalinda...!
Mata adenawa meka dakala.
~
~
~
~
~
~
~
~
~

Uba itin magen ahaganna tamai yanne.Pal Hora...!

Rachintha Jayawardhana said...

monawada uba kiyanna hadanne ???
yako,mama ahinsakai !

දුකා said...

මට නම් හිතෙන විදිහට ගෑනු ළමයෙක් "අනේ " කියන්නෙ . . . ."හා හැබැයි එකපාරටම බෑ . . " කියනව වගේ කියලයි . . උඹ හදිස්සි වෙලා වැඩී වගේ . . තව පාරක් නිකම් වෙන ක්‍රමේකින් අහල බලපන් . .

Rachintha Jayawardhana said...

dan ba dukaa aiye..dan pawul wela iwarane mama !

Post a Comment

කියෙව්වම හිතිච්ච දෙයක් ලියලා යන්න. බැරිනං නිකං ඉන්න.
සැඟවී විඳීමට අඥාතය පාවිච්චි කරන්න.
ජයෙන් ජය උඹලාට!