"හැඟීම් බොහෝමයක් තිබ්බට ඒවයේ උප්පත්ති මූලය බොහෝ වෙලාවට අපිම හෝ අපිට ලඟම මනස උසස් වූවෝ. ඒ වගේම ගැහැණිය හැඟීම් උත්පාදනයේ ඉහලම තැනක ඉන්නවා. මේ එතනින් එහාට ගිය හැඟීම්, වචන කරපු ලියමනක්...."


Tuesday, November 24, 2009

හඳ
















කන්ද කපාගෙන පායන හඳ
මිදුලට එන හඳ
නොදන්න මුත් හිරුගෙන් එළිය වෙන හඳ
බැද්ද වටින් මඩල පිටින් මෝදුවෙන හඳ

පිරිපුන් මූනට කියන්නෙත් හඳ
මූනේ වලවල් නං එකට කියන්නෙත් හඳ
මලක් ඇද්දම යන තැනත් හඳ
මැද්දට කෙස් නැත්තං ඒකට කියන්නෙත් හඳ

පොලොවේ ඉඩ මදි උනාම යන්න ඉන්නෙත් හඳට
ලෝකේ වටේ ගිහින් එපා උනාම යන්න ඉන්නෙත් හඳට
ක්ලාක් මහත්තයා සෙන්චරිය සමරන්න යන්න හිටියෙත් හඳට
වැඩි හරියක් සින්දු කියලා තියෙන්නෙත් හඳට

පුංචි එවුන් කතාකරන්නෙත් හඳට
නිදිවදිද්දී යන්න හදන්නෙත් හඳට
මල් කුමාරයෝ පාවෙන්නෙත් හඳට
අපේ ඇමති ලාටත් තව යන්න ඉතුරු වෙලා තියෙන්නෙත් හඳට

පසලොස්වකට පිරිලා පායන්නෙත් හඳ
රාමසාන් වලට ෆාතිමා බලන්නෙත් හඳ
අප්පච්චී අකමැති උනාම පැනලා යන්න එළිය දෙන්නෙත් හඳ
කාලෙකට සැරයක් ඉර වහගෙන ඉඳලා දවාලට කළුවර කරවන්නෙත් හඳ

Digg It! Stumble Delicious Technorati Tweet It! Facebook

20 ක්ම තියෙනවා අදහස්:

LG said...

කෑලි, භාග, ෆුල් හැමවිදියටම පේන මේ හද..

කොච්චර බැලුවත් එපා වෙන්නේ නැති හද..

;-)

නියමයි සහෝදරයා... ;-)

Rachintha Jayawardhana said...

තැන්කූ සහෝදරී...මම හිතුවේ නෑ මේකට කවුරුවත් නියමයි කියයි කියලා !

LishWish said...

අනර්ඝයි මල්ලී. හිතා ගන්න බැරි තරමට ලස්සනයි...,
මෙහෙම බැලුවාම කාටත් හැමදේම අවසානෙ ට ඉතුරු වෙලා තියෙන්නේ හඳ නෙව

හඳ ලැබෙතත් නොලැබෙන හද
එළි වේවා එළියෙන් හඳ
මේ කවි සඳ පායන සඳ
තුටුවන්නේ මා සිත්සඳ

දුකා said...

නියම අදහසක් . .. . කෝකටත් තෛලය වහේ ඇත්තෙනම් හඳ තමයි හැම මගුලටම තියෙන්නේ . . . හික් හික් . . ..

එල එල . . .

Anonymous said...

'පිස්සු හැදෙන සඳ'
ඒක අමතක උනාද?

Rachintha Jayawardhana said...

බොහෝම පිං ලිෂාන් අයියේ.ඒ වගේම මරු කවි පොඩ්ඩ

Rachintha Jayawardhana said...

හිහ්හී...මොනවා උනත්,අපි එතනයි. . .හඳ හඳමයි කිව්වලූ දුකා අයියේ

Rachintha Jayawardhana said...

@පිස්සා: හිහ්හී...උඹටත් උඹේ නමෙන්ම හිතුනා නේ බං..එල එල !

kaushalya said...

shoi hada :)

Rachintha Jayawardhana said...

hmmmmm :)

ඇනකොන්ඩා said...

හඳ දිහා කොච්චර බලාගෙන හිටියත් එපා වෙන්නේ නෑ නේද?

sachii said...

hoda kawi sankalpanawak...hada gana mechara katha kerenawada kiyalath hithenawa...loku unama api hada dakinne podi kaale balapu widiyata nemei ne..hade lassanata wada dan dakinne hade sisilen sitha niwena hati..

C0dE | කෝඩ් said...

එල එල... මොකද එක පාරටම හද මතක් වුනේ පෝය ලග නිසාද නැත්නම් වෙන හේතුවක් නිසාද.

Rachintha Jayawardhana said...

@ඇනකොන්ඩා: ඔව් මචෝ ඒක නං ඇත්ත.ඒ තරමට ලස්සනයි !

Rachintha Jayawardhana said...

@Sachi: shah..maru aluth sithuwillak !

Rachintha Jayawardhana said...

@CODE: හඳ ගැන ලියන්න කියල යලුවෙක් කිව්වේ.

C0dE | කෝඩ් said...

මම බැලුව හදපානේ රවුමක් වත් යන්න හදනවද කියල.

Prabodha said...

නියමයි නියමයි හඳ නම් නියමයි...අන්තිමට බැලුවහම කොහෙන් ගියත් හඳ....එකත් මරු....අපේ සමහරුනම් මේ වෙලවටත් හඳේ.......එල එල

Rachintha Jayawardhana said...

හිහ්හී...කවුද ඉතිං ඔය සමහරු !

Prabodha said...

@mchalinda:අය්යෝ එක නම් අහන්න එපා....

Post a Comment

කියෙව්වම හිතිච්ච දෙයක් ලියලා යන්න. බැරිනං නිකං ඉන්න.
සැඟවී විඳීමට අඥාතය පාවිච්චි කරන්න.
ජයෙන් ජය උඹලාට!