
ඉන්න හිතෙන්නෑ මට මෙහේ
යන්න හිතෙනවා කොහේහරී
එපා වෙලා මට
මේ කරුම තුච්ඡ ලෝකේ
අච්චර රස කොත්තුව කන්නත්
බලෙන් ඊ.ජී.බී. ඇඟේ ගහන
එපා වෙලා මට
මේ කරුම තුච්ඡ ලෝකේ
කොච්චර පණ පෙරාගෙන ලව් කරත්
හිතුනම අරයට ගානක් නෑ කියලා
එපා වෙනවා මට
මේ ආදර විජිතේ
අරයා මට අච්චර ආදරේ කරලත්
මම මෙච්චර විකාර ප්රාණියෙක් උනාම
එපා වෙනවා මට
මේ ආදර විජිතේ
මාසේ අන්තිමට එන විභාග කන්දරාව මදිවට
මැද්දෙන් තියෙන මලවිකාර දැක්කම
එපා වෙනවා මට
මේ හත්ඉලව් අධ්යාපනේ
ඇත්තටම මෙච්චර කරුම වෙලත්
තාම ජීවත් වෙන්නේ
ඕනකමක් තියෙන හින්දා ජයගන්න
මේ කරුම ලෝකේ






13 ක්ම තියෙනවා අදහස්:
එල එල, හැම දේම එපා වුනාට බ්ලොග් එක ලියන එක නම් එපා වෙලා නෑ වගේ. නියමයි.
ඒක හරි.., මොනදේ උනත් ජය ගනින් මේ කරුම ලෝකේ...!
මරු කවිය...! උඹ වගේම තමා...!
@Code:ඒකනං එපා වෙන්නේ නෑ මචෝ.එපා වෙනවා කියලා හරි ලියන්න ඉතුරු වෙලා තියෙන්නේ මේකනේ.
@LishWish: හිහ්හී..තැන්කූ වෙන්න ඕනේ ලිෂාන් අයියේ
මට නම් කරුම ගෙවෙනව කියල හිතෙනකොට මම ජීවත් වෙනව කියල හොඳටම දැනෙනව! සිතුවිල්ල නම් බොහොම ලස්සනයි!
ඔයාට විතරක් නෙමේ , හැමෝටම වෙලාවකට ඔක්කොම 'එපා" වෙනවා
මටත් අද "එපා....." වෙලා ඉන්නේ ;-)
ලොකේ හැටි ඔහොම තම සහෝ..මොනා කරන්නද?ඉපදුනා නම් මේ කරුමේ ගෙවන්නම වෙනවනේ...කොහොමහරි කරන්න තියෙන්නේ කරුම ජීවිතේ ගොඩ දා ගන්න එක තමා..නොසැලී ඉන්න බලපන්
@නුවන් චින්තක: තැන්කූ මචෝ දිරිදීමට.
@LG: ඒ මොකෝ!
@Prabodha: හ්ම්ම්ම්...මගේ කවියේ කියන්නෙත් ඒක ගැනනේ.
ගෝලකාර ලෝ පොලෝ තල
සැලෙන සත් සමුදුරු රළ පෙල
දැනෙන හුදෙකලා සිතිවිලි මුසල
එපායැයි සිතෙයි මේ කෙහෙල්මල
සඟල යුගල් අහිමි දෙපයින්
ගිනියම් පොළවේ හිස් කුසින්
ලසෝ වැළපෙන හිස් හිතින්
නොව උපන්නේ නූඹ ඉතින්
වැහිදියට වහලක් දෙන්නට
හිස් බඩට බොජුන් දෙන්නට
ගනින් දිරිය නුඹ අනාගතයට
ඒ කරුමයට පිං දෙන්නට
ඇත්තටම නියමයි බින්කු.උපරිමයි මචං.මේක ලොකු දිරිදීමක් !
තරහා ගන්න එපා මචෝ. උඹේ කවියට වඩා බීන්කුගේ කවියා මාර සිරා .
බොක්කටම වදිනවා.
මොනා උනත් ඔහොම කලකිරෙන්න එපා මචන් ජීවිතේ ගැන
ඔය එපා වෙන ජාති තියෙන නිසා තමයි ඕන වෙන ජාති වල අගේ වැඩි !
හහා...එහෙම තරහා වෙනවද මචං මම.ඔව් ඒක ඇත්තටම සිරා!
ඌත් මේ ටිකේ කතා වලින් එහාට ගිහිල්ලා.ඕන්න අපිනං දන්නේ නෑ හේතුව ;)
ගොඩක් අයට එපා වෙල තමය් ඉන්නෙ...
මන් නම් ඔකෙන් වැඩියෙන්ම කැමති...
මන් මෙච්චර ආදරෙ කරලත් එයාට ගානක් නැතිව කියන කැල්ලට....
he he...
Post a Comment
කියෙව්වම හිතිච්ච දෙයක් ලියලා යන්න. බැරිනං නිකං ඉන්න.
සැඟවී විඳීමට අඥාතය පාවිච්චි කරන්න.
ජයෙන් ජය උඹලාට!