මෙම කවිය ලිෂාන් සහෝදරයාගේ ආදරවන්තී | දිව්‍ය කුමාරී කවි පන්තිය කියවීමෙන් සිතට නැගුනක් බැවින්,කරුණාකර ඉහත සඳහන් කල කවි පන්තිය පළමුව කියවා සිටින්න.

ඔබ නම මුමුණමින්
මිරිකගෙන
සැතපෙමි සුවෙන්
ආදරවන්තී,දිව්‍ය කුමාරී
කකුල් දෙකෙන්
බස් රියේ නැගිගමන්
හිත දුවනවා කකුල් තියලා
මගේ හිත
ඔබ ගෙනිහින් මා දිව්‍ය කුමාරී
කනටම ඇලවිච්ච
ඉයර් ෆෝන් දෙක
බෑග් එකේම පුස්කනවා
මගේ වටේම පිරිච්ච
ඒ හුරතල් කටහඬ නිසා
දාපු මුද්ද
ගලෝගන්න බෑ
හිත හයිය නැතුව නෙමෙයි
ඇඟිල්ලට මස් පිරිලා
ගලවලා දෙන්නකෝ,දිව්‍ය කුමාරී






19 ක්ම තියෙනවා අදහස්:
හ්ම්ම්.. අමුතු තාලෙ කවියක්.. ගතියක් තියෙනවා..
එළ ;-)
@ජනුක: තැන්කූ මචං
@LG: ඔයා කොහොමද මෙච්ච ඉක්මනට මේක කමෙන්ටුවක් දැම්මේ.සින්ඩියේ ගිහිල්ලත් නෑ.ඔයා මගේ මූණු පොතේ ඉන්නවාද?
එදා අර කොමෙන්ටුවේ දැම්මට මම හිතුවේ නෑ මේ වගේ ලස්සන වැඩක් උඹ කරාවි කියලා...! අගෙයි සහෝ..!
ලස්සනයි කවිය..!
ජයෙන් ජය ම පතනවා...!
තැන්කූ වෙන්න ඕනේ අයියේ :)
niyaimai ..maruuu kawi tika..
maxxaa!!!
@Sachi:Thankuu :D :D
@Grey:Thanks machang !
@මුචලින්ද
මම ඔයාගේ බ්ලොග් එක fololw කරනවානෙ. ඉතින් බ්ලොග්ර් dash board එකේ update වෙනවා ඔයා අලුත් පෝස්ට් එකක් දැම්මම...ඒකයි මගේ රහස! :-P
@LG: අහ්...දැනුයිනේ මතක් උනේ
මරු කවියක් මචෝ....මෑක්සා...........
සින්ඩියෙ යනවාකියන්නෙ මොකක්ද බන් ??
කවියට කවියක් වගේ..... එළ එළ නියමයි මස්සිනා
රෑ රැයට ගෙනමින් උණුසුම් සිසිලක්
නෑ හිතට දැනෙමින් කිසියම් විමසුමක්
ඈ සඳට ගෙනමින් ගිනියම් පාළුවක්
රෑ හීනට කොදුරමින් සුපෙම් වදනක්
ඈ....
ඒ.....
මගේ....
ආදරවන්තී, දිව්‍ය කුමාරී . . . !
"රෑ රැයට ගෙනමින් උණුසුම් සිසිලක්" යන්න "රෑ අඳුරට ගෙනමින් උණුසුම් සිසිලක්" යනුවෙන් නිවැරදි විය යුතුය.
කොම්පුටරේ ඉස්සරහ ලියද්දී වැරදෙනවා නෙව මට!!!
@ප්‍රබෝධ: තැන්කූ වේවා මචෝ !
@ජනුක: මම උබට මූණුපොතෙන් පණිවුඩයක් එවන්නන් ඒ ගැන.
@කෝඩ්: තැන්කූ වෙන්න ඕනේ මචෝ !
@බින්කු: මචං ඕක සින්දුවකට ගන්න පුළුවන්.සිරා!
මටත් ටයිප් කරද්දී හෙනට වැරදෙනවා බං.
ලස්සන කවිය :)
තැන්කූ
Post a Comment
කියෙව්වම හිතිච්ච දෙයක් ලියලා යන්න. බැරිනං නිකං ඉන්න.
සැඟවී විඳීමට අඥාතය පාවිච්චි කරන්න.
ජයෙන් ජය උඹලාට!