"හැඟීම් බොහෝමයක් තිබ්බට ඒවයේ උප්පත්ති මූලය බොහෝ වෙලාවට අපිම හෝ අපිට ලඟම මනස උසස් වූවෝ. ඒ වගේම ගැහැණිය හැඟීම් උත්පාදනයේ ඉහලම තැනක ඉන්නවා. මේ එතනින් එහාට ගිය හැඟීම්, වචන කරපු ලියමනක්...."


Tuesday, December 15, 2009

විකිනෙන ලඳ

මෙය ලිෂාන් අයියාගේ ලිපියකටද,මහේෂ් මුණසිංහගේ අක්ෂර සෙනගේ කවියකටද,ටැබූ ගේ ලිපියකටද ඇබ්බැහි වී සිටින කල ලියන ලද්දක් බව කරුණාවෙන් සලකන්න.

වෛශ්‍යාව,ගණිකාව
එහෙමත් නැත්නම් වේසිය
සුරසැප දෙන්නිය. .
කොල්ලෝ ෂාහ් කියන
කෙල්ලෝ ෂීහ් කියන
රූමත් උනත් නැතත් ලඳ. . .

ලබන්නට යන එකා
කොලුකමට හෝ ඇබ්බැහිය. .
පෙම්වතියක් බිරිඳක් නැතිකමින්
හෝ ඉන්න කෙනාගේ අසම්පූර්ණත්වයෙන්
හෝ ඒ පැත්තේ නුවුවමනාව හින්දා. . .
සල්ලිත් හොයාගෙන

ඒ විකිනෙන ලඳ
ගමට සල්ලි යවන්න
ලෙඩ ඇඳේ ඉන්න මිනිහටයි
තාත්තා අඥාත වෙච්ච දරුවටයි
සස්ටජන් එකක් ගන්න. . .
වැඩි දුරකට ඉගෙනගන්න ආසාවෙන් හෝ

ඒ ඒකිගේ රස්සාව
ලොකු ලොකු තැන් වල ඉඳලා සල්ලි ගහනවාට වඩා
ලොකු ලොකු තන් පෙන්නලා සල්ලි හොයන එක
සාධාරණ නැද්ද ?
රස්සාවෙන් සීලේ කැඩෙනවද ??
මෙහෙව් කරන්නේ ගෑණු විතරද ???

අවසන පවකට හෝ පිනකට
මුදලට හෝ නොමිලේ
සතුටට හෝ පලිගැනුමට
වින්දනයට හෝ විඳවීමට
කොච්චර ආතල් වුවද
වරද වරදක්මය. . .
Digg It! Stumble Delicious Technorati Tweet It! Facebook

20 ක්ම තියෙනවා අදහස්:

Buru Babe said...

hell...... just finished commenting lish's blog n see where i ended up?
awesome writing malli

දුකා said...

good one . . Yes we should peep in to their lives deeper than how we used . . . . !!

Anju said...

හොඳ කවියක්..!!!

malee_msg said...

ඇත්තටම හොද කවියක්..

C0dE | කෝඩ් said...

නියමයි මුචා...

LishWish said...

ඕක ඇතුලේ ලොකු ( ගොඩක් අය කියන්න කැමති නැති ) සමාජ විද්‍යාවක් තියෙනවා මුචා. ඒ උඩ සැතපිලා හොයන සල්ලි අවසානෙට යන්නෙ කොහෙද කියලා දන්නව නම් කවදාවත් හරි මිනිහෙක් ඒ වැඩේ කරන්නෙ නෑ. නිකම් සල්ලි දීල යාවි. අවාසනාවට ගොඩක් අයගේ මොළේ ඒ කොටස නිර්වින්දනය වෙලා තියෙන්නේ...!

කවිය නම් outstanding..!

බිඟූ said...

මසං, ඔය ඉන්න ගෑනුන්ගෙන් ඇහුවොත් කියාවි උන්ගේ ජීවිතේ යන්නේ කොහොමද කියලා.

ඒක ඇහුවට පස්සෙත් හිතෙනවානම් ඕ.කේ. කියලා කමක් නෑ වරෙදේ බැඳුනට.

/නිශාන්ත

Anonymous said...

නියම ටොපියක් .......... ඇතත්තටම මාර රසයි

MaJee said...
This comment has been removed by the author.
MaJee said...
This comment has been removed by the author.
Anonymous said...

හැමදාමත් වගේ මාරයි මචාන්..

Prabodha said...

කවිය නම් මරු.."කුහුබුවකුට වත් වරදක් නැති වරදිකාර ලඳුනේ.........."

Rachintha Jayawardhana said...

හ්ම්ම්ම්,අපේ සමහර එවුන් වැඩේ කරලා ඉවර වෙලත් එලියට එන්නේ ඔය සින්දුව කිය කිය.ඒකනේ මචෝ දුක !

Narada said...

පෞද්ගලික ජිවිතයේදී මට හමු වෙලා තියෙන්නේ ඒකම ඒක ගණිකාවෙක් විතරයි, ඒ මගේ යෙහෙලියෙක් පසුකාලයක වුණාට පස්සෙයි. ඒ නිසා මුල ඉඳං එයාගේ කතාව යාත්තමින් හරි දැන හිටි මට පසුකාලයක එයාගේ මුළු කතාවම දැන ගත්තාම පුදුම ශෝකයක් දැනුනා.

නමුත් අද මම ඇය ගැන සතුටු වෙන්නේ ඇයගේ අනිත් ඇතැම් යෙහෙලියන් මුල් තැන් අමතක කර ලොකුවට ඉන්නකොට ඇය තමාට උගන්වපු ගමේ පාසැලේ ගුරුවරයා අසනීප වුණ වේලාවකදීත් ඔහුගේ හදවත් සැත්කමට මුදල් දෙන්න තරම් උතුම් වුණ නිසායි.

දැන් ඇය ඇය ගැන දැන සිටි කෙනෙක් පසුකාලීනව ඇරඹුණු පිවිතුරු ආදරයක් නිසා දැන් ඒ රුකියාව අත්හැර විදේශගත වෙලා, ඒසේ වුණත් ඇය තාම පොළව මට්ටමේ.

සමාජයේ වැරද්දෙන් හෝ දුගීකම තදින් පෙරෙළනකොට බැරිකමටම රසාස්වාදීයෝ වෙන අය අපි හිතන තරම් තත්වයේ නෙමේ මචං.

Rachintha Jayawardhana said...

හ්ම්ම්ම්...ඒක එක්තරා ආකාරයක හොඳ අත්දැකීමක් මචං.මම කියන්නේ නරක ආකාරයකට නෙමෙයි.උඹට මරු අත්දැකීම් ගන්න වගේම ඒ හරහා හිතන්නත් පුලුවන්.

ඔව්,මිනිහෙකුට ඔය දේ තේරුම් ගන්න හරිම අමාරුයි මචෝ.මිනිහෙකුට මරාගෙන මැරෙන බෝම්බ කාරයෙක් වෙන්නයි,ගණිකාවක් වෙන්නයි තමයි අමාරුම.බෝම්බ කාරයා මැරෙන්නේ එක පාරයි.ඒත් ගණිකාව ???

Supun Sudaraka said...

සිරා!
ලිපියයි, ප්‍රතිචාරයි මේ දෙකටම අගයක් එකතු වෙලා තියෙන හැටි... මාරයි!

ආගන්තුකයා | Stranger said...

කතාවේ තව පැත්තක් තියෙනවා.. ඒක තමා ඔය කියන විකිනෙක ඇඟ පැය 3 - 4 කට සල්ලි වලට අරගෙන එතනින් එලියට ආපු ගමන් ඒකට කෙල ගහන්න ගන්න එක... සිගරට් එකක් බොන එක පාපයක් වෙච්ච ලංකාවේ බඩුවක් ගහන එක පවක් නොවෙනවනම් තමයි පුදුමේ.. සෙක්ස් කියන එක පාපයක් වුන දවසට සෙක්ස් විකුණන එවුන්ට ගල් ගහන්න සෙක්ස් නොදන්න එවුන් විසිපන්දාහක් ලිප්ටන් වටරවුමට ගොඩවදුනත් ඒකෙත් පුදුමයක් නෑ මලයා...

වන්නි said...

වෙනස් නමුත් ඇත්ත කියැවෙන අර්ථ දැක්වීමක්.
@ලිෂ්... සම්පූර්ණයෙන්ම එකඟයි.

Jay said...

පට්ට.

Rachintha Jayawardhana said...

සද්දයක් දාලා ගිය සෙට් එකටම තැන්කියු කිව්වා!

Post a Comment

කියෙව්වම හිතිච්ච දෙයක් ලියලා යන්න. බැරිනං නිකං ඉන්න.
සැඟවී විඳීමට අඥාතය පාවිච්චි කරන්න.
ජයෙන් ජය උඹලාට!