"හැඟීම් බොහෝමයක් තිබ්බට ඒවයේ උප්පත්ති මූලය බොහෝ වෙලාවට අපිම හෝ අපිට ලඟම මනස උසස් වූවෝ. ඒ වගේම ගැහැණිය හැඟීම් උත්පාදනයේ ඉහලම තැනක ඉන්නවා. මේ එතනින් එහාට ගිය හැඟීම්, වචන කරපු ලියමනක්...."


Friday, December 25, 2009

අදහසක් දෙන්න


අද මට මාර අත්දැකීම් ගොඩක් ලැබිච්ච දවසක්.සමහරවිට මට කලිනුත් ඔය කියන අත්දැකීම් ලැබිලා ඇති;ඒත් අද තමයි තේරුම් ගියේ.මේ කියන අද දවස ගැන දිගට ලියන්න බැරිවෙයි.සමහර දේවල් හංගන්නත් තියෙනවා.ඒකට හේතුව මගේ බ්ලොග් එක මහ ගොඩක් නොකියෙව්වට,කියවන ටික දෙනා මම කවුද කියලා දන්න නිසා.ඒවගේම අද අමුතු සිද්ධි ගොඩක් උනා.එකකට එකක් නොගැලපුනත්. . .ඒවා මාවම හොයාගෙන ආපු ගතියක් මට දැනුනා.මේක ඕගොල්ලෝ කිසිකෙනෙක්ට වැදගත් ලියමනක් නොවෙන්න පුලුවන් (මම කලිනුත් එහෙම එවුවා ලිව්වේ නැහැනේ.).මම ඉතින් අද මුල ඉඳන්ම කියන්නම් දවස ගැන.

අද දවස පටන් ගන්නේ දරුණු හීනෙකින්.ඒක මුලින්ම වෙන්නේ මම මගේ තරහාකාරයෙක් එක්ක දරුණු ලෙස සටන් කරනවා කඩු දෙකකින්.ඒ එක්කම මට ඒ හතුරා පිටු පානවා.ඒ එක්කම මම පිටුපස්සට කඩුවෙන් අනින්න ගියත්,මගේ හිතෙන් ඒක වලක්වනවා.ඊට පස්සෙ කොහොමහරි මම හතුරගේ ඉදිරිපසට පිහියෙන් අනිනවා.හතුරා කිසිම දෙයක් කරන්නේ නෑ.ඒක මට පුදුමයක්.ඒ නිසා මම මූම බැලුවම. . .ඒ මට අතිශය සමීප,මම ගොඩක් ගරු කරන,ඒත් සමහර දේවලට එකඟතාවයන් නැති කෙනෙක්.මට දරාගන්න බැරිවෙනවා.එයා මගේ මූන දිහා බලාගෙන ඉන්නවා.ඒ හිනාවෙල නෙමෙයි..,තරහකිනුත් නෙමෙයි...,හරිම උදාසීන මූනක්.ඔය අද දවසේ මුලින්ම වෙච්ච දේ.ඉතින් ඕක මට දැනෙන විදිහට අනුවමහම මහ අසුබ හීනයක්.මොකද මම කවමදාවත් මගේ මිතුරෙක්ට එහෙම දෙයක් කරන්නේ නෑ.මොකඛරි හිතරිදෙන්න දෙයක් කලත්;එහෙම කරන්නේ අනාගතයේදී වෙන්න තියෙන අනතුරකින් බේරන්න මිසක් තරහකට නෙමෙයි.කොහොමත් ඔය වගේ හීන ගැන සමහරු එක එක දේවල් කිව්වත්. . .මම කොහොමහරි අද තාත්තත් එක්ක පාටියකට යන්න ගෙදරින් එලියට බැස්සේ ඔය ඔක්කොම අමතක කරලා.

තාත්තයි මමයි කාලෙකින් තමයි කතාවකට වැටුනේ.මොකද එයාගේ රාජකාරි වැඩකටයුතු(ප්‍රෝඩාව 1)ත් එක්ක වගේම මගේ වැඩකටයුතු(ප්‍රෝඩාව 2)ත් එක්ක. . .අපිට කතාකරන්නවත් වෙලාවක් නොතිබීම අද අපිට හොඳ අවස්තාවක් අරං දුන්නා.තාත්තයි මමයි මීට කලින් ගොඩක් දේවල් කතා කරලා තියෙනවා.කලාව,ඉගනීම,දේෂපාලනය,වාහන,ගෑණු,අරක්කු,කාමය වගේ. . . .ඔය කියන හැම දෙයක් ගැනම.තාත්තයි මමයි ඒ තරමටම සමීපයි.ඉතින් අද අපි දෙන්නා කතා කලේ විවාහය ගැන.ඒකට ප්‍රධානම හේතුව ඔය කවුරුත් වගේ දන්න "මැරියන්".තාත්තා මොනවා කිව්වද කියලා මට මතකයක් නෑ.ඒත් අද තාත්තා කියපු දේවල් ඇතුලේ ගෑනියෙක්ව තෝරගන්නේ කොහොමද?,විවාහෙට කලින් හැසිරෙන්නේ කොහොමද?,විවාහෙන් පස්සේ හැසිරෙන්නේ කොහොමද?...,ඕන්න ඔය වගේ නානාප්‍රකාර දේවල්තොගයක් මගේ මොලේට රිංගුවා.සමහරවිට මම තාත්තත් එක්ක කතා කරපු වැදගත්ම මාතෘකාව වෙන්නැති.කොහොමහරි ඔය ටික කතා කරන්න අපි පැය එකහමාරක් ගත්තා.ඒ වගේම වෙනද විනාඩි 45න් මොරටුවේ ඉඳන් හෝමගමට යන්න පැය එකහමාරක් විතර ගියාද කොහෙද. . .

හෝමගමින් අපේ නැන්දා කෙනෙක්වත් වාහනේට ගොඩනග්ගගෙන අපි මිරිස්වත්තට ගියා.ඒ තමයි අද අපිට පාටිය තිබ්බ තැන.වෙනදත් අපි ඒ ගෙදරට නත්තල් පාටිය ගන්න ගියාට. . .අද හුඟක් වෙනස්කං වෙලා තිබා.ඒ අපි(හෙවත් නෑදෑයෝ)ට අමතරව තව පිරිසක් එහේ ඇවිල්ලා හිටපු එක.ඒ වගේ මෙච්චර කල් ඩෙල් තඩියකින් වැඩ කර කර හිටපු අපේ අක්කා HP ලැපක් අරගෙන තිබීම.ඒකත් මාරයි. . . .කට්ටියම හලෝ කියාගෙන යන්නේ ලැප ගාවට.එතනට ජේසුතුමා ආවත් ගනන් ගන්නේ නැති සයිස් එකේ.ඊටත් වඩා. . .මෙච්චර කාලයක් ෆිල්ම් බාවපු,සින්දු අහපු,අසයින්මන්ට් කරපු ඩෙල් තඩිය පැත්තකට විසිකරලා.ලැප්ටොප් චාජර් එක දිගාඑරලා දාල තියෙන්නේ ඩෙල් එක උඩ.කොටින්ම කිව්වොත් අපේ අයියගේ ලඟදී ගත්තු VAIO එක(HP එකටත් වඩා වැඩ තියෙන)ත් පැත්තකට ගිය ගානයි.මමත් ඉතිං ඕවා දිහා බලාගෙන හිටියා.දැන් අපේ අක්කගේ ප්‍රධානම අභිප්‍රාය ලැපට රෝස පාට ස්ටිකරයක් ගහන එක.ඉතින් මේක නිසා. . ."ලූලා නැති කලට කනය පණ්ඩිතයා" කියන පිරුළ "ලූලා ඉන්න කලටත් අලුත් කනයා පණ්ඩිතයාලු" ලෙස වෙනස් වෙනවා.හැබැයි දැන් දේශපාලනයට මේක ඈඳාගන්න එපා.මොකද දැන් ඉන්නේ පොඩි මාලු ඔක්කෝම කකා. . .ලූලෝම විතරක් මුලු විලේම වපුරන මාලුවෙක් හින්දා.(දේශපාලණික අදහස සම්බන්ධයෙන් එරෙහිකම් ඇත්නම් එම අදහස් සඳහා සදාහරිතය විවෘතයි.)

ඒ වගේම අද දවසේ අර මම කලින් කියපු පිටින් ඇවිල්ලා හිටපු කට්ටිය (අපිට සාපේක්ෂව) සමග පොඩි ළමයි වගයකුත් ඇවිල්ල හිටියා.ඒ අතර මට ඉඩක් ලැබුනු වෙලාවල් වලදී දැකගන්න හම්බුවෙච්ච විගඩම් ටිකක් පහත ගොණු කරමි.
  • දරුවා රිලවෙකු කිරීම.(නැටීමට බල කිරීම,පපඩම් කියා කීමට අණ කිරීම,ආපු ගමනුත් ප්‍රදර්ශනාත්මක වශයෙන් එතන ඉන්න උන්ට වඳින්නට අණ කිරීම)
  • දරුවාගේ ඇස් ඉදිරිපිට දරුවාගේ මවට පහර දීම සහ දරුවාගේ සහෝදරිය කෙනිත්තීම.(දරුවාගේ ප්‍රතිචාර නැරඹීමේ ආසාවෙන්)
  • දරුවාගේ තොලේ බියර් බිඳක් ගෑම.(මෙය දරුවාගේ මවට හොරෙන් සිදුකරන ලදී)
මෙවන් මෝඩ ආතල් තොගයක් ගන්න ලදී.අවසන උන් සිඟිති ආතල් විඳ විසිර ගියෝය.

එසේම අද දින දරුණු රිය අනතුරු තුනකින් ගැලවුනෙමි.එක රිය අනතුරු තුනෙන් දෙකක් හයිලෙවල් පාරේදී සිදුවන්නට ගිය අතර,අනෙක් එක කොට්ටාව-හොරණ පාරේදී සිදුනොවී බේරුනේ අනූනමයෙනි.මා දැනුදු අන්ධ විශ්වාස දැඩි ලෙස පිලිකෙව් කරන මුත්. . .උදයේ දුටු සිහිනයේ සහ මෙම රිය අනතුරු සම්බන්ධව යමක් බැඳී ඇතැයි හැඟේ.ඕගොල්ලොන්ටත් සිහින සම්බන්ධව අත්දැකීම් ඇති.කරුණාකර නොවලහා කියලා දාන්න.රහස්‍යබාවය බොක්කෙන් රකිමි!
Digg It! Stumble Delicious Technorati Tweet It! Facebook

13 ක්ම තියෙනවා අදහස්:

LishWish said...

මේකයි මල්ලී., සිද්ධිය මොකක් උනත් මටත් සමහර වෙලාවල් වල ඔය වගේ මනෝමය පෙරදැනුම් දීම් වෙනවා. එනිසා මම ඒගැන 100% නොවුනත් ඊට සාපේක්ෂව සෑහෙන ප්‍රමාණෙකින් එකඟ වෙනවා.
නමුත් මට උඹ ගියපු සාදයේ අර පොඩි එකාට දීල තියෙන වද ටික දැක්කාම මල්ලී මට හිතෙන්නේ උඹ ගිහිං තියෙන්නේ සාදෙකට නෙවෙයි. කොහේ හරි ගංගොඩක තිබ්බ සර්කස් එකකට කියලා. තරහ වෙන්න එපා මල්ලි මත්පැන් තදින් ප්‍රතික්ෂේප කරන කෙනෙක් විදියට මම අර පොඩි එකාට කරලා තියෙන දේට තදින්ම විරුද්ධයි.
අපිට ඔය වගේ සිදුවීමකට මූණ පාන්න උනාම මොන තරං අපහසු වෙනවද? ඉතින් ඒකත් එක්ක අර වෙලාවෙදී පොඩි එකාගේ මානසිකත්වය උපකල්පනය කරල බලන්න...?

කුජීතයි අප්පා මේ දේශය.!!! :S

Rachintha Jayawardhana said...

අනේද කියන්නේ.ඕක කරේ පොඩි එකාගේ තාත්තා මයේ හිතේ.කරුම ලෝකයක්!

Narada said...

මචෝ මුචාලින්ද, මේ වගේ එකක් මතට තිතක් නැති මේ රටේ වුණා නම් මේ ගැන කෙනෙක්ට 911 හෝ 311 ඒකට ඇමතුමක් දෙන්න වුණත් ප්‍රමාණවත්. එතකොට වරෙන්තුවක් නැතිව ඇවිත් අදාල පාර්ශ්චිකයන් අත්ඩංගුවට ගන්නත් අදාල සාදයේ (වගකිව යුතු) අයව අත්ඩංගුවට ගන්න හෝ රිමාන්ඩ් කරන්න තරම් නිතීයෙන් කැනඩාව ගොඩාක් තදයි. කෙටියන්ම කාරයේ ළමයෙක් සිටිනවා නම් මද්‍යසාර හා දුම්වැටි කාරය තුළ තිබීම තහනම්, ඒවා ගෙනියනවා නම් ඩිකීයේම තියෙන්න ඕනේ.

ඒහෙව් ඒකට අපේ රටේ??? මතට තිත කියාගෙන කොටු කරනවා.

ඔය වගේ එකක් වෙද්දී ඊළඟපාර මොකක් හරි කරං මචෝ.

Rachintha Jayawardhana said...

දරුවගේ තාත්තා කරනකොට මම මොනවා කියලා කරන්නද?යකෝ මගේ හීන වලට උත්තරයක් දීපන්කෝ දන්නවනං.මට මොකුත් හිතාගන්න බැරුව ඉන්නේ

sachii said...

heena gana nam danne na..oy aheena ape hithe thina wikara adahas wennath puluwan ne..mama nam heena wiswasa karanne na..

malee_msg said...

ඔයා දැක්ක හීන ගැන නම් මට කියන්න තියෙන්නේ ඔය වගේ හීන දැක්කම පහු වෙනිදට අපේ අම්මා මට කියන දේ.. "හීනේ කරදරයට මුණ දුන්නු කෙනාට අවැඩක් වෙන්නේ නැහැ හැබැයි ඔයා පරිස්මෙන් ඉන්න."

අපරාදේ කියන්න බෑ මට ඔය වගේ හීන මිසක් හොද හීනයක් පේන්නේ බොහොම කලාතුරකින්.. මං දැක්ක නපුරුම හීන 3 මට තාම මතකයි.
1 මගේ තාත්තාව පාළු ගගක් ළග මරා දාලා තියනවා
2 මගේ අම්මාගේ මළ ගෙදර
ඔය දෙක දැක්ක දවස් දෙකේම ඇ‍හැරුනේ අඩාගෙන..අම්මට කිව්වම අම්මා කිව්වේ ඔයා පරිසමෙන් ඉන්න කියලයි.
3වෙනි එක ටිකක් විශේෂයි මොකද ඒ හීනේ මම
දවස් කීපයක් විවිධ විදියට දැකලා තියනවා සුනාමියට පෙර හා පසු.
මම මුහුදු වෙරළ ළග ඉන්නකොට (ඇත්තටම වෙරළක් නෑ ගඟක ඉවුරක් වගේ කකුල් දෙක ළගම මුහුද.. එක පාරටම පොල්ගස් 2ක් විතර උසට මුහුද ඉස්සෙනවා..ඒ වතුරට මාත් එක්ක ඉන්න අය අහුවුනාද මොකද වෙන්නේ කියලා මතක නෑ හැබැයි එහෙම හීනයක් මම ගොඩ වතාවක් දැකලා තියනවා. 2012 ෆිල්ම් එක පෙරේදා බැලුවම හීනේ අළුත් උනා. ඒ අස්සේ ඔයාගේ ලිපිය කියෙව්වම ආයේ අළුත් උනා.. වැදගත් ම දේ අද වගේ දවසක තමා ස්නාමි අවේ. අනේ මන්දා..

බිඟූ said...

කොහොම්ද හීනෙන් දුවනකොට

/නිශාන්ත

Rachintha Jayawardhana said...

ඇත්තටම මාරයි!
ගොඩාක් දේවල් දැනෙන දවසක්!

sameera said...

මෙ වගේම සිද්දියක් ඇත්තටම උනා....උඹ සම්බන්ද සිද්දියක්.... හම්බ උනාම මතක් කරල දෙන්නම්....මීට අවුරුදු 8ට 9ට විතර කලින්...එදා තමයි මම උඹ්ව හරියටම දැකල අඳුනගත්තෙ... :)

Rachintha Jayawardhana said...

ඒ මොකද්ද මචෝ..බලමුකෝ හම්බුනාම කතා කරලා!

Roshanherath said...

හීන වලින් වෙන්නෙ අපිව යමක් සිදුවීමට කලින් සූදානම් කිරීමක් කියලයි මටනම් හිතෙන්නෙ.

sanjeew said...

මොබිටෙල් හීනෙන් දැක්කොත් බෙල්ලම කපහං, මෙලෝ දෙයක් කරන්න බෑ ඩිස්කනෙක්ට් වෙනව

Rachintha Jayawardhana said...

@Roshan: වෙන්නැති මචං.හැබැයි මට අත්දැකීම් නං නෑ.

@Beautiful: හිහ්හී

Post a Comment

කියෙව්වම හිතිච්ච දෙයක් ලියලා යන්න. බැරිනං නිකං ඉන්න.
සැඟවී විඳීමට අඥාතය පාවිච්චි කරන්න.
ජයෙන් ජය උඹලාට!