"හැඟීම් බොහෝමයක් තිබ්බට ඒවයේ උප්පත්ති මූලය බොහෝ වෙලාවට අපිම හෝ අපිට ලඟම මනස උසස් වූවෝ. ඒ වගේම ගැහැණිය හැඟීම් උත්පාදනයේ ඉහලම තැනක ඉන්නවා. මේ එතනින් එහාට ගිය හැඟීම්, වචන කරපු ලියමනක්...."


Thursday, July 7, 2011

කාල රේඛාව අස හිඳ හුන්නෙමි.

12 ශ්‍රී නිසාන් මෝටර් රියක පිටුපස අසුනේ හිඳි තරුණියට, චැලියක අන්තරායේ ගමන් කල තරුනයෙකු ඉඟි කරන්නට විය. ඇගේ පිළිතුරු ඉඟිය ඔහුගේ මනස සුවපත් කලා විය හැක. මා ඌ කෙරේ සතුටු වුනෙමි. ඌ කෙරෙහි වූ අන්තරාය ඇගේ ඉඟියෙන් තවත් වැඩි වූවා විය හැක. ඔවුන් ඉදිරියට ගිය අතර මා කාල රේඛාව අසල හිඳ බලා හුන්නෙමි. දුහුවිලි සුලං හමා ගිය අතර සංස්කරණ ශිල්පියා උදාසීන බවින් යුතුව කැරකෙන පුටුවේ කැරකෙමින් සිටියේය. චලිත පටයේ පාලුව ඉවසාගත නොහී මා, ගෝල්ඩ්ලීෆ් ඇසුරුමේ රන් පත්‍රයේ පසුපස පෑනකින් කුරුටු ගාන්නට විය.

මලින් පිරිනු තුරුනු වතේ
හලින් හලත රසය වෙතේ
තුඩින් තුඩඟ මුව පහසේ
වෙසෙත් සොඳුර නුඹම වෙතේ

චාන්දනී සෙනෙවිරත්න ඇස් මානයට පිවිසියේය. කලු පැහැති කොට්න් උඩ ඇඳුමක් සහ තද පැහැති ඩෙනිමක් හැඳ සිටි ඇය රබර් සෙරෙප්පු කුට්ටමකින් දෙපා සරසා සිටියේය. ඈ, පසුපසින් පැමිණි යමෙකුට බැන වදිමින් සිටියේය. ඒ හඬ තුල ආදරයක් විය. චාන්දනී විශිෂ්ඨත්වය මා දෙ ඇස් ඉදිරියේ පිම්බෙමින් තිබිනි.

"එන්න බදාගන්න"

මෙතෙක් වෙලා පසුපස හිඳ ආදර බැණුම් රස විඳිමින් හුන් ඒ මහත තරුනයා ඈ තුරුලට විය. ඒ කෙට්ටු අස්ථි වටා පිරුනු මහත් වූ ආදරය එම තරුනයා මත දඟලන්නට විය. චාන්දනී සෙනෙවිරත්න මා ප්‍රියතම නිළිය විය.  ඇගේ දක්ෂතාවයට අමතරව, මා ප්‍රියතම රුව ඈ කෙරේ විය. දිගැති කෙට්ටු ශරීරයක් ඇති, පිට මැදට කොණ්ඩයක් වූ, මුහුනු ඉරියව්වෙන් වැඩිපුර කියවන, සරල සුන්දරත්වයෙන් ඇඳිවත පහසුව සලසා ගත්, ආදරය පිරි ගැහැනු රුව චාන්දනීට සහ මා ආදරවන්තියට පොදු විය. මා ආදරවන්තියගේ සුපහස මට දැනෙන්නට විය. රන් පත්‍රයේ පසුපස තවත් ඉඩ ඉතුරුව තිබිනි.

කලට සැලකුම්ද නිසි ආදර පෑය
මලට බඳු පෙම්ද රුව රූසිරු බෝය
නිතර සිටියෙම්ද මගෙ සරි මග ඈය
සොඳුර නුඹ වෙතම පෙම් කෙරුවේ මාය

තරුනයෙකු බිම වැටී කෙඳිරිගාමිනි. ඔහුගේ හිස පසාරු කරගෙන නයින් මිලිමීටර් උන්ඩයක් ගමන් කර තිබිනි. හේ ලේ විලක් මැද මරණාසන්නව සිටියේය. හේ යමක් මුමුණනු මට ඇසිනි. නමුදු මට කාල රේඛාව මතින් පැන එහි යාමට නොහැකි බාධකයක් විය. සංස්කරණ ශිල්පියා දෙ ඇස් දුනි. මරණාසන්න තරුනයා ඉතාලි බසින් කල මිමිනිල්ල සිංහල උපසිරැසි ලෙස චලන පටය මත ඇඳී තිබිනි.

"ම්හ්... මේ මාස හයටම උඹ මට දීපු එකම සැනසීම.. බැල්ලි!"

අඳුරු පසුබිමක යමෙකු නැගී සිටියි. ඔහු වෙත ඉහලින් එල්ල වූ ආලෝක ධාරාවකි. ඔහුගේ අතපය හැසිරවීම, සාත්වික අභිනයන් සහ සියල්ල ජයලත් මනෝරත්න අනුගමනයකි. හඬ පවා එමමය. මතකයට නැගුනේ "සුද්දෙක් ඔ අමතයි" හී මනෝරත්නයන්ගේ භූමිකාවයි. හේ කතාවක් කල අතර කාල රේඛාව අස හුන් මා සමග කැරකෙන පුටුවේ සිටි සංස්කරණ ශිල්පියාද දෙ ඇස් නොහෙලා දෙකන් අයා එය විඳිමින් සිටියෙමු.

"මිනිස්සු! ලංකාවේ චැලියේ ගිය කොල්ලටත්, චාන්දනී එක්ක රඟපාපු තඩියටත්, මැරිච්ච ඉතාලි කාරයටත් ආසාව පොදුයි. කොටින්ම බුදුන්ටත්. සිදුහතුන් ගිහිගෙය හැරියෙත් ආධ්‍යාත්මික සුවයට තිබිච්ච ආසාව නිසා. කටට රහට කෑම කන්න, අරක්කු බොන්න, නිදිවදින්න, ජීවිතේ විඳින්න මිනිස්සු ආසයි. සල්ලි! ඒ ආසාවට මිනිස්සු යා කරන ඊ තලේ වෙලා. හැමදාම හන්දියෙන් කොත්තු නොකා ඇමරිකන් බ'ගර් කන්න, ගල් වෙනුවට ග්‍රීන් ලේබල් වඩියක රහ බලන්න, කොටට අඳින එච්.එස්.බී.සී වැඩ කරන කෑල්ලක් කරන්න, දිලිසෙන්න. බස් දොරෙන්ම බැහැපු උන් ආසයි, බෙන්ස් දොරක් ඇරෙන "ක්ලක්" ගාන සද්දෙ අහන්න. අඩු තරමේ දවස් දහයකටවත් රෝද හතරක් ගෙදරට ගේන්න. එදාටවත් ගෙදර ගෑනි නෑ බෑ නොකියා නයිටිය ගලවයි.. නැද්ද?"

"පයිසෙ හොයන්න මිණී මරන, මරවන, රවට්ටන, කොල්ලකන, නැහෙන, පිච්චෙන එවුන් කියන්නෙ මිනිස්සුන්ට. තිරිසන්නුන්ට සල්ලි වැඩක් නැහැනෙ. අඩුම තරමෙ අත්සනක්වත් නොගහා සල්ලි හොයන්න බෑ; ඒ කියන්නෙ කන්නත් බෑ, බොන්නත් බෑ, නිදිවදින්නත් බෑ. ඒක මටත් පොදුයි. මාත් මට හිතෙන දේවල් මෙතන වපුරන්නේ ගෙදට්ට සල්ලි ටිකක් ගෙනියන්න. නැතුව මේක අහන තමුසෙලට ආදරේට නෙමෙයි."

සියල්ල මැකී යයි. මා පසුපසින් හඬක් ඇසේ.

"සමාවෙයන්. මම උඹව මකනවා. උඹ කියපුවත් එක්කම. උඹේ සද්දෙ එලියට ගියොත් මටත් පයිසෙ නෑ.ලමයින්ට කෑමත් නෑ. ගෑනි ලඟට එන්නෙත් නෑ."

සංස්කරණ ශිල්පියා කැරකෙන පුටුවෙන් නැගිට පිටවිය.
Digg It! Stumble Delicious Technorati Tweet It! Facebook

21 ක්ම තියෙනවා අදහස්:

Unknown said...

ඇහ් මොකා??? O_o

ආහ්.. පයිසා...

මාරයාගේ හෝරාව said...

භයංකාරයි නේද බං..?

RanDil said...

ම්හ්............ මොනවා කියන්නද මන්දා.......... මේ වගේ ප්ලොට් එකකට හිතන්නේ කොහොමද කියලා තමයි මං මේ හිත හිතා ඉන්නේ...... :D

Randika Sedara said...

ම‍ට හිතෙන්නෙත් මේවගේ ඒව ඔලුවට එන්නෙ කොහොමද කියල.. උපරිමයි රචියා!! :)

ආගන්තුකයා | Stranger said...

ඕක තමා බං අපි පිලිගන්න අකමැති වුනත් යථාරතය.. පයිසේ උඩ තමා අපි ඔක්කොම දුවන්නේ...

වන්නි said...

අති විශිෂ්ට ගැලපීමක් මචං. මටත් මේ සල්ලි පස්සේ දිවිල්ල එපා වෙලා තියෙන්නේ බං. තිත්ත වෙලා. ඒත් කරන්න දෙයක් නෑ... :-(

Dinesh said...

අපි කොච්චර අකමැති උනත් අපි හැමෝටම දැන් මේ පස්සේ දුවන්න වෙලා..

පූසා said...

අපි ඔක්කොටම පයිස පස්සේ දුවන්නම වෙනවා බං....
පට්ටයි!

පුතා said...

මටනම් මොනවත්ම හරියාකාරව තේරුනේ නැද්ද මන්දා.. :)
ඒ වුනත් අර චාන්දනී ගැන කියල තියෙන ටිකටනම් මාරම ආසයි මචං.

hare :-) said...

අපි ආස දේවල් ගොඩක් රසවිඳින්න අපට සීමාවක් තියෙනවා ඒ ගැන නොදැනුවත් වුණත්. ඉස්සර නම් ඔය සීමාව තීරණය කරපු සාධකේ වෙනත් එකක් වෙන්න පුළුවන් වුණාට දැන් ඉතිං පයිසෙ තමයි. සංස්කරණ ශිල්පියට කොයි තරම් ආස වුණත් කරන්න පුළුවන් වැඩවල සීමාවක් තියෙනව වගේ තමයි අපේ ජීවිතෙත්...

චාන්දනී....

ඩෝසන් said...

නියමයි රචින්ත නියමයි!

Lishan Puwakovitage said...

ගලාගෙන යන සිද්ධි දාමයක ඉරණම තීරණය කරන කතුරක්.., හිත්පිත් නැතුව කපාදානවා බල්ලොත් නොකන එහෙත් වර්තමානයේ හැම සාධකයක් ම තීරණයකරන ඒ පයිසේ වෙනුවෙන්.., සල්ලි, ධනපාල, පයිසේ,පේසා, කයිබු මේ මොකක් කිව්වත්, මොන රැඩිකල් ටෝක් දුන්නත් මේ ගූ මගුල නිසා අපේ පැවැත්ම තීරණය වෙලා තියෙන බවනම් තිත්ත උනාට ඇත්තම ඇත්තක්..!

"සමාවෙයන්. මම උඹව මකනවා. උඹ කියපුවත් එක්කම. උඹේ සද්දෙ එලියට ගියොත් මටත් පයිසෙ නෑ.ලමයින්ට කෑමත් නෑ. ගෑනි ලඟට එන්නෙත් නෑ."

මගේ පොතේ හැටියට මේ අන්තිම ඩයලො එකෙන් මුලු ලියමනේම සාරය එක පදපෙලකින් එලියට දාන්නේ ඒ නිසා වෙන්න ඇති.

නෙරංජි සුලක්ඛනා said...

මේ ලිපිය කියෙව්වා කියන්න විතරයි මේ කොමෙන්ටුව.. හෙට නිදහසේ දකින්න ඕනේ ආයේ .... නමුත් මුචා අයියේ .. ඔයාගෙ ලිපි මාරයි..

Charmi said...

//මාත් මට හිතෙන දේවල් මෙතන වපුරන්නේ ගෙදට්ට සල්ලි ටිකක් ගෙනියන්න. නැතුව මේක අහන තමුසෙලට ආදරේට නෙමෙයි."//

//සමාවෙයන්. මම උඹව මකනවා. උඹ කියපුවත් එක්කම. උඹේ සද්දෙ එලියට ගියොත් මටත් පයිසෙ නෑ.ලමයින්ට කෑමත් නෑ. ගෑනි ලඟට එන්නෙත් නෑ.//

මරු ඩයලොග් එකක් රචියා.... නියමයි !!

Charmi said...

සොරි බං... උඹේ ටොපි ලොසින්ජර එක්ක රචී/මුචා ඔව්වත් පැටලෙනවා...

දුකා said...

ඇත්තටම උඹ කියන්න හදපු දේ 100%ම ඔලුවට ගියේ නෑ වගේ.

ඒත් කෙටි නාට්‍යක් බැලුවා වගේ අමුතු ම රසයක් දැනුනා.

සල්ලි වලින් හැමදේම තීරණය වෙල ලෝකෙක අපි රවුමේ දුවනවා දුවලා ඇවිත් කලින් හිටපු තැනම නතර වෙනවා වගේ දෙයක් නම් හිතුනා . .

ලියපු ශෛලිය නම් මැක්ස්

``` Outsider``` said...

සල්ලි විසින් මිනිහව පාලනය කරනව. සල්ලි කියන්නෙත් පණ තියෙන දෙයක් වගේ හරියට.

ලස්සන සටහනක්...

Anonymous said...

නියමයි
චාන්දනී සෙනවිරත්න කියන්නේ ලන්කාවෙ philosophy එකක් තියෙන නිලියන් දෙතුන් දෙනාගෙන් එක්කෙනෙක්........

ජීවිතේ මල් said...

හිතන පතන දේ...
මවන දේ
මෑවෙන දේ
මවා පෙන්නන දේ..
මේ ඔක්කොම අස්සෙ
සිස්ටම් එකෙන් එලියට විසික්කා නොවී ඉන්න ඕනෙ නම්
කෙරෙන්න ඕනෙ දේ...
අන්තිමේට... ඔක්කොම ඒකට යට වෙලා සහෝ..

ජය !!!!!!!! වින්දා උපරිමයට!

Rachintha Jayawardhana said...

තැන්කියු වෙන්න ඕන සද්දයක් හලලා, අදහසක් ගොඩ දාලා ගියාට. මම ලියපු දේකට හෂිතයිය වචනයක් හලල ගියාම ඇති වෙන සතුටම ඩෝසයියටත් එමමයි. ඒ උඹල දෙන්න මට දැනගන්න ඉඩ ඇරපු දේවල් මම ලියනව ඒව ඇතුලෙ ඇතියි කියල හිතන නිසා. ජය!

චාමියෝ, පිස්සුද බං.. දැන් ඕක හුඟක් උන් දන්නව. එනිසා අමුතුවෙන් හෙලිදරව් වෙන්න දෙයක් නෑ මිත්‍රයා.

Anonymous said...

නියමයි මිත්‍රය.කියන්න දෙයක්නෑ..

Post a Comment

කියෙව්වම හිතිච්ච දෙයක් ලියලා යන්න. බැරිනං නිකං ඉන්න.
සැඟවී විඳීමට අඥාතය පාවිච්චි කරන්න.
ජයෙන් ජය උඹලාට!