මිනිසුන් අතරමං කිරීම. පලමු සහ සුවිශේෂම කාරණය, මෙය අන් මිනිසුන් අසරණ කිරීමක් නොවන බව. ඔබේ දැනීම උදෙසා, ඔබ අන්‍යන් තේරුම් ගැනීම උදෙසා ආත්මාර්ථය පෙරටු කොටගෙන අන්‍යන් අතරමං කිරීම. මේ තුල ඔබටත් සුවිශේෂ ආරක්ෂාවක් නෑ. මෙය සිදු කිරීමට ඔබද ඔබගේ චිත්ත වංකගිරිය තුල ජීවත් විය යුතුයි. එසේ නැති වුවහොත් වංකගිරිය නිර්මාණය කරන ඔබේ සැබෑ ජීවිතයේ බොහෝමයක් දේ බිලිදීමට සිදු වෙනවා. එනිසා මෙය ඔබ පිටත සිට ආරක්ෂිතව සිදු කරන ක්‍රියාවක් නොවෙයි. ඔබ වෙත තිබෙන එකම වාසිය ඔබ එහි නිර්මාතෘ වීමම පමණයි. ඔබ එම වංකගිරියේ සැලැස්ම හොඳින් දන්නවා. එසේ දැනගත්තා වුවත් ඔබට එයින් පිට විය නොහැකියි. මන්දයත් ඔබ වංකගිරියෙන් පිටවුනු වහා එහි නිර්මාතෘ හෙලි කරගැනීමට පහසු වෙනවා. එනිසා ඔබ එය ඇතුලත ජීවත් විය යුතුයි. ඔබ එහි ප්‍රධාන නළුවා. සිහි තබා ගත යුතු දෙවන කාරණය, වංකගිරියෙන් පිටතද මිනිසුන් සිටිනවා. එනිසා තාප්ප සහිත ඔබේ වංකගිරියට වහලයක් සාදාගන්නේ නම් මැනවි.
මින්පෙර මෙයාකාරයේම ලිපියක් වෙනත් අඩවියක පලවී තිබුනා. එම ලිපියේ ප්‍රධානතම අවබෝධය දෙනු ලබන්නේ "අනන්‍යතාවය" ගැන. මේ ලිපියේ ප්‍රධානතම අවබෝධය දෙනු ලබන්නේ "අවබෝධය" ගැන. එසේ අවබෝධය ලබා ගැනීමට අනන්‍යතාවය වැදගත්. චිත්ත වංකගිරි වැඩිපුරම නිර්මාණය කල යුත්තේ මුහුණට මුහුණ වැඩිපුර හමු නොවන චරිත සඳහා. පෙර කිවූ අඩවියේ පලවූ ලිපිය අනන්‍යතාව සම්බන්ධව තව දුරටත් තර්ක කිරීමෙන් මා ඈත් කලා. එම නිසා එහි තර්කය අඥාත වූ අනන්‍යතාවයකදී අතිශය සාර්ථකයි. සෙවීම් නිෂ්ඵල විය හැකියි. ඔබ තවත් වංකගිරියකට ඇතුල් වූවාද දන්නේ නෑ. සිහි තබා ගත යුතු තෙවන කාරණය, මේ නිර්මාණය ක්‍රියාත්මක කරන්නේ සිහිනයක් තුල නෙමෙයි. සිහිනයක් තුලදී එහි ක්‍රියාත්මක වීමේ කිසිඳු බලපෑමක් පියවි ලොවේදී බලපෑමක් වෙන්නේ නෑ. සාමාන්‍යයි. පියවි ලොවේ ඔබේ සතුරෙකු සමග සිහින ලොවේදී ඔබ එක්ව යම් ක්‍රියාවක් කලා විය හැකියි. නමුත් පියවි ලොවේදී නැවතත් ඔහු ඔබේ සතුරා. නොඑසේනම් පියවි ලොවේ මිතුරාට සිහින ලොවේදී ඔබ එලව එලවා පහර දුන්නා විය හැකියි. නමුත් නැවතත් පියවි ලොවේදී ඔහු ඔබේ හොඳම මිතුරා. යටි සිත තුල යමෙකු පිළිබඳ ඔබේ ඇති සත්‍ය හැඟීම පියවි ලොවේදී බලපෑම් කරනවා අඩුයි. මන්දයත් "ලෝකය රඟ මඩලකි. අප එහි රඟන නළුවෝ වෙමු."
සිත පාලනය කිරීම මනුෂ්‍යයනට අපහසු දෙයක්. අන් අයට ඔවුන්ගේ සිත පාලනය කිරීම අපහසු බැවින් ඔබට එම වාසිය ඔබේ චිත්ත වංකගිරිය සඳහා යොදාගත හැකියි. සිව්වන කාරණය, ඔබ මනුෂ්‍යයෙකු බැවින් එය ඔබටත් බලපෑ හැකියි. චිත්ත වංකගිරි නිර්මාණයේ ඇතුලත, ඔබ හෝ ඔබ අතරමං කිරීමට සැලසුම් කරන පුද්ගලයා හෝ සමාජය උදෙසා නිර්මාණය කරන්න. ඔබට ප්‍රශ්නයක් මතු වේවි, ඔබට ආවේණික ආකාරයකට පසුබිම සකස් වීමේදී ඔබ දෙසට සැකයේ ඇඟිලි එල්ල වීමට ඉඩ ඇතියි කියා. ඔව්, ඒ සැකයක්. ඕනෑම අයෙකුට සැක කල හැකියි. නමුත් ඔවුනට සැකය ඔප්පු කරගත හැකි එකම මග ඔබගේම පාපොච්ඡාරණයකින් පමණයි. සිතට ගත යුතු පස් වන කාරණය, එය ඔප්පු කල හැකි වන්නේ ඔබෙන් සිදුවන "වාචික" පාපොච්ඡාරණයකින් පමණයි. මන්දයත් නූතන තාක්ෂණය තුල Photoshop මෘදුකාංග භාවිතය ඉතාමත්ම සරළ දෙයක් වීමයි. ආරක්ෂාව සඳහා වංකගිරිය සැලසුම් කිරීම ඒ ඒ මොහොතට සැලසුම් කරන්න. නැතහොත් ඔබේ ඉදිරි සැලැස්ම පිලිබඳ ඉඟියක් ඊට පෙර පිටවීමට පුලුවන්. ඔබත් මනුෂ්‍යයෙකු නිසාවෙන්.
වංකගිරි නිර්මාණයේ දක්ෂ වීමට එක්තරා මූලික අභ්‍යාසයක් තිබෙනවා. ඒ ඔබ අනුන්ගේ වංකගිරියක පැටලීමයි. පලමුව චිත්ත වංකගිරියක ඔබ පටලන්නට උත්සහ කරන්නෙකු සොයාගත යුතුයි. ඔව්, එවැන්නන් එමටයි. ඔවුන් සෙවීමට ඔබට යම් අවබෝධයක් තිබිය යුතුයි. ඉන්පසු ඔවුන් නොදැනෙන ලෙස ඔවුන් ගේ වංකගිරියේ සැරිසැරිය යුතුයි. එසේම ඔබ එම වංකගිරිය තුල පැටලී ඇති වග ඒ පුද්ගලයාට හැඟවිය යුතුයි. නමුත් අනුන්ගේ වංකගිරි තුල තමුන්ගේ අනන්‍ය ලක්ෂණ, රහස් සහ තොරතුරු පිටවීමේ අවධානම වැඩියි. එම නිසා ඒ වෙනුවට නියැලීමට ඔබට සරළ ජංගම දුරකථන ක්‍රීඩාවක් යොදාගත හැකියි. "Snakes", snakes ඕනෑම සරළ ජංගම දුරකථනයක ඇති ක්‍රීඩාවක්. Snakes හී විශේෂත්වය ඇම් යොදමින් ඔබ නම් වූ සර්පයා විනාශ කොට පරාජය කිරීමයි. එහි තත්වයන් ඉහල යාමේදී snakes ක්‍රීඩාවට mazes නොහොත් වංකගිරිද එක් වුනා. එය ක්‍රීඩා කරන්න. එම සියලු ඇමවල් ගිලින්න. ඒවා නොගිලන තාක් ඔබ එක තැන. ඇම සොයමින් යන්න. ඔබට ඇම යොදන පුද්ගලයාගේ සියලු ඇම් ඉවර කරන්න. ගඩොල් බිත්තියක ඔලුව හප්පා ගත්තද, තමුන් විසින් තමුන්ව නොකන තැනට වගබලා ගන්න. එහි සැරිසැරීමෙන් තමුන්ට ලැබෙන ඥානය අනුව ඒ තුල ඔබ වර්ධනය වනු ඇති. එම ක්‍රීඩාවේ මූලධර්ම ඔබ කරන චිත්ත වංකගිරියටද යොදාගන්න. එය මදක් සංකීර්ණ වන්නා සේම, එය මහත්සේ ප්‍රථිඵල ගෙනදෙනවා. එය පැරඩොක්සීය නැඹුරුවක්ම කර නොගන්න. මන්දයත් ජනප්‍රිය ක්‍රමයකට පිටුපෑවුන් ඔබට බොහෝමයක් හමු වනු ඇති.එය අන්‍යන්ට ප්‍රතිවිරුද්ධව සිත මෙහෙයවීමක් බවට පෙළඹවාගන්න. එවිට යම් මොහොතක ඔබට ජනප්‍රිය ක්‍රමයට පක්ෂව සිටීමටද සිදුවිය හැකියි. හයවන සහ අවසාන කාරණය, ඔබ නිර්මාණය කල වංකගිරිය ඔබට අවැසි වේලාවක, ඔබට හානියක් නොවී නැවැත්විය හැකියි. ජය වේවා!
ප.ලි: මේක Inception වගේ ගොබ්බ ෆිල්ම් එකකින් ගත්තු දෙයක් නෙමෙයි. මේක ඊට කලින් ඉඳන් තිබ්බ සිතුවිල්ලක්. මේකට චිත්‍රපටයකින් උදව්වක් ලැබුනනම් ඒ The Prestige චිත්‍රපටයෙන් පමණයි. Inception ඔස්සේ මේ ගැන හිතන්නෙපා!