"හැඟීම් බොහෝමයක් තිබ්බට ඒවයේ උප්පත්ති මූලය බොහෝ වෙලාවට අපිම හෝ අපිට ලඟම මනස උසස් වූවෝ. ඒ වගේම ගැහැණිය හැඟීම් උත්පාදනයේ ඉහලම තැනක ඉන්නවා. මේ එතනින් එහාට ගිය හැඟීම්, වචන කරපු ලියමනක්...."

Wednesday, August 10, 2011

රතු ලේ පාරක්!


සුදු යට සායේ රතු ලේ පාරක්. ගෙදරට දුවගෙන ඇවිත් ගවුම ගලවලා හෙටට අඳින්න අවුවට දාපු නිසලි යට සාය දිහා බලද්දි තමුන්ටම පොඩි ලැජ්ජාවක් දැණුනා. ගවුමටත් පාර වැදිලා ඇද්ද? තව කවුරුවත් දකින්නැද්ද? නිසලිගේ හිත ඇතුලේ තිබිච්ච ප්‍රශ්න වුනා. රෑට කෑම කනකනුත් ඇයට කල්පනා කරන්න ඒ ප්‍රශ්නය ප්‍රමානවත් වුනා. සායෙන් ලේ පාර හේදිලා ගියත්, ලේ පාර නිසලිගේ හිතෙන් හේදිලා ගියේ නෑ. ඒ දේ ගැනම කල්පනා කරපු නිසලි මහ රෑ දෙකට විතර ඒ ප්‍රශ්නය සම්බන්ධයෙන් තමන්ගේ අවසන් නිගමනේ කොලේක ලිව්වා.
හැමෝගෙම ලේ තියෙනවා. ඒත් පේන්නේ දුප්පතාගේ ලේ විතරයි.
නිසලිට එහෙම හිතන්න හේතුවක් තිබ්බා. දුක් මහන්සියෙන් ක්ලාක් රස්සාවෙන් ගෙදර රෝල ගහන තාත්තගෙන් "ලේ නොපෙන්නන්න" සල්ලි ගන්න නිසලිට හිතුනේ නෑ. ඈත් ඇගේ අම්මත් තීරණය කලා සනීපාරක්ෂක තුවායේ සනීපේ වෙනුවට නවපු කපු රෙද්දක් ඒ වෙනුවෙන් යොදාගන්න. එහෙත් අත්‍යවශ්‍ය දින වලින් සියේට බර ගානකම ලැජ්ජාව, කපු රෙද්ද විසින් නිරාවරණය කරනු ලදුව තිබුනා. අධ්‍යාපනයත් ක්‍රීඩාවත් දෙකම සම මට්ටමක තියාගෙන යන්න නිසලිට හැකි වීමම, ඇගේ උසස් පෙළ අධ්‍යාපනය "පුරාජේරු පාසලකින්" ලබන්නට පිටුවහලක් වුනා. 

සුදු ගවුමේ රතු ලේ පාරක්. "ඒකේ අමුතුම ලස්සනක් තියෙනවා.." සීට් එකේ ඇතුලට යන්නට නිසලිට ඉඩ දීපු තරුණයාගේ කටින් කියවුනා. නිසලිට අතීතය මතක් වෙච්ච නිසා ගවුම දිහා නොබලාම හිතට ලැජ්ජාව ආවා. තරුණයා ඇගෙන් සමාව ඉල්ලුවා. දෙන්නම කතා කලා. හිනත් වුනා. හිනා වෙවී කතා කලා. බස් එකෙන් බැහැලා ත්‍රී වීලරේක ලැජ්ජාව වහගෙන ගෙදර යන්න නිසලිට සල්ලිත් හම්බුනා. අන්තිමට ඔහු නිසලිගේ සුළැඟිල්ලත් තදට මිරිකලා තිබ්බා. එක දිගට ගත වෙච්ච පලවෙනි සතියෙදි නිසලිගේ හිත දිනාගන්න ඔහු සමත් වුනා. දෙවනි සතිය වෙද්දි ඔහුගේ භාවිතය අත් හල ජංගම දුරකතනයක් නිසලිට මහාර්ඝ වස්තුවක් වුනා. මිදුලේ අඹ ගහට පිටුපාලා ඉන්නකොට පේන දම් පාට ඕකිඩ් පොකුරු දිහා බලාගෙන නිසලි ඔහුත් එක්ක කතා කලා. නිසලි කතා කලා. දිගින් දිගටම. එහෙම කතා කරපු මුල් කාලයේ තමන්ගේ අනාගතේ හදාගන්න හැටි ගැන නිසලි ඔහුත් එක්ක හීන මැව්වා. මාස පහක් හයක් ගත වෙද්දි ඇහැට පෙන දම් පාට ඕකිඩ් පොකුරු වලින් හිත ඉවතට ගත්තු නිසලි ඔවුන්ගේ ප්‍රේම කතාවේ වර්තමානය ගැන කියමින් ඔහු හා වැලපුනා. අවසානයේ ඇය තම ප්‍රේමයේ අතීත ගුණ කියමින් ඔහුත් සමග රණ්ඩු කලා. ඒ වෙද්දිත් දම් පාට ඕකිඩ් මල් ඉස්සර විදිහටම පිපිලා තිබුනා. ප්‍රේමය අවසන් වුනා. ඒත් ප්‍රේමයෙන් ඉතිරි වුනු මතක සැමරුම් වෙච්ච විලාසිතා ඈත් සමග එහෙමම තිබුනා. ඈ ඩ්‍රෙස් මේකින් කර තිබුනා. කේක් බේකින් කර තිබුනා. අවසානයේ බියුටි කල්චරින් සමයේ දිවියට එකතු වූ නව මැදි වියේ පෙම්වතා හේතුවෙන් ඈ නිළි මාවතට පිවිසෙමින් සිටියා.

සුදු කලිසමේ රතු ලේ පාරක්. ඈ එය දුටුවේ නිවසට පැමිණියාට පසු. ඇයව නිවසට ගෙනත් ඇරලූ ඇගේ නවමු පෙම්වතා එය දුටුවා දැයි ඇයගේ සිතේ සැකයක් තිබුනා. ඔහුගේ රියේ අසුන් කවර වල රතු පැහැය රැඳී ඇත් දැයි ඇය කල්පනා කලා. එය වඩාත් කැපී පෙනේදැයි ඇය කල්පනා කලා. ඔහුගේ මෝටර් රියේ අසුන් කවර ලා දුඹුරු පැහැ බව ඇයට මතක් වුනේ, පාළු වීදියේ වාහනය නවතා පෙම්වතා ඇගේ දෙතොල් රිදවුව අවස්ථාවේ ඈ නිසොල්මනේ බලා සිටියේ ඔහුගේ හිසට පිටුපසින් වූ ඒ දෙස නිසාවෙන්. ඇගේ කලමණාකරු තනන ලද කාල සටහනේ ඈ දිව ගියා. නවීන පන්නයට ශරීර කවරයම වෙනස් කලත් පෙර පුරුදු කපු රෙද්ද ඉවත් කිරීමට ඇයට හැකි වුනේ නෑ. සනීපාරක්ෂක තුවායේ මහත් අඩු පාඩුවක් ඇයට දැණුනා. වෙනදා දැණුනු බරම ඇයට උවමනා උනා. ඇයට සැහැල්ලුවක් උවමනා වූයේ නෑ. ඇයගේ විලාසිතා උපදේෂකවරුන්ගෙන් එයට බාධාවක් වූයේද නෑ. ඈ පෙර පුරුදු කපු රෙද්දම භාවිතා කල අතර, පෙර ලෙසටම එය විසින් ඇගේ ලැජ්ජාව නිරාවරණය කරනු ලදුව තිබුනා. එක්තරා අමාත්‍යවරයෙකුගේ වක්‍ර අනුග්‍රහයෙන් පැවැත්වෙන සිනමා සම්මාන උළෙලක ඇය පිට පිටම දෙවරක් ජනප්‍රියම නිළිය වීමම සමහරුන්ගේ සැකයට හේතු වුනා. සියලු කසු කුසු එළි පිට කියවන්නට ඉඩ සලසමින් ඈ වේදිකාවක සාරියකින් සැරසී අමාත්‍යවරයාගේ දෑත් ශක්තිමත් කරමින් සිටියා.

සුදු සාරියේ රතු ලේ පාරක්. සාරිය රත් පැහැ වීමට තරම් විශාල වැගිරීමක් ඇතුලතින් සිදු විය නොහැකියැයි ඔබ සිතන්නට ඇති. ඔව් එයින් ඇයත් පුදුම වන්නට තිබුනා. නමුත් ඇයට පුදුම වන්නට හැකියාවක් නුවූයේ ඈ ඒ බව නුදුටූ බැවින්. ඇයට එය විඳීමට හැකියාවක් වූයේ නෑ. ඈ මියැදෙමින් සිටියා. ඈ විසින් දෑත් ශක්තිමත් කල අමාත්‍යවරයාගේ බිරිය යෙදවූ නාඳුනන වෙඩික්කරුවෙකු නිසලිගේ යෝනිය පසා කරමින් වෙඩි තබා තිබුනා. ඇයට එය කණ්නාඩියෙන් බැලීමට නොහැකි වුනා. කවුරුත් එය පෙන්වා ඇයට විහිළු කලෙත් නෑ. ඇයට ඒ පිළිබඳ ලැජ්ජාවක් ඇති වූයෙත් නෑ.
Digg It! Stumble Delicious Technorati Tweet It! Facebook

43 ක්ම තියෙනවා අදහස්:

බුද්ධි said...

වින්දෙමි!

ayesha said...

අපූරුයි යාළු

Ansh Lucky Sri Jay said...

හ්හ්ම්ම්..

අනුරාධ said...

නියම ලිවිල්ලක්. සුපිරියි ඈ. ලොකූ කාල අන්තරයක්, ලොකූ ජීවන කතන්දරයක් ජේද කීපයකට ගොණු කරලා තියෙන විදිය හරිම අපූරුයි. හරිම වචනේ "පට්ටයි" මචන්.

Anonymous said...

patta

Bunny said...

ඔලුව කසමිං..
කල්පනා කරන්න දේවල් එමටයි..!

දුකා said...

hhhmmmmmmmm

Geethika Dilruk (ගීතික දිල්රුක්) said...

එල....

චාලි said...

පට්ටයි මචං

අන්තිම හරියට එනකොට හිතුනා සත්‍ය කතාවක්ද කියලා

සිරාවටම....................

තිස්ස දොඩන්ගොඩ said...

අනෙක් කල්පනා ඔක්කොම පැත්තක තියලා දුක හිතේ..:-(
සරෝජිනී නායිදු වත් මතක් විය...

හිස් අහස said...

වාවු..! කීවලු .. සුපිරිම ලියවිල්ලක් බං

චතුමිතු said...

අපුරු ලියවිල්ලක්..:)

Charmi said...

Shock una ban.........

චමිල said...

දැනෙන දේ කියන්ඩ වචන නෑ බං..

පූසා said...

නිළිය, දේශපාලනය, පුරුද්ද...
මැක්සා ලියවිල්ලක්!

Umesh said...

මැක්සා !!!

෴ හසියා ෴ said...

සුපර්බ්....!!!

ඒකාකාරී වෙච්ච දවස්ටිකට හිතන්න දෙයක්....

ප්‍රබෝධ... said...

කියන්න තියෙනේ එලකිරි කියලා තමා මචෝ

මුචලින්ද said...

සද්දයක් හලලා ගියාට පට්ට ස්තූතියක්!

ආගන්තුකයා said...

පට්ටයි නේ..O.o
කියන්න වචන නෑ වගේ..

බුද්ධි said...

පූසා නං හොදම ටික අල්ලගෙන.........
නිළිය, දේශපාලනය, පුරුද්ද...

ප්‍රාර්ථනා said...

අපූරුයි...

chanakacm said...

pattai bnz

චතුවා (ළමයා) said...

කියන්න දෙයක්.. ම්ම්ම්ම්.. කල්පනා කරලා බලන්න වෙනවා

තාරා said...

අමුතුයි... මාරයි... ලස්සනයි...

සොඳුරු සිත said...

වෙඩික්කරුවා අත හරිමු... අඩු ගානේ නිහඩව බිම හොත් පතොරමටවත් දුක හිතුනෙ නැද්ද. ....ඉලක්කය වැරදී යාමකට වඩා , බොහොම කුරිරු පලිගැනීමක්....

මරණය වුනත් වෙනත් ආසාවන් තෘප්තිමත් කර ගෙනම , ආපු මරණයක්...

පිස්සා පලාමල්ල said...

දෙපාරක් කියෙව්ව මචන්... ලියවිල්ල සුපිරියි

ජීවිතේ මල් said...

ලිවිල්ලක දැනෙන උපරිම ප්‍රකම්පනය ! මට වෙන දෙයක් ලියන්නටවත් මම හිතන්නේ නෑහෑ තව දින දෙකකටවත් වචන ඒවි කියලා..

විප්ලවයට ආදරය කරන රතු පාට එක්ක, ගොඩාක් ගනුදෙනු කරන ගෑනු හිත් වලට මම කියනවා , එක තෑනකින් මේ දම්වෑල කඩා දාපන්... ! අන්තිම රතු ලේ පෑල්ලමෙන් ජීවිතය නිහඬ වෙන දවස වෙනස් කරගනු මිසක අතීත ලේ පෑල්ලම් වලට ඉඩ තියන්න එපා උඹ මේ දිග ගමනටම ඈදල දාන්න...

සහෝ... උඹ ලිව්වෙ දිග කතාවක් එක මිටට... ගුලිගේ පොතක් මතක් වුනා.. දෝන කමලාවතී.... ජය වේවා

Anonymous said...

නියමයි

කොම්පීතරයා said...

හිතන්න දෙයක් තිබුණා..
ගොඩක් වෙලා හිතුවා....
දුක් විඳින යථාර්තය හැමදාමත් රතු ලේ පාරවල්වලින් වැහිලයි කියලයි මට හිතුනේ....

සිරා පොස්ට් එක සහෝ....

Lishan Puwakowita said...

මේ කතාවට සම්බන්ධයක් නැති උනත් මට මතක් උනේ සුනේත්‍රාගේ රිදී තිරාංගනාවී පොත.., මාශලා මානෙල් ව වයසින් වයසට නම් වෙනස් වෙමින් තැනින් තැන එකම සිරුරින් විවිධ චරිත රඟන විදිය.., ආර්ථිකය ආදරය රංගාභිශේකය මේ ඔක්කොම අවසානයේ ඇමති බිරිඳක්ව නාඳුණනන වෙඩි පහරකින් ජාවිතය කෙළවර වීම.., හැම සිද්ධියක ම පොදු ගුණාකරය ලේ පැල්ලමක් වීම..,වගේ දේවල් කතාව ශක්තිමත් කරනවා..!
උඹ මේ ගුළි කරන්නේ කතා පොදි.., මේ වගේ ඒවා පත්තර වල පළවිය යුතු උනාට පළවිය යුත්තේ මොන කැටගරියේද කියලා මට ප්‍රෂ්ණයක් තියෙනවා.., ඒක උඹගේ වැරැද්දක් නොවෙයි.., අද කාලේ පත්තර වල අවුලක්..!!

නඟා said...

හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්......

Sihina Ekathukarannek said...

මරන්නේ නෑ මුචා . මරනවා කියල කීදෙනෙක් නම් මරන්නද . එක හින්ද අවසාන ලේ පැල්ලම පෙන්නේ නෑ . එහෙමයි කියල ඒක නැතිවෙන්නෙත් නෑ . ඒ ලේ පැල්ලම ජිවිත කාලෙටම ඇගේ මුළු ආත්මේ පුරාවට සටහන් වෙලා තියෙනවා .

මන්තරකාරි said...

නියමයි... සිරා...

ආගන්තුකයා | Stranger said...

කලින් බලලා ගියාට දැන් තමා ආයි මේ පැත්තට ආවේ.
ගැහැණිය කියන්නේ දැන් නියම මාකටිං equipment එකක්. කොටින්ම ගැහැණිය නැත්නම් අපිට සරමක්වත් විකුණගන්න තත්වයට පත්වෙලා. මේක තමා ඛේදවාචකය. මොකද ගැහැණිය වෙලඳ භාණ්ඩ බවට පත්වීමත් එක්ක තමන් අහිමිවීමේ ඛේදවාචකයට මුහුණ දෙනවා. මේක දෙපිරිසටම පොදු සංසිද්ධියක්. ඒ දියවැලට අසුවූ විට එයින් ගැලවීම කියන්නත් වගේ යෝනිය පාසාරු කරගෙන යන වෙඩිඋණ්ඩයකට හේතු වෙන්න පුළුවන්. නියම සටහන..

අසoක said...

ඇත්තටම ලස්සන ලිපියක් සමාජයේ තිත්ත යතාර්තය බොහොම ලස්සනට එලියට අරන් තියනවා...නියමයි....

..ChAnDiKa.. said...

රතු පාට හ්ම්ම්ම්!!!!!

Ansh Lucky Sri Jay said...

කලින් මේක කියෙව්වත් බය හිතුනා කමෙන්ට් එකක් දාන්න.
අර දිල් අක්කා කියලා තියෙනවා වගේ දෝන කමලාවති පොත තමයි මටත් එකපාරට මතක් වුනේ.
සුපිරි ලියැවිල්ලක්..!!

ජේ.ඩී said...

වචන නෑ......... උපරිමයි.

රත්ගමයා said...

මේක පට්ටා

රස්තියාදුකාරයා said...

එළටම ලියලා තියනවා

GIhanD4R said...

uparimai machan

Srilankan Kunatuwa said...

ලස්සනයි යාලු

Post a Comment

කියෙව්වම හිතිච්ච දෙයක් ලියලා යන්න. බැරිනං නිකං ඉන්න.
සැඟවී විඳීමට අඥාතය පාවිච්චි කරන්න.
ජයෙන් ජය උඹලාට!