පෙම් දළු අගිසි හිත් කොණින් දිදුලන කලට
එහි වර වඩන හිරුටද
කොල ඇබින්දක හිත් කවි ලියන
විකල් වුනු කුරුල්ලා අමතකද?
වින්ද සැප කඳ සිතින් මගහැර
උඹ ගිහින් මට ගන්ඩ බැරි දුර
කොලය මත බත් කන්ද මහමෙර
පිච්චියන් බත් යටින් ගින්දර
තෙරක් හොර කරත් හිත වට
ගියත් පෙම බැදන් හිත මට
හංගපන් උඩින් පිටතට
ඉන්ඩවෙයි නැතොත් අකලට