"හැඟීම් බොහෝමයක් තිබ්බට ඒවයේ උප්පත්ති මූලය බොහෝ වෙලාවට අපිම හෝ අපිට ලඟම මනස උසස් වූවෝ. ඒ වගේම ගැහැණිය හැඟීම් උත්පාදනයේ ඉහලම තැනක ඉන්නවා. මේ එතනින් එහාට ගිය හැඟීම්, වචන කරපු ලියමනක්...."


Friday, August 7, 2009

සොඳුරු අතීතයේ


පළමු දවසේ පාසල් ගේට්ටුව ළඟදී අම්මාගෙනුයි තාත්තාගෙනුයි වෙන්වෙලා ඇතුලට යනකොට දැනිච්ච දුක මට මතක නැතිවුනත්,

මම පන්තියට ගිහිල්ලා විජේරත්න මැඩම්ගෙන් ඉගෙනගෙන (ඉගෙනගෙන කිව්වට...ඉතිං) ආපහු එළියට එනකොට ආවේ යාළුවෝ තුන්දෙනෙකුත් එක්ක..(තාත්තා කිව්ව විදිහට) ලු.

උන්ගෙන් දෙන්නෙක් එක්ක දැන්නම් එච්චර දරුණු යාළුකමක් නොතිබ්බත්,අනිත් එකානං පූරුවේ පවකට හෝ පිනකට තාමත් මගේ හොඳම යාළුවෙක් (ඌ හිතාගෙන ඉන්න විදිහට) ;-)

හැමදාම උදේට සුනිල් එදිරිසිංහ මහත්තයගේ "බානෙන් බැඳ","මල්ලියේ නරක මිතුරන්" වගේම අමරදේව මහත්තයගේ "මහමෙව්නා උයනේ","රත්න දීප"..තවද මරියසෙල් ගුණතිලක මහත්මියගේ "සිහින නෙළුම් මල්" වගේම රූකාන්ත ගුණතිලක මහත්තයගේ "උකුළට නාවත්" අහලා...
තාමත් ඒවා මගේ හදගත් ගීත ගොඩේ තියෙන්නේ නොදැනුවත්වමයි.

අට වසරෙදී පළවෙනි පාරට හොරෙන් ඉස්කෝලෙන් එළියට පැන්නේ..පනින්න කලින් ගිටාර් ගගහා තිබිච්ච කකුල් දෙක... පැනලා දෙමටගොඩ මවුන්ට්මේරී හරියට ආවහම හිතට දැනිච්ච කූල් එක... ඒ වගේම ඒ ජයග්‍රාහී හැඟීම තාමත් මතකයි හොඳටම. (ඒත් ඊට පස්සේ දහය වසර වෙනකන් ඉස්කෝලෙන් පැන්නේ නෑ)

මගේ පූරුවේ තිබිච්ච ලොකුම පිනකට සහ ශිෂ්‍ය නායක මුළුවේ තිබිච්ච ලොකූ අවාසනාවකට(මම හිතන්නේ) ඒකට බැඳෙන්න ලැබුනේ.පාන්දර 4.30 ට විතර ඉස්කෝලෙට ගිහිල්ලා කන්න තියෙන රැග් ඔක්කෝම කාලා යාන්තං Junior Prefect බැජ් එක ගැහුවා...

"...න්දා මෑණියන්ගේ අකලංකබාවයත් කීර්තිරාවයත් පවිත්‍රතාවයත් වඩ වඩාත් දීප්තිමත් කිරීමේ අවංක අධ්‍යාෂයෙන් යුතුව..මා සතු සියලුම හැකියාවන් හැකි සෑම අවස්ථාවකදීම විද්‍යාලය හා සම්බන්ධ සකල ස්ථානයන් හීදී යොදවන බවටත් ඔබ සෑම දෙනා ඉදිරියේ මෙසේ දිවුරා ප්‍රකාශ කර සිටිමි.ඒ බවට ඔබ සියල්ලෝම සාක්ෂි දරත්වා.ස්තූතියි!"

කියලා දිවුරපු දිවුරුම තාමත් මතකයි.මම මේ වෙනකනුත් ඒක ඒ විදිහටම රැකලා තියෙනවා. පළවෙනි දවසෙම කම්මුල පුපුරු ගහන්න කම්මුල් පාරක් කෑවා.ඈනුමක් ඇරියා කියලා අත තියන්නේ නැතුව..එදා ඉඳන් දිගටම අවුරුද්දක් යනකනුත්. . .

හොඳට සීට් තියෙන 154 බස් වල හිටගෙන ගියේ පශ්චාත් ප්‍රදේශයේ පාරවල් හිටින තරමට කොසු පොලු වලින් ගුටි කාපු නිසා(ඒකත් ආතල්).

එහෙම ගුටි කෑවේ Deciplene හදාගන්න කියලා ඒ දවස් වල හිතුනේ නැති උනාට,පහුවෙලා සීනියර් උනාට පස්සේ ගුටි කනවා අඩු වෙනකොට කම්මුලටයි,පිටටයි,ඔළුවටයි,පශ්චාත් ප්‍රදේශයටයි හරිම පාළුවක් දැනුනා. . .

ඒ වගේම අපිත් සීනියර් වෙලා අපේ පොඩි එවුන්ට වැරැද්දකට ගහනකොට උඩින් කොච්චර ඔරවගෙන හිටියත් හිතින් ලොකු බරක් දරාගෙන හිටියේ..

මේ අතරතුර මගේ උසස් පෙළ පන්තිය ගැනත් පොඩි සඳහනක් කරන්න ඕන.ඒකට කිව්වේ "අන්ජනං අඩවිය" කියලා.කොහොම උනත් ඔය අන්ජනං අඩවියේ මහ අන්ජනම හෙවත් පන්ති නායකයෝ වුනේ මම ඇතුළුව තුන් දෙනෙක්.

අවසානයේ හිතේ ලොකුම හීනය සපුරගන්න කාලය ආවා.ඒ උසස් පෙළ විභාගය එහෙම නෙමෙයි.ඒ තමයි මගේ ජ්‍යෙෂ්ඨ විධායක ශිෂ්‍ය නායකයෙකු වීමේ සිහිනය.ඔන්න දැන් මම සම්මුඛ පරීක්ෂනයේ. . .

මුලින්ම ඇහුවේ පන්ති බාර කවුද කියලා..මළ කෙළියයි !අපේ පන්තියේ ඒ වෙනකොට පන්ති බාර කට්ටිය තුන් දෙනෙක් මාරු වෙලා තිබුනා.මම කොහොමද අලුත්ම එක්කෙනාගේ නම දන්නේ.මම වෙනින් බර බර දේවල් නේ පාඩං කරලා ගියේ.

ආපහු.. "කව්ද ?"
"අර සුදු කෙට්ටු මැඩම්" මගේ උත්තරයක් මිමිණුනා. මළ හත් ඉල්ලව්වයි! අපේ පන්ති බාර මැඩම් ඉන්ටවිව් බෝඩ් එකේ ඉන්නවලු.(එයා සුදුයි මහතයි..කවුද දන්නේ?)
මාස තුනකට පාරක්නේ පන්තියට යන්නේ.කුණු බැණුම් අහලා කොහොමහරි ඒ බැජ් එකත් ගැහුවා.

Prefect ජීවිතේ පට්ටම අත්දැකීම තමයි "Work Shop" එක.ඒක දවස් තුනක් තිබ්බා ඉස්කෝලේ.ඒක ගැන ලියන්න ඉන්න හොඳම කෙනා තමයි මම.මම ඒකේ හැමෝටම මතක හිටින චරිතයක්.

ඒක හුඟාක් කාෂ්ඨක දරුණු කාළයක්.මගේ යාළුවෝ මහ පාරේ බඩගාද්දී..පපුවේ අමාරුවක් ගත්තු මම හොඳට නිදාගෙන හිටියේ.අපේ සීනියර්ස් ලව එහෙම ලේසියෙන් රවට්ටන්නත් බෑ.උදාහරණයක් විදිහට කළන්තේ දානකොට පේන්නේ මොන පාටද? කළන්තේ දානකොට ඇඟ බරවෙන්නේ මොන පැත්තටද ?හදිසි පපුවේ අමාරුවකට ප්‍රථමාධාර ? ඔය ඔක්කෝම දැනගෙන ඉන්න ඕන ඔය හොර වැඩ කරන්න නං.

ඒ මදිවට පාන්දර 6ට විතර යාළුවෝ ගල් ෂෝටවල් ඇඳගෙන මියුසියස් එක ගාවින් දුවද්දී මම ඉස්කෝලේ ඇතුලේ ආතල් එකේ ඇවිද ඇවිදැ හිටියා.එදා මට ආතරයිටීස් තිබ්බා.
කොහෝමහරි ෆන්ම දවස වෙච්ච අන්තිම දවසේ සීනියර්ස්ලා පුදුම කරවමින් කෙලින් වෙච්ච මම දවස ඉවර කලේ සින්දු කියලා,නාට්‍යයක් කරලා...Hotel School එකෙන් අපිට දීපු Three Course Menu එකත් ඉවරයටම ඉවර කරලා.

මම විභාග වල කොපි කරපුවා ගැනනං කියන්න යන්නේ නෑ.

කොහොම උනත් මේ ළිපිය මෙතනින් ඉවර කරන්නේ..ඉස්කෝලේ හිටපු අන්තිම දවස ගැන කියනකොට ඇස් පෙනීම බොඳ වෙන හින්දා.ඒ අත්දැකීම ඕගොල්ලෝ හැමෝටමත් ඇති.නැත්නම් විඳියි ඉදිරියට.

කියවපු හැමෝටම නළඳ මව් සරණයි !

ප:ලි :- ඕගොලොන්ගේ ජීවිතේ පාසැලේදි ශිෂ්‍ය නායකයෙක් වෙනවද නැද්ද කියන තීරණය ගන්න ආවොත්,දෙමව්පියෝ ගුරුවරු කොච්චර කිව්වත් ඒ දේ කරන්න.ඒක තමුන්ට ජීවිතේ දීපු පාසලට පොඩ්ඩක් හරි ණය ගෙවන්න පුළුවන් විදිහක් !
Digg It! Stumble Delicious Technorati Tweet It! Facebook

28 ක්ම තියෙනවා අදහස්:

Travel Ceylon said...

හුටා උඹත් නාලන්දෙද? ඒක තමයි මුල ඉඳලම නිකන් අඳුනනව වගේ දැනුනෙ. හික්

Rachintha Jayawardhana said...

හිකිස් !
අඳුණගන්න ලැබීම සතුටක් සහෝ.මොන අවුරුද්දෙද ?

Travel Ceylon said...

97 උඹ මොන අවුරුද්දෙද ?

Rachintha Jayawardhana said...

බුදු තාත්තේ..මම 2007.

Travel Ceylon said...

තරහ වෙන්න එපා උඹ කිව්වෙ වයස දන්නෙ නැතුවනෙ. මල්ලි මාව තවත් වයසට යවලනෙ.

Rachintha Jayawardhana said...

බුදු තාත්තේ කිව්වේ උඹට නෙමෙයි බුදු අයියේ..ඒකට කිසිම අවුලක් නෑ.මම විශ්මය හඟවන පදයක් තමයි "බුදු තාත්තේ" කියන්නේ."උඹ" කියන වචනේ ලොකු ලෙන්ගතුකමක් තියෙනවා.ඒක වයස් බේදයක් නැතුව පාවිච්චි කරන්න පුලුවන් එකක්.

sachi said...

iskole mathak wenawa...jeewithe sundarama kaale...dukaii

Kaushalya said...

oya mara vadane karala thiyenne he he hari shoi.thamath ohoma leda hadenavada ithin ekaparatama
nywy nice artical iskole mathak venava matath

Rachintha Jayawardhana said...

හිහ්හී..අවශ්‍ය වෙච්ච හැම වෙලාවටම ඕන ලෙඩක් හදාගන්න පුළුවන්.

Prabodha said...

schol life aka thama jewithe funma kale hondama kale,mage karumekatada mandaa samahara dawas walata scol yana aka apa wenawa but dan nam hondatama dukai aga mathak wenakota

Rachintha Jayawardhana said...

ow macho..habai mama nan 10 wasaren passe hamadama giya..
mokada class ekata yanne nane.
kelinma yanne prefect room !

දුකා said...

ආපහු පාසැල් යන්න තියෙනවනම් . . . කියල හිතෙනවා. . . .

Rachintha Jayawardhana said...

හ්ම්ම්...ඒක කොච්චර ලොකු දෙයක්ද ?

Chrishi said...

නෝ කමෙන්ටස් !!!

Rachintha Jayawardhana said...

හිහ්හී. . .ඇයි මචෝ ඒ ?

Lahiru LPU said...

අඩො........, මට අඩෙන්න වගෙ අව බන්... ;( ඉස්සර පිස්සු නටපු ඒව මතක් වෙනව...

nway... grate work machannn...

Rachintha Jayawardhana said...

හිහ්හී..තැන්කූ ලයියා !
සන්තෝසයි උඹ මාව අඳුරගත්ත එකට !

Narada said...

මාව ශිෂ්‍ය නායකයෙක් කරාට ඒකෙන් මම ඉල්ලා අස් වුණා මාස කිහිපයෙන්ම, වීනය භාර සර්ලාගේ දැඩ් නියෝගත්. ඇතැම් අයට හැඳි බෙදා බෙදා ඉන්නත්(යාලුවෙක් වැරදි කරලා හරි වැඩිමහලු කෙනෙක් වැරදි කරලා මට අහු වුණත් මට ඒ ගැන කිසිවක් කරන්න බෑ ඊට කලිං එයාට ෂේප් නේන පුළුවන් නිසා වෙන කෙනෙක් ලවා. ඒත් පොඩි එකෙක් හරි වෙනත් කෙනෙක් නම් පොඩ් එකක් වුණත් කෙලින්ම යනවා, එවැනි දේ) ඇකැති නිසා මම අස් වුණා.

ඇත්තටම ශිෂ්‍ය නායත්වයේ බලය මුවාවෙන් බොහො දෙනෙක් කරන්නේ ඒ දේමයි.

ඔයා එහෙමයි කියලා මම කිව්වා නෙමේ මචෝ, කොහොම වුණත් බොහොම ස්තුතියි මිත්‍රයා අතීත සටහන් මතක් කරාට!

malee_msg said...

hik hik පාසැල් මතක..! කොහොම වෙතත් ඔයා නම් මහ හොර ලෙඩෙක් වගේ පේන්නේ නම්!

මධුරංග ප්‍රභාත් said...

මල්ලි උඹත නාලන්දෙ කොල්ලෙක්ද? එල එල! උඹ අර හැමදාම උදේට දාන සිංදු ටික ගැනනම් කියල තියෙන්නෙ සහතික ඇත්ත. ඒත් අර "උථ්ථාන වථෝ..." ගාථාව?

Rachintha Jayawardhana said...

@Binku: ඔව් මචෝ..සමහර ඉස්කෝල වල එහෙමයි.අපේ ඉස්කෝලෙත් සමහර සර්ලා එහෙමයි!ඔව් මචෝ ඔය කියන දේ වෙනවා හුඟාක් වෙලාවට..

@Malee: හිහ්හී.. එහෙමත්ම නෑ අක්කේ.මට ඔය දුවන ඒවා කරන්න බෑ අක්කේ.මගේ ඇඟ දැක්කනං ඒක තේරුම් ගනියි.

@Prabath: නියමයිනේ අයියා..අඳුනගන්න ලැබීම ලොකූ සතුටක්!ඒ ගාථාවත් කවමදාවත් අමතක වෙන්නේ නෑ . "සුචි ඛම්මස්ස නිසම්මකාරිණෝ"

නිලැස් | Niles said...

ela ela... great one buddy... took me back to my school days as well..!!!

Rachintha Jayawardhana said...

thanks machang !

Sam said...

මල්ලි ඔයා නියෙමෙට ලියල තියෙනවා..අදයි කියෙව්වෙ...සොඳුරු මතක..හද රැඳේ..
"බැන්ද ධජා සිරි ලක්දිව මන්දිර..."

Rachintha Jayawardhana said...

ස්තූතියි සහෝ!

Anonymous said...

akanum aththa ayya,math baj eka hitiya.girls' school ekak kiyala ne iscole lokko wela apit pissu netuwa,boysla wagema gas negga,sindu qwa,mulu iscolema helluwa.nungila api enakota duwana thathweta api awa. madamta wada apita nungila baya una..he heee.. hema pissu wedakatama mul una apimy awa wisaduwet apimy..awa mathak wenakota denatat as dekata kadulu pirenawa.thani wena hema mohothakama a kaleta duwala yanna hithenawa.a hema dawasakma puduma sundary...a kala dewal ekka jeewitha wenama pituwak peraluna,ada oluwa ussagena paraka yanna tharam athma shakthiyak wagema hoda vinayak iscolen noaduwa lebuna.ada api hemoma yam thanaka innawanum aka ape pasal mathawata baray..oyage post eka aday kiyewwa.mage hema mathakayakma ayeth aluth una...thnX

කතන්දර Kathandara said...

Two of my post were written thanks to this story.

Thanks Mucha.

කතන්දර Kathandara said...

Here are the links:

1. http://kathandara.blogspot.com/2009/09/blog-post_14.html

2. http://kathandara.blogspot.com/2009/09/blog-post_16.html

Post a Comment

කියෙව්වම හිතිච්ච දෙයක් ලියලා යන්න. බැරිනං නිකං ඉන්න.
සැඟවී විඳීමට අඥාතය පාවිච්චි කරන්න.
ජයෙන් ජය උඹලාට!