"හැඟීම් බොහෝමයක් තිබ්බට ඒවයේ උප්පත්ති මූලය බොහෝ වෙලාවට අපිම හෝ අපිට ලඟම මනස උසස් වූවෝ. ඒ වගේම ගැහැණිය හැඟීම් උත්පාදනයේ ඉහලම තැනක ඉන්නවා. මේ එතනින් එහාට ගිය හැඟීම්, වචන කරපු ලියමනක්...."


Sunday, August 30, 2009

ටෙලිවිශන් විකාර

මම එතරම් වෙලාවක් ටෙලිවිශනය නොනැරඹුවද මම ටෙලිවිශන් රසිකයෙකි (රූපවාහිනී රසිකයෙකු නොවේ).එහෙත් දිගුකලක් සිට එම ටෙලිවිශනයේ වැරදි තොගයක් මා දැක ඇත.මෙයින් වැරදි කිහිපයක් දැනට ප්‍රසිද්ධියේ කතාබස් වී ඇති මුත්. . .කතාබස් නොවූ ඒවාද ඇති බැවින් මෙසේ ඔබ හමුවට ගෙනෙන්නට සිතුවේ අද දිනට දැමීමට නියමිතව තිබූ ළිපියද පස්සට ඇද දමමිනි.මේ පිළිබඳ අප සදාහරිතයේකතාකොට ඇත.ඒ දේශපාලනික වශයෙන්ය.

පලමුව මතක් කිරීමට ඇත්තේ මහ හෝටලයේ හෙවත් ජාතික රූපවාහිනියේ අසේල බණ්ඩාරනායකවය.ඔහු දිනක් උදෑසන වැඩසටහනකදී රොමේෂ් සහ ලක්ෂාන් දෙදෙනා සමග පැවසුවේ නලින් පෙරේරා ගේ වැදගම්මකට නැති පැණි කොමඩු ගෙඩිය වැනි ගීත අතරේ ඔවුන්ගේ ගීත අගය කරන බවයි.තමාත් සමග එකම ශේෂ්ත්‍රයේ සිටින්නෙකුට තමාත් සම්බන්ධ කරගෙන ගැසූ පහරින් ගැලවී යාමට රොමේෂ් දක්ශ විය.නමුත් එතනදී සඳහන් කල යුතු වන්නේ අසේල බණ්ඩාරනායකනලින් පෙරේරා සමග පෞද්ගලික ආරවුලක් ඇත්නම් ඒවා මාධ්‍ය හමුවේ එලියට නොදැමිය යුතු බවයි.කිසිම විටකත් එය ඔවුන්ගේ ආරවුලක ප්‍රථිඵලයක් නොවන්නේ විය නොහැකිය.මන්දයත් ඉන් ටික කලකට පසු එනම් මීට මාස දෙකකට පමණ පෙර මෙම වැඩසටහනටම ළහිරු පෙරේරා ගෙන්වා ඔහු විසින් රම්බරී සුභ පැතුවේය.පැනි කොමඩු ගෙඩිය යොදාගෙන මවන්නට හදන ස්ත්‍රී හැඩය ගැන ලියැවුනු ගීතය හෙවත් අපේ භාෂාවෙන් නම් සින්දුව. . .රම්බරී වැනි කියන එකාවත් (ළහිරු පෙරේරාවත්) හරි හැටි තේරුම නොදත් ගීතයකට වඩා පහත් විය හැකිද ???

දෙවැන්න සොරු හෙවත් ස්වාධීන රූපවාහිනියයි.තුලාව යනු තරාදිය බව අප උගන්නේ තුන වසරෙදී පාසල තුල පොළ දමන විටය.එහෙත් තමන් රැඩිකල් යැයි පෙන්වන. . .ඕනෑම වැදගතෙකු ඉදිරියට ඕනෑම වැදගත් සාකච්ඡාවකට ටී-ෂර්ට් කෑල්ලක් හෝ කැමා ෂර්ට් උඩින් දමාගෙන,මැණික් කටුවේ සිට වැළමිට තෙක් පටි තොගයක් බැඳගෙන යන සුධර්මන් රදළියගොඩ මහතා එය දන්නේ නැත.(මෙහි සුධර්මන් රදළියගොඩ කියන නම බර කොරලා කියවන්න ඕන..එහෙම නැතුව ඒ මහත්තයගේ තත්වයට හරි නෑ :කැපිටල් පී)කොටින්ම කියතොත් තුලා ලග්න හිමි නරයෙකුගේ ගුණ සහ අගුණ දෙකම සමව පිහිටන බව පාසලක් දැක නැති පැරණි ජනයාද දන්නා කරුණකි.එසේනම් මෙකී තුලාවඩලස් අළහප්පෙරුමව පමණක් ගෙන්වා ප්‍රවාහනය ගැන විවාදයක් පැවැත්විය හැකිද ??? එතනදී සිදුවන්නේ ප්‍රවාහනය සම්බන්ධව ප්‍රණාමය පුදකිරීමක් පමණි.එසේත් නැතහොත් සුදු හුණු ගෑමකි.එතනදී එහි ඇති අඩු පාඩු කම් සහ දියුණු කලයුතු තැන් පිළිබඳ කතා වන්නේ නැත.අවම වශයෙන් ප්‍රදාන විපක්ශය නොවුවත් ජවිපෙන් හෝ එක් මන්ත්‍රී වරයෙකු විවාදයට ගෙන්විය යුතු නොවේද ???

මීලඟට ඉදිරි වසර කිහිපයක කාලයටද ශ්‍රී ලංකාව තුල පැවැත්වෙන සියළු ක්‍රිකට් තරඟ වල විකාශන අයිතිය හිමි නේත්තරා හෙවත් චැනල් අයි දෙස බලමු.විකාශන අයිතිය ලබාගැනීමට ටෙන්ඩරය දමා යම් මුදල් ප්‍රමාණයක් වියදම් වන්නට ඇත.එහෙත් මෙච්චර වෙළඳ දැන්වීම් කන්දරාවක්. . .තරඟයෙන් තරඟයට කෙනෙක් Title Sponser හෝ Main Sponser හෙවත් ප්‍රධාන අනුග්‍රාහකයෙක් ඇත.මීට අමතරව ඕවර දෙකක් අතර දිගු වෙළඳ දැන්වීම් දෙකක්.තරඟය අතරතුර තරඟයේ තොරතුරු තීරුව මෙන් තුන් ගුණයක වෙළඳ දැන්වීම් පේළියක්..ඊට අමතරව හෙවත් සම අනුග්‍රාහකයින් තොගයක්.එහි ක්‍රීඩාවට වඩා විකිනීමක් ඇත.ඕවරයක අන්තිම පන්දුව වයිඩ් පන්දුවක් හෝ නිපන්දුවක් වුවහොත් ඊළඟ පන්දුව නරඹා හමාරය.වෙළඳ දැන්වීම දමන බොත්තම එබීමට ඇඟිල්ලක් පුලු පුලා බලාහිඳී.නත්තලට වෙසක් එකට රාමසාන් වලට හා හජ්ජි යන සියල්ලටම තරඟ නරඹා හමාරය.උඩින් බෞද්ධ කොඩියයි නාලිකාවේ ලාංඡනයයි.යටින් දැන්වීම් තීරුවයි..දෙපැත්තෙනුත් තීරු දෙකක් මාර්කටින් සඳහා වෙන්වීම දුරක නොවේ.දැනටද ඉඳහිට යන එන දෙපැති දැන්වීම්ද ඇත.

ඊලඟ එක පොඩි එවුන්ගේ ටෙලිවිශන් කෙරුවාවය.ප්‍රධාන දෝෂාරෝපනය ඔළුව ටෙලිවිශනයට හෙවත් සිරස නාලිකාවටය.මුලින්ම මට මතක විදිහට ළමුන් ටෙලිවිශනයට ගෙන ආවේ ජාතික රූපවාහිනියයි.ඒ මුතුහර තුලිනි.ඉන්පසු පොඩිවුන් කරන වැඩසටහන් අතර ජනප්‍රිය වූයේ ස්වර්ණවාහිනියේ හපන් පැදුරයි.එය එක එක කලට අනුග්‍රාහකයා අනුව එක එක පැදුරවල් බවට පත්වූවත් අන්තර්ගතය වෙනස් නොවූයේය.දැන් අළුතෙන් කුඩාවුන් විසින් තවත් සින්දු කියන්නට වැඩසටහනක් පටන්ගෙන ඇත.ඒ සිරස තුලය.කලින් සඳහන් කල හපන් පැදුර තුල ගායනා කෙරුනේ ඉතා සුන්දර ළමා ගීතය.එහෙත් දැන් වෙනත් මාධ්‍යායතන වලින් පිම්බූ පණ්ඩිත පොඩීවුන් රැලක් ගෙන සිරසද එම වැඩයම පටන් ගෙන ඇත.මට එක ප්‍රශ්නයක් මේ සම්බන්ධව ඇත.එය ඔබලා තුල ඇත්ද නැත්ද යන්න මා නොදනී.එය නම් "හතර පහ වසරට ඇති ඇති එකම ගීතය හංස රාජිනී සේ ද ?" යන්නයි.හංස රාජිනී පොඩි එකෙකුගේ කටින් ඇසීමට වඩා ඕනෑම ස්ටාර් තරඟාවලියකින් උපරිම සාධාරණයකින් ඇසිය හැක.

මීලඟට ඇත්තේ කෙටි කරුණු දැක්වීමය.පළමුව ස්වර්ණවාහිනියෙන් පටන් ගනිමු.ඒ ගහෙන් ගෙඩි එන්නාක් මෙන් පටන් ගත් "ස්ටාර්" තරඟාවලි ගොන්නය.මා සිතනා ආකාරයට එය ඒවායේ අසාර්තකත්වයට හෙවත් කවුරුත් කියනා ආකාරයට කොලිටිය අඩු වීමට හේතු විය.ඔවුනටද සිදු වූයේ දොඩං ගොඩ බදාගත්තා වගේ වැඩක්ය.ඔවුන් Singing Star වැඩසටහන අරමුණු කරගත්තේ හොඳ කටහඬක් ඇති හොඳ හැකියාවක් ඇති පිරිසක් තෝරාගැනීමට විය යුතුය.ඔවුන් ""යන්නේ සිටම වරද්දා ගත්තෝය.ඔවුන් මුලින්ම කලේ සින්දු මතක තියන එවුන් තෝරන එකය.ඉන්පසු ඔවුන් තෝරන ගීතය මතක තියන එවුන්ය.එතැනට එනවිටම හොඳ එවුන් බාගයක් හැලී හමාරය.අවුරුදු ගනාවක් හෙළ ගී අඹරේ ගී කෝකිලාවිය ලෙස ගෞරව ලත් ලතා වල්පොල මහත්මියද කියන්නේ කොලය බලාගෙනය.දැන් ඉහත කී තරඟයේ අවසන් වටයට එළඹ ඇත.දැන් කැපී පේන්නේ නැටුමය.එනම් නර්ථන ශිල්පීන් දෙදෙනෙකු සමග තරඟකරු ගයමින් නටයි.ගයමින් කිව්වාට ගයමින්ම නොව කට සොලවමිනි.එමගින් ඔවුන් නරඹන පිරිසගේ විශ්වාශයද කාගත්තෝය.

ඊලඟ විමසුම ස්ටාර් පෙලේ Comedy Star ගැනය.එහි තරඟකරුවන් හොඳ මට්ටමක සිටී.ඉදිරිපත් කරන්නා ගන්නම දෙයක් නැත.අනෙක් එහි සඳහන් කල යුතුම කරුණ විනිශ්චය මණ්ඩලයයි.කාන්චනා මෙන්ඩිස් කොමඩි අහලකවත් නැති චරිතයකි.රොනී ලීච් ගේ ඇත්තේ බෝල තට්ටයක් සහ නටවන ඇස් දෙකක් පමණි.ඔහු තුට්ටු දෙකේ ක්ලබ් සින්දු කාරයෙකි.අනෙකා බිඳක්වත් වැදගම්මකට නැති. . .රෝයි ද සිල්වාය.ඒ ගැන ඔබලා සමග අදහස් හුවමාරු කරගෙන වැඩක් නැත.ඒ බව ඔබ සැවොම දනී.බන්දු සහ ටෙනිසන් දෙපල කරන දෙයකින් අවරගණයේ වානිජ චිත්‍රපටි තොග ගනන් සාදමින් ඔහු කල් ගත කරයි.

මධුවිතට කොටු දැමීම සම්බන්ධවද මෙහි සඳහනක් නොකරමි.මන්ද වාරණයන් සම්බන්ධව සදාහරිතයේ කතා කල ළිපියේ එය සඳහන්ව ඇති බැවිනි.

Loving Star ගැන මේ ටිකේම විමැසුනු නිසා මෙහි සඳහනක් නොකරමි.

ඉතිරිව ඇත්තේ ලඟදීම සිදුවූ දෙයකි.එනම් අවුරුදු දහනමය විස්සේ කෙල්ලෝ රංචුවකට ප්‍රවීන සූපවේදී පබිලිස් සිල්වා මහතා ලුණු මිරිස් සහ කට්ට සම්බෝල අතර වෙනස පහදා දී ඒවා සෑදීමට කියා දීමයි.එයද ජාතික රූපවාහිනියෙනි.එය ගැනද කිසිඳු තර්කයක් නොමැත.මොඩර්න් සංස්කෘතියේ කාලකණ්නි යුවතියන් ඇරෙන්නට අනෙකුත් ලාංකික සහෝදරියන් අවුරුදු පහලොව දහසය දහහත අතර වයස් මට්ටමට එනවිට පවුලකට උයන්නට පිහන්නට දැනසිටින බව මා දන්නා කරුණකි.ඉතිං කට්ට සම්බෝල කොතරම් ප්‍රාථමිකද ???

සැ.යු: මා ඉහත දක්වා ඇත්තේ ටෙලිවිශනය පිටුදැකීමක් නොවේ.අප කොතරම් අන්තර්ජාලයට සම්බන්ද වූවද මුළු ලංකාවම ගත්කල රසවින්දනය,දැනුම සහ තොරතුරු සපයන ප්‍රදානම මාර්ගය ටෙලිවිශනයයි.ටෙලිවිශනය වඩා වැඩදායී කරගැනීමට නම් පොදුවේ මෙම වැරදි වලට පිළිතුරු සෙවිය යුතුය.
Digg It! Stumble Delicious Technorati Tweet It! Facebook

31 ක්ම තියෙනවා අදහස්:

said...

මම නම් මචං ටීවී එකට සදහටම සමුදීලා තියෙන්නේ ඒක නිසා යන්නේ මොනාද කියලවත් දන්නේ නැහැ.

Rachintha Jayawardhana said...

ඔව්..ඒක හොඳයි.ලේ කෝප වෙනවා අඩුයිනේ.ඒත් හොඳ වැඩසටහන් ඕන තරම් යනවා.

කොබා said...

තුලාව ගැනනම් කියන්න තියෙන්නේ "තුක් නොදකින්" කියලා තමයි....සුධර්ර්ර්මන්ගේ......
ස්වර්න්වාහියෙත් කොලිටිය දන් අන්තිම සවුත්තුයි....කලින් ගියපු "අවාරයේ සිරිපා වන්දනාව, සලන් හන්තේ වගේ එවා දැන් ඇත්තේම නෑ...උනුත් දැන් කසි කබල් මෙගා සමයන් වලින් යැපෙන්නේ...
සිරසනම් දැන් බැලෙන්නේම නෑ වගේ...ඉස්සරනම් අල, සූර පප්පා වගේ ඒවා බැලුවා..(සූර පප්පා නම් ගියොත් දැනුත් බලනවා)
හෆොයි...මැච් පෙන්නන එක ගැනනම් කතා කරලා වැඩක් නෑ...හරියට ඇඩ් අස්සෙන් මැච් එක පෙන්නවා වගේ...
හැබෑට කියපන්කො ඉදලා හිටලා බලන වෙලාවට බලන්න හොද වැඩසටහන් 2-3ක්

Rachintha Jayawardhana said...

කොබා මචෝ...අද(30) රෑ 10ට යනවා සුනිල් ශාන්ත මහත්තයගේ සින්දු වැඩසටහනක්.ඒක බලහන්..එතකොට හැම ඉරිදම යනවා රෑ 7ට රොබින්හුඩ්..ඊට පස්සේ 7.30ට රජ කඩුව.සෙනසුරාද 7.30ට ඇන්ඩ් කොම්පැනි ස්වර්නවාහිනියේ.ඔය ටික තමයි මචෝ මමත් බලන්නේ.

sachiii said...

me lipiye samahara wadasatahan gana nam mama echara danne na..(deshapalana wada satahan wage ewa) eth poduwe gattama television eke yana wadasatahan gana oya kiyala thina dewal atta..

Rachintha Jayawardhana said...

thankuu thankuu

Anonymous said...

රජ කඩුව.සෙනසුරාද 7.30ට ඇන්ඩ් කොම්පැනි ස්වර්නවාහිනියේ.ඔය ටික තමයි මචෝ මමත් බලන්නේ.
machan uba balana me programs vadakata tiyana eva kiylada uba kiyanne machan ai uba varadi ganama kata karanne hoda deval gana katakaranna bari ai uba negative thinking porak nisada...

Rachintha Jayawardhana said...

he he..na kolla..hoda ganat issarahata Lipiyak liyanawa.hoda dewal ona tharan thiyenawa.
Ai kolla anonimous inne.kisima sith thawulak na.elipita warenko !

Rachintha Jayawardhana said...

anith eka Anonimous macho...mama balana program deka thune maara windhanayak thiyenawa.

Anonymous said...

machan windanayak tibbata kisima harayak nane neda eka ona gonekut terenavane ova balana anith eka man kohoma avath eken vadak nane machan man mehemmama ennanko.hoda progrms gana dapanko machan varadima hoyanne natuva.issarahata ehema unoth apith kamati

Rachintha Jayawardhana said...

aniwa...mama hoda ganath danawa.
eth mama kiyapu ewaye harayak naththe na.eke thiyenne upahasayak.samaharawita sahodarayata ee upahaasaya dharaa ganna baruwa Athi.ekata mama monawa karannawa.

kiyawannange illeemak nisa hoda ewa ganath liyannan.eth macho api waradi ganai katha karanna ona.ethakotai ewa adu wenne.

Anonymous said...

sahodaraya mata daraganna barikamak na haridaaa.anika oya upahasa kivvata ovage tiyenne boru harayak nati kata vtarai kiyala minissu dannava machan..ova mona kalath dan lankave minissu ravatichcha kale ivarai eka issaratath balaganna puluvan lankavatama....

varadima kiyanna giyot machan issarata yana minihage kakulen adinava vage vadakne neda ehema karanna hoda nane machan issarahata yanna atha dennai one terunada....varadi kivvata varaddak na ekath onavata vada kalama tama vada
onama deyak onavata vada hoda na kiyanavane machoooo....!!!

Anonymous said...

machan hoda vadasatahanak yanava neda dan sunil shanthage balapan machan uba balanava ati kiyala man hitanava...

Rachintha Jayawardhana said...

ubath mage waradi witharane dakala thiyenne..mama oya uba kiyana widihata harayak nAthi wadasatahan gana kiyanna kalin eka gana sadahanak kala.

thawath deyak,waradi walata mama kawadawath atha denne na saho.eka hinda mama kawadawath uba oya mata karanna kiyana sudu hunu gaana wade nan karanne na.

Rachintha Jayawardhana said...

Anith eka macho..ube chinthanaya waradiy.uba mage comment gonna purawanne nathuwa poddak kalpana karala balapan,uba mageth ekka tharka karanne hari haman hethuwakatada kiyala.
ekko uba magema yaluwek wenna athi..ehemath naththan oya harayak nae kiwwa wadasatahan dharaganna baruwa athi.
uba thawa parak mage article eka hodata kiyawapan..mama okkomalagema waradi therum karala athi.
hithata ekaga wela katha karapan !
mama mekedi paksha bedhayak aragena na kiyala ubata hodatama penawane.

Rasika Nanayakkara said...

තුළාව කිව්වට ඒක තුළාවක්ම නෙමේ.. තැටි තරාදියක්.

තව සුවර්ණවාහිනියෙම යනවා ටැලන්ට් සිරි ලංකා කියලා මළ විකාරයක්. ඒකේ ඔක්කෝම හොදයි, අම්පයර්ලා තමා චාටර්...

බදාදා රෑට යනවා ITunes කියලා එකක් චැනල් අයි 1. ඒක ටිකක් එළ...

අනිත් ඒවා නම් ඉතින් බලනවාට වඩා නොබලනවානම් තමා හොද...

Rachintha Jayawardhana said...

හ්ම්ම්ම්...ඒක ඇත්ත මචෝ !

සුදා said...

Comment එකක් දාන්න හිතුවෙ මෙතන තියන අවස්ථාව ගැන හිතලා..
ඇත්තටම මමත් ටීවී එක නතර කරල ගොඩක් කල්,අද කාලයේ ටීවී බලන එක ඇහැ කන තියන කෙනෙකුට කරන්න පුලුවන් දෙයක් නෙමේයි නිසයි ඒ.
නමුත් බොහෝවිට ස්වර්ණවාහිනී LIVE@8 නම් බලනවා

දැන් ඔක්කොම COMMER‍CIALIZE වෙලා. ඒක වැරදියි කියනවාම නෙමෙයි, එත් ඕනෙම දෙයකට ඕනවට වඩා හොඳ නැ කියල අපේ "Anonymous" සහෝදරයත් කිව්වනෙ

උදාහරණයක් විදිහට "කෝපි කඩේ" කියන වැඩසටහන අද කාලයේ බලන්නෙ කවුද? ඉස්සර අපිම කී දෙනෙක් බැලුවද? මම හිතන්නෙ දැන් ඒක යන්නෙ නමට විතරයි...
බොහෝමයක් වැඩසටහන වලට අනාගතයෙ වෙන්නෙත් මේකමයි

තවත් තියන ප්‍රශ්නයක් තමයි ටීවී එක දාල බලන්නෙ මොන චැනල් එකද කියන එක, මම ඊයෙ කොල්ලුපිටිය හරියෙන් යද්දි දැක්ක පෝස්ටෙර් එකක තිබුනා අලුත් චැනල් එකක් ගැන( මේක වැරදි තොරතුරක් නම් සමාවෙන්න, මම බස් එකෙ යද්දි නිසා හරියටම දැක්කෙ නෑ ).
MAX ටෙලිවිෂන් ආපු කාලෙ පෙන්නුවෙ WWE Wrestling, ඒ කාලෙ නම් MAX මාර ජනප්‍රියයි, නමුත් දැන් පුරුදක් විදිහට MAX බලන්නෙ අර කීයෙන් කීයද??
සිoහල සින්දු විතරක් පෙන්නනවා කිව්ව "දෙරණ" ට මාසයක් වත් එහෙම ඉන්න පුලුවන් උනාද?

හොඳ තියනවා ඇති.. නමුත් හදාගන්න වැරදි නම් ගොඩයි....!!!!

ඉතා හොඳ කාලීන ලිපියක්
රේඩියො නාලිකා ගැනත් ලිපියක් තිබුනොත් අගේයි

ජය වේවා

Rachintha Jayawardhana said...

ඔව් ඔව්...මචෝ සියත රේඩියෝවේ "රට යන අත" ගැනත් කතා කරන්න දේවල් බොහෝමයි.ඒ වගේම බොහෝම ස්තූතියි අදහස් වලට.

Prabodha said...

තුලාවෙනම් කිසිම සමබරතවයක් නෑ.මොකෝ හමදම අණ්ඩු පක්ශෙය් එක්කෙනෙක් විතරක් ඒවිල්ල මොකක් හරි කියල යන්වා යන්න(අත්තටම ස්වය්න් වර්නණාවක්),එතන සමබරබවක් ඈත්තෙම නෑ,එ උනට කියන්නෙනම් තුලානත්මක දේශපාලන සව්න්වාද මණ්ඩ්පය කියලය්,කෙහෙල් මල් තුලනය,ක්‍රිකට් මෑච් එපා වෙන එකත් සහතික අත්ත,එ කට්ටියට ඔන සල්ලි විතරය්නෙ,රසාස්වාදය නෙමේ. ල්ව්ස්ටාර් වලින් ලන්කාවේ තරුණියෝ නරක් කරනවා කියලය් මගෙ නම් අදහස,කොහොම උනත් ඔය ලියල තියෙන්නෙ අදට ගෙලෙපෙන ටොපික් එකක්,එක ඈත්තටම අගය කරන්න ඔනා,එත් මට තියන ගටලුව මෙවා හරි ගිහිල්ලා ලන්කාව හදෙන්නෙ කවදද කියන එකය් සනා

Rachintha Jayawardhana said...

ඔව් බං..ඕවා හැදෙන්න ගොඩාක් කල් යයි !

නිලැස් | Niles said...

මචං මුචා... පට්ට ලිපියක්.... ක්‍රිකට් ගැන නම් කියල වැඩක් නැහැ... ඕවරේ අස්සෙත් ඒකෙ ඇඩ්වටීස්මන්ට් දානවනෙ... කාලකන්නි... මචං උඹට රූපවාහිණියේ චමුදිත කරන ජනමතය අමතක වෙලා... හරියට ජනමතය කියන්නේ ආණ්ඩුවේ අදහස් විතරයි වගේ.... දෙරණ ගැන උඹ සඳහනක් නොකලත් ඒකෙත් ගන්න කියල මහ දෙයක් නැහැ... මේ හැම චැනල් එකකම එකම පරමාර්තෙ තමන්ගෙ පෞද්ගලික වාසිය තමයි... ස්වර්ණවාහිණිය සෝම ඇන්ටි මාකට් කරනව, TNL එක ASP කාරයා මාකට් කරනව, දෙරණයි සිරසයි උන්වම මාකට් කරනව, රූපවහිණියයි, ITN එකයි කරන්න තියෙන ඔක්කොම බලු වැඩ කර කර ආණ්ඩුව මාකට් කරනව... මුන්ට නම් ලැජ්ජාවක් නැහැ බං ... දැන් ලේ කෝප කරගන්නෙ නැතුව බලන්න පුළුවන් TV Lanka තමයි... :P මම නම් දැන් ටෙලිවිෂන් එකේ බලන්නෙ ප්‍රවෘත්තියි (මොකක් හරි පෞද්ගලික නාලිකාවක ), රූපවාහිණියෙ දිය මත රුව ටෙලිනාට්‍යයි, ඇන්ඩ් කොම්පැණියයි විතරයි.... අර කිව්ව වගේ ඉස්සර තිබ්බ සැරිසර, ගඟ දිගේ, අවාරේ සිරිපා වගේ මුකුත්ම බලන්න දෙයක් නැහැනෙ... :(

Rachintha Jayawardhana said...

ඔව් ඒ වගේම ඔය කෙහෙල්මල් මෙගා කරුම ගැන ලියන්නත් අමතක උනා.අනිත් එක කොච්චර ආණ්ඩුව මාකට් කරත් ජාතික රූපවාහිනියෙන් විතරයි හොඳ ටෙලි නාට්‍ය පෙන්නන්නේ.අනිත් එක සජීවී වැඩසටහන් හොඳටම කරන්නත් පුළුවන් ජාතික රූපවාහිනියටයි සිරසටයි විතරයි.හොඳම උදාහරණෙකට දළදා පෙරහැර ගත්තොත්,අපි කොයි කවුරුත් බලන්නේ ඔය කියපු චැනල් දෙකෙන්නේ.අනිත් එක ITN කරපු සුනිල් ශාන්ත මහත්තයගේ එකේ Sound Qualityයි Videographyයි අන්තයි.

ලොකු මල්ලී said...

කතාව ඇත්ත.
අළුත් ටොපියක් ලියන්න මාන බල බල හිටිය මට ඔයාගේ ලිපියෙන් හොඳ කඹයක් හම්බුනා බර කරලා නම කියන කෙනෙක්ව එළ්ළන්න.

Rachintha Jayawardhana said...

හිහ්හී...ඔව් මල්ලියා සහතිකවම ඌව නං එල්ලන්න වටිනවා.

Kaushalya said...

ara lamai ganai cricket ganai kiyala thiyana evanam hariyatama hari anith eva gananam kiyanna hariyatama danna monava vunath hoda artical ekak aththama kiyala thiyanava

Rachintha Jayawardhana said...

hmm..thankuu thankuu sahodaree !

දුකා said...

haffa . . hoda welawata mama lankawe natte neda banz??? lankawata ena kaleka wath hoda programe tiyeyi me vidihata sanwada goda nagunoth . . .tnx male . . . hoda post ekak. . ..

Buddhi said...

මුචලින්දයෝ, මෙ ලිපියට හමිබඋනු ගොඩක් කොමෙන්ටිස් දිහා බලද්දි උඹගේ මතය පිළිගන්න සෙනග වැඩියි. ඒවගේම නරඹන වැඩසටහන් වලත් සමානකමි තියනවා.මමත් බොහෝ දුරට එකගයි. ඔය වැඩසටහන් වලට අමතරව ජාතික එකේ කලාතුරකින් ''සුරම්‍ය රාත්‍රි'' කියලා එකක් යනවා ඒකත් මරු. දැං ප්‍රශ්නෙ මෙකයි, ඔය වැඩි දෙනා නොබලන දේශපාලන සහ ඕපාදූප වැඩසටහන් වලට රෑපවාහිණී නාලිකා වැඩි ඉඩක් දෙන්නෙ ඈයි කියලා උඔට නිකං හිතිල නැද්ද බං? මටනං හිතෙන්නෙ ඔය සමීක්ෂන කාරයෝ කරන්නෙ තනිකර බොරුවක් කියලා?

Rachintha Jayawardhana said...

@Dukaa & @Buddi: thankuu sahoo laa :D

Anonymous said...

прикольно мне тоже понравилась эта идея

Post a Comment

කියෙව්වම හිතිච්ච දෙයක් ලියලා යන්න. බැරිනං නිකං ඉන්න.
සැඟවී විඳීමට අඥාතය පාවිච්චි කරන්න.
ජයෙන් ජය උඹලාට!