ඉස්සර. . . . අපේ අම්මාගේ සමරු පොතක තාත්තා තියපු සටහනක්.
තවත් එක් සැඳෑවක හුදකලාවී සිටින විට සිතුනි මට අමතන්න ඔබ මෙසේ..
මා ආදරණීය සුරංගි..
විසිදෙකයි අටයි අසූ දෙකදා
ජීවිතයේ මෙතෙක් නොදුටු
තවත් සුන්දර පැත්තක
රස බැලීමට ඔබ පාදා දුන් මග,
අවසාන වන තුරු
යමි ඔබ සිහි කරමින්
පුදමි ඔබට මගේ
සෙනෙහෙබර පැතුම් මින්
වාසනාවන්ත අනාගතයක් !
මම
ඔබේ
ආදරණීය
කෝලිත ජයවර්ධන
19 ක්ම තියෙනවා අදහස්:
Sha... මේක දකින කොට දැන් අම්මට කොයි තරම් සතුටු හිතෙනවා ඇද්ද..
හ්ම්ම්..ඔව් මලී අක්කේ !
නියමයි . . . හරිම ලස්සනයි . . .
ඔයා හොඳ පුතෙක් . . . අම්මගෙයි . . .තාත්තගෙයි ප්‍රේමය දිහා . . . සුන්දර හැඟීමකින් බලන්න පුලුවන් වුනු . . . !
හ්ම්ම්ම්...
lassanai gdaak...amaraniya premayak...me loke hamoma e widiyata hithanawa nam loke meta wada gdak lassana thanak wei..
maxaa.......
thankuu macho !
එලම එල පෝස්ට් එකක්. මේක දැක්කම මට මගේ අත්දැකීම මතක් වුනා...මීට අවුරුදු 3 කට ඉස්සෙල්ලා පාසලෙන් සමුගන්නට පෙර එයා දුන්න සමරු පොත තාමත් මම රස විඳිනවා...(එයාවත් එක්කම...:D)
හිහ්හී...සිරානේ මචෝ !
ජීවිතේ අපි විඳින හුඟක් දේවල් දිහා කාලෙකට පස්සේ හැරිලා බලද්දී හුඟාක් සතුටු වෙන්න පුලුවන්. ඔබේ දෙමව්පියන්ගේ ප්‍රේමයත් ඒ වගේ වෙන්න ඇති. ඒත් මට හිතෙන්නේ කාලෙකට පස්සේ බිඳී ගිය ප්‍රේමයක සිහිවටන වුණත් ජීවිතයට යම් වටිනාකමක් එක් කර ඒක සුන්දර කරනවා කියලයි.
හ්ම්ම්ම්...ඇත්ත මචෝ !
woow what a nice poem ane,ur amma must be very lucky to having a person like ur thaththa in her life
yup yup...
n a son like me too !
අඩේ හම්මපා මේ ටොපිය මම දැක්කේ අදනේ... එළ ටොපියක් ඈ... දිගටම බලනවා මම...
ස්තූතියි මචෝ !
දිගටම ලියන්නං !
thaththage adahas thama puthata awith thiyenne ,niyama jduwa
he he..
heta katha karamuko meka gana !
ඇත්තටම මටත් දැන් හිතෙනව සමරු පොතක් තිබ්බනම් හොඳයි කියල.
ඒ දවස්වල කීදෙනෙක් කිව්වද එකක් ගන්න කියල. කොහෙද ඉතින් මට ඕවට වැඩි කැමැත්තක් තිබ්බෙ නෑනෙ ඒ දවස් වල.
මටත් ඔය කිව්ව ජාතිය එකක් නැහැ බං.දැන් හිතෙනවා අපරාදේ කියලා !
Post a Comment
කියෙව්වම හිතිච්ච දෙයක් ලියලා යන්න. බැරිනං නිකං ඉන්න.
සැඟවී විඳීමට අඥාතය පාවිච්චි කරන්න.
ජයෙන් ජය උඹලාට!