"හැඟීම් බොහෝමයක් තිබ්බට ඒවයේ උප්පත්ති මූලය බොහෝ වෙලාවට අපිම හෝ අපිට ලඟම මනස උසස් වූවෝ. ඒ වගේම ගැහැණිය හැඟීම් උත්පාදනයේ ඉහලම තැනක ඉන්නවා. මේ එතනින් එහාට ගිය හැඟීම්, වචන කරපු ලියමනක්...."


Thursday, November 19, 2009

දිව්‍ය කුමාරී | ආදරවන්තී


මෙම කවිය ලිෂාන් සහෝදරයාගේ ආදරවන්තී | දිව්‍ය කුමාරී කවි පන්තිය කියවීමෙන් සිතට නැගුනක් බැවින්,කරුණාකර ඉහත සඳහන් කල කවි පන්තිය පළමුව කියවා සිටින්න.
කොට්ටෙට
ඔබ නම මුමුණමින්
මිරිකගෙන
සැතපෙමි සුවෙන්
ආදරවන්තී,දිව්‍ය කුමාරී

කකුල් දෙකෙන්
බස් රියේ නැගිගමන්
හිත දුවනවා කකුල් තියලා
මගේ හිත
ඔබ ගෙනිහින් මා දිව්‍ය කුමාරී

කනටම ඇලවිච්ච
ඉයර් ෆෝන් දෙක
බෑග් එකේම පුස්කනවා
මගේ වටේම පිරිච්ච
ඒ හුරතල් කටහඬ නිසා

දාපු මුද්ද
ගලෝගන්න බෑ
හිත හයිය නැතුව නෙමෙයි
ඇඟිල්ලට මස් පිරිලා
ගලවලා දෙන්නකෝ,දිව්‍ය කුමාරී
Digg It! Stumble Delicious Technorati Tweet It! Facebook

19 ක්ම තියෙනවා අදහස්:

Januka said...

හ්ම්ම්.. අමුතු තාලෙ කවියක්.. ගතියක් තියෙනවා..

LG said...

එළ ;-)

Rachintha Jayawardhana said...

@ජනුක: තැන්කූ මචං
@LG: ඔයා කොහොමද මෙච්ච ඉක්මනට මේක කමෙන්ටුවක් දැම්මේ.සින්ඩියේ ගිහිල්ලත් නෑ.ඔයා මගේ මූණු පොතේ ඉන්නවාද?

LishWish said...

එදා අර කොමෙන්ටුවේ දැම්මට මම හිතුවේ නෑ මේ වගේ ලස්සන වැඩක් උඹ කරාවි කියලා...! අගෙයි සහෝ..!
ලස්සනයි කවිය..!

ජයෙන් ජය ම පතනවා...!

Rachintha Jayawardhana said...

තැන්කූ වෙන්න ඕනේ අයියේ :)

sachiii said...

niyaimai ..maruuu kawi tika..

Grey said...

maxxaa!!!

Rachintha Jayawardhana said...

@Sachi:Thankuu :D :D
@Grey:Thanks machang !

LG said...

@මුචලින්ද

මම ඔයාගේ බ්ලොග් එක fololw කරනවානෙ. ඉතින් බ්ලොග්ර් dash board එකේ update වෙනවා ඔයා අලුත් පෝස්ට් එකක් දැම්මම...ඒකයි මගේ රහස! :-P

Rachintha Jayawardhana said...

@LG: අහ්...දැනුයිනේ මතක් උනේ

Prabodha said...

මරු කවියක් මචෝ....මෑක්සා...........

Januka said...

සින්ඩියෙ යනවාකියන්නෙ මොකක්ද බන් ??

C0dE | කෝඩ් said...

කවියට කවියක් වගේ..... එළ එළ නියමයි මස්සිනා

Narada said...

රෑ රැයට ගෙනමින් උණුසුම් සිසිලක්
නෑ හිතට දැනෙමින් කිසියම් විමසුමක්
ඈ සඳට ගෙනමින් ගිනියම් පාළුවක්
රෑ හීනට කොදුරමින් සුපෙම් වදනක්
ඈ....
ඒ.....
මගේ....
ආදරවන්තී, දිව්‍ය කුමාරී . . . !

Narada said...

"රෑ රැයට ගෙනමින් උණුසුම් සිසිලක්" යන්න "රෑ අඳුරට ගෙනමින් උණුසුම් සිසිලක්" යනුවෙන් නිවැරදි විය යුතුය.

කොම්පුටරේ ඉස්සරහ ලියද්දී වැරදෙනවා නෙව මට!!!

Rachintha Jayawardhana said...

@ප්‍රබෝධ: තැන්කූ වේවා මචෝ !
@ජනුක: මම උබට මූණුපොතෙන් පණිවුඩයක් එවන්නන් ඒ ගැන.
@කෝඩ්: තැන්කූ වෙන්න ඕනේ මචෝ !

Rachintha Jayawardhana said...

@බින්කු: මචං ඕක සින්දුවකට ගන්න පුළුවන්.සිරා!
මටත් ටයිප් කරද්දී හෙනට වැරදෙනවා බං.

kaushalya said...

ලස්සන කවිය :)

Rachintha Jayawardhana said...

තැන්කූ

Post a Comment

කියෙව්වම හිතිච්ච දෙයක් ලියලා යන්න. බැරිනං නිකං ඉන්න.
සැඟවී විඳීමට අඥාතය පාවිච්චි කරන්න.
ජයෙන් ජය උඹලාට!