"හැඟීම් බොහෝමයක් තිබ්බට ඒවයේ උප්පත්ති මූලය බොහෝ වෙලාවට අපිම හෝ අපිට ලඟම මනස උසස් වූවෝ. ඒ වගේම ගැහැණිය හැඟීම් උත්පාදනයේ ඉහලම තැනක ඉන්නවා. මේ එතනින් එහාට ගිය හැඟීම්, වචන කරපු ලියමනක්...."


Saturday, November 28, 2009

උරුම නොවෙච්ච අසිරිය

උඩ බලාගෙන ඉඳලා හෝ
පිස්සු නටලා හෝ
පන්ති නොගිහින් හෝ
මට උරුම නොවෙච්ච සොඳුරු අසිරිය

මැරියන් එක්ක ඉඳලා
255ක ආපහු එනකොට
පහු කරන චමත්කාරය
ලස්සන දුඹුරු පාට බිල්ඩිං. . .
ඇහැ පිනවන සොඳුරු කෙල්ලෝ. . .
ආතල් රැග් එකක්. . .
හ්ම්. . .උරුම නොවෙච්ච සොඳුරු අසිරිය

අපේ එකා දැන් මොරටු
අම්මා ඇවිදින්නේ උඩින්. . .
අඩෝ ආරංචිද ???
මුචාට මෝරා සෙට් වෙලා. . .

කරගත්තු ගොං කං වලට
දැන් මැරෙන්නද ?
සල්ලි දීලා ඩිග්‍රී අරගන්න. . .
මම කැම්පස් උස්මූර්තියට.

සමහර වඳයෝ තෙපරබානවා
තෝ...ප්‍රිෆෙක්ට් වෙච්ච කරුමේ. . .
මගේ කාලකණ්ණි කමට
බැජ් පොඩිත්ත මක්කොරන්නද ?

ටොපිය සූප්පු කරන මැත කාරයොන්ට
අර කරුම තරඟ විභාගේ ලියන්න ඉන්න උන්ට
කියන්න හිතාගෙන උන්නේ
විඳපල්ලා. . .මට උරුම නොවෙච්ච සොඳුරු අසිරිය
Digg It! Stumble Delicious Technorati Tweet It! Facebook

18 ක්ම තියෙනවා අදහස්:

Narada said...

කටේ වචන නෑ මචං.

Rachintha Jayawardhana said...

මොකෝ ඒ ???
මොනවා උනත් තැන්කූ මචෝ !

C0dE | කෝඩ් said...

ඕක උරුම වෙන්නේ කීයෙන් කීදෙනාටද බං

charitha said...

ඇත්ත...ඒක තමයි ජීවිතේ ලස්සනම තැන. ඔව් සරසවිය....

සුන්දර පදවැලක්..

නිලැස් | Niles said...

මචං රචියා.... මොරටුවෙ කොල්ලෙක් හැටියට කියන්න තියෙන්නෙ ඕක උඹ හිතන තරම්ම ආතල් නැහැ කියල බං..... මොරටුවේ කෙල්ලො ඉන්නෙ අතේ ඇඟිලි ගානට ඒකෙනුත් දෙපාරක් බලන්න හිතෙන කෙල්ලො හොයන එක පිදුරු ගොඩක ඉඳිකට්ටක් හොයනව වගේ.... මෙහෙ රැග් එක කියල දේකුත් නැහැනෙ.... ඒත් ඉතින් කැම්පස් ජීවිතේ නම් මරු, ඉස්කෝලෙටත් වඩා පිස්සුවක් කෙලගෙන ආතල් එකේ ඉන්න පුලුවන්... ඒ වුණාට ඉතින් NIBM එකත් එලනෙ...!!!!

sachii said...

campus ,nibm kiyala wenasak na..hama ekema mahansi wela wada karanna one ne

C0dE | කෝඩ් said...

පෞද්ගලික විශ්වවිද්‍යාල, රජයේ විශ්වවිද්‍යාල කියල ඔය කොටස් දෙකකට බෙදුවට ඉගෙනගන්න කවුරුත් එකයි. උඹට මොරාම යන්න ඕනේනම් අඩුම තරමේ NDT එකටවත් ට්‍රයි එකක් දෙන්න. නැතිනම් තව ඕනේ තරම් සරසවි තියෙන්නේ. පොඩි අවුලකට තියෙන්නේ ගානක් ගෙවන්න තියෙන එක විතරනේ.

kaushalya said...

dan duk venna epa oya gana karana eka hariyata unanduven karanna.kohe giyath thamange uthsahayai unanduvai thama thiyenna ona

Rachintha Jayawardhana said...

@Code: ඒකනං ඇත්ත මචෝ !

Rachintha Jayawardhana said...

@Charitha: බොහෝම පිං මචං කමෙන්ටුවට. . .මම හිතන්නේ මේ උඹේ පලවෙනි එක මගේ බ්ලොගට.

@Niles: හිහ්හී..කවුද මචෝ රචියා කියන්නේ?
මොනවා උනත් අනේ මන්දා...එහෙනං මුන් මම එන වෙලාවටම ගේට්ටුවෙන් එළියට එනවා ඇති.

Rachintha Jayawardhana said...

@Sachii & Kaushalya: hmmm...Aththa Aththa

malee_msg said...

වෙන්න තියන දේ හොදම විදියට වෙනවා කියලා හිතා ගන්නකෝ..

Rachintha Jayawardhana said...

හ්ම්ම්ම්....එහෙමවත් හිතමුකෝ මලී අක්කේ !

Prabodha said...

මොනවා උනත් ජීවිතයෙදී විඳින්න ඔනා අත් දැකීමක්...එත් මොනා කරන්නද?හැමෝම අහන්නේ අම්මාගෙන් "පුතා දැන් මොකෝ කරන්නේ... "එතකොට අම්මා කියනවා ____ කියලා...එතකොට එක අහපු එකා හිතින් මුමුනනවා සල්ලි දීලා ඩිග්ග්‍රි ගන්නවා කියල අපිනේ දන්නේ එකෙත් තියන අමාරුව.....කරලාම බලන්න ඔනා...අපරාදේ එකාලේ පිස්සු කෙලියේ නැතිනම් අද ඔය කතා අහන්න වෙන්නෑ....ලබන ආත්මෙවත් බලමුකෝ.........."ගිය නුවන අතුන් ලවාත් අද්දවන්න බෑ කියනවනේ"කොහොමහරි
"අපිටම ගලෙපෙන ටොපික් එකක් "

C0dE | කෝඩ් said...

පිස්සු කෙලින එවුනුත් කැම්පස් යන්නේ අපූරුවට. ඒක බං පූරුවේ පිනක් නොමිලේ ඉගෙනගන්න ලැබෙනව කියන්නේ. සල්ලි ගෙවල හරි හරියට ඉගෙනගන්නවනන් කමක් නෑ.

Rachintha Jayawardhana said...

@Prabo & Code: ඔව් මචන්ලා ඒකනං ඇත්ත.බලමු බලමු !

CD Athuraliya said...

බොහොම අහිංසක අවංක ප්‍රාර්ථනාවක්...

Rachintha Jayawardhana said...

@CD: hmmm

Post a Comment

කියෙව්වම හිතිච්ච දෙයක් ලියලා යන්න. බැරිනං නිකං ඉන්න.
සැඟවී විඳීමට අඥාතය පාවිච්චි කරන්න.
ජයෙන් ජය උඹලාට!