"හැඟීම් බොහෝමයක් තිබ්බට ඒවයේ උප්පත්ති මූලය බොහෝ වෙලාවට අපිම හෝ අපිට ලඟම මනස උසස් වූවෝ. ඒ වගේම ගැහැණිය හැඟීම් උත්පාදනයේ ඉහලම තැනක ඉන්නවා. මේ එතනින් එහාට ගිය හැඟීම්, වචන කරපු ලියමනක්...."


Monday, May 10, 2010

පුංචි විසි දෙකේ මං

මේක ටිකක් පහු වෙලා දැම්මා උනත් මේක දාන්නේ පහුගිය අප්‍රේල් තිස් වෙනිදට ලබපු මගේ විසි දෙවෙනි උපන්දිනේ නිමිත්තෙන්.හොඳ වෙලාවට අප්‍රේල් තිහ ඉපදුනේ.බැරිවෙලාවත් මැයි පලවෙනදා ඉපදුනානං මටත් ඉපදෙන්න වෙන්නේ "ලෝක වාසී කාන්තාවන්ගේ ශෝක දිනය" දවසෙයි.ඒක ශෝක දිනය වෙන්න හේතුව දැනගන්න "මැයි පලවනදා" අනිත් පැත්ත හරවලා බලන්නකෝ.සහෝදරියෝ ටික කේන්ති ගන්න එපෝ.කේන්ති යන්නත් එක්ක කියවන්නකෝ මේක.

සපුරත් දෙවිසි වසරක් ගිහි ජීවිතයේ
නොතිත් කම්කටොළු ඇති වුනි එක කලයේ
අතහැර නොදා මා සමගම සිටි තලයේ
දිරි දුන් සැමට තුති පුදනෙමි මෙම කවියේ

ගෙදර වටපිටද නාලන්දය මෙන්ම
වෑන් එකට, බස් එකටත් පිං වෙන්න
NIBM ද වලකිය සෙට් වෙන්න
සෙට් වුනු බොක්කවල් හට තුති පුදනෙමි ඔන්න

සාපෙට උපෙට සහ අනෙකුත් විෂයන්ට
ටියුටරි තොගයකට ගිය හේතුව වන්ට
ලකුණු නැතත් මා හට ඉන් ගොඩ යන්ට
මිතුරන් පිරී ඇත දිවි මං ගොඩවන්ට

මූණු පොතත්, ට්වීටරයත් සමගින්නා
සයිබර් මිතුරු කැල මා සමගම ඉන්නා
බ්ලොගින් ජීවිතෙත් යහමින් ගතවෙන්නා
උඹලා නැති කලට මට විපතක් වෙන්නා

සොඳුරු කොනිති, ගුටි, බැණුමුත් පිරී ඇතී
මැරියන් නමට මා හද ආදරෙන් වෙතී
මෙතෙකැයි කියා නැති අපේ ආදර කැටිතී
නොදරුවා මෙන්ම දවසක හිර කෙරෙනු ඇතී

අදරින් ලඟට ගෙන මා සනසන අම්මා
සිතින් පමණකිය අපේ අප්පගේ පෙම්මා
දිවිතුරු රැකගතිය ආදර පුත්තම්මා
විසිදෙක සපුරන්න දිරිදුන්නේ සැවොමා
Digg It! Stumble Delicious Technorati Tweet It! Facebook

16 ක්ම තියෙනවා අදහස්:

said...

යකෝ ලෝක කම්කරු දිනයට ඔහොම ගරහන්න එපා
උඹට කලින් සුභ පැතුවනේ උපන් දිනේට
කෝ යකෝ අපිට පාටියක්?

Praසන්ன said...

සුබ උපන් දිනයක්....

Jay said...

හෙහෙ.. හැමදාම කියන්නා වගේ, උඹේ ලියන ස්ට්යිල් එක මරු බං..
මට ඒක කොපි කර ගන්න දන්නේ නැහැනේ..
පට්ට..!
:)

Rachintha Jayawardhana said...

හිහ්හී. . .
ස්තූති වේවා!

kanchana said...

nice work sahooo....

රවා said...

මුචා මරු බන්... මරෙ මරු.. උඹ ජිවිතෙ ෆුල්ම ෆන් එකෙ අදින එකෙක් වගෙයි.. මම දැන් හොමාගම ඉන්නෙ.. නිතරම 255 දකින්න පුලුවන්.. මගදි දැක්කොත් කතා කරපන්...

පහු වෙලා උපන්දිනය කියන එක හොදයි.. නැත්තම් අතෙ තියන තුට්ටුවට වදින්නෙ.. උබ 22 ට මෙහෙම නම් 32 වෙද්දි වැඩ ටික ගොඩ..

Rachintha Jayawardhana said...

අනිවා

Supun Sudaraka said...

වක්‍රාකාරයෙන් කුණුහරුප කීම වැලැක්වීමට සින්ඩියට අලුත් නීතියක් ගේන්න වෙයිද මන්ද, :P

Rachintha Jayawardhana said...

හිහ්හී. . . මොනවැයි කුණුහරුප :දිව දොට්ට

LishWish said...

මරු කවිය..!
ඒත් පොඩි ප්‍රෂ්ණයක් තියෙනවා..! කවිද යකෝ........ එක්කො ඕන්නැහැ..! මොකටද නිකං නේ..? :P

Rachintha Jayawardhana said...

අඩෝ ඒක අහන්නෙපා සුදු අයියේ!

Anonymous said...

අපූරු කවි ටික. මෙන්න මගෙනුත් උපන්දින සුබ පැතුමක්.

දෙවිසි වසක් සපිරුව පසු ගිය දිනෙක
මහ කලු සිහල කොලු හට හද පතුලෙන්ම
එක් කරමින් මේ ආසිරි මල් ගොන්න
පතනෙමි මෙන්න මේ පැතුමන් අහගන්න

මැරියන් සමග රස දිවියක් ගත වෙන්න
රස මසවුලෙන් කිසි අඩුවක් නොම වෙන්න
ලියන ලියන හැම විභාග ජය ගන්න
දෙවියෝ රැකදෙන්න බඩ තඩි මුචලින්ද!

Unknown said...

පරක්කු වෙලා හරි ඔන්න සුබම සුබ උපන්දිනයක් වේවා!!!
මේ අවුරුද්දෙවත් වලට නොවැටේවා....

Rachintha Jayawardhana said...

තැන්කුයි වේවා!

Mawa said...

Dan lamaya lokui ne

Rachintha Jayawardhana said...

hammoh yako, uben palaweni comment eka!

Post a Comment

කියෙව්වම හිතිච්ච දෙයක් ලියලා යන්න. බැරිනං නිකං ඉන්න.
සැඟවී විඳීමට අඥාතය පාවිච්චි කරන්න.
ජයෙන් ජය උඹලාට!