අම්මාගේ සිත් සතුට වෙනුවෙන් බෙල්ලේ එල්ලාගෙන සිටි සුරය, මා ගලවා දැමීමි. බසයෙන් බසින විට එය බෙල්ලේ නොතිබූ බව මම ඇයට කිවූ අතර, එය බොරුවක් බව දැන දැනත් "තදට බැඳගන්න තිබුනනේ" යැයි කියා ඇය නිහඬ විය. සුරය මට හිසරදයක් විය. ඒ අනෙකක් නිසා නොව එය බැඳ තිබූ නූලේ වටප්‍රමානය වටා දුවමින් පවතින බැවිනි. කැමරාව බෙල්ලේ එල්ලා සිටින අතර, එය කැමරා පටියට තද වූ විට ඇතිවන වේදනාව මෙන්ම අවධානය ඉවත යාමද මා ඒ කෙරෙන් මිදීමට හේතුවක් විය. එවකට මා තරුණියන් දෙදෙනෙකු සමග පෙම්පලහිලව් ඇතිකරගෙන සිටි අතර කාලය විසින් මා හට වඩාත් සරිලන තරුණිය ඉස්මතු කොට තිබුණි. ඈ, මා බොහෝ සෙයින් තේරුම් ගෙන සිටි අතර, අප අතර වූ යම් යම් නොගැලපීම් වලට අප එක්ව පිළිතුරු සපයා ගනිමින් සිටි කාලයකි. හැකි වේලාවල මා අනෙක් තරුණියද මුණ ගැසීමට ගිය අතර ඈ හට සත්‍ය පැවසීමේ දෙගිඩියාවකින් මා ලතවෙමින් සිටියෙමි. එදින ඈ හට අලුත් මාතෘකාවක් විය. බාලිකා පාසලක උත්සවයක් ඡායාරූප ගත කිරීමට අහම්බෙන් ලැබුනු අවස්ථාව මා විසින් ප්‍රයෝජනයට ගැනීම ඇයට ප්‍රශ්නයක් විය. "ඔයා තවත් මෙහෙම තැන් වල පින්තූර ගන්න යනවනම් මට ඔයත් එක්ක ඉන්න බෑ." යනු ඇයගේ දෙලොවක් අතර ප්‍රකාශය විය. ඇයත් බාලිකා පාසලක උගත්තියක් වූවාය. ඒ සඳහා මා ඇස් උපයෝගී කොට ගෙන දුන් පිළිතුරෙන් පසු, නොසැනහුණු හුස්මක් පිට කල ඈ මා හැර ගියාය. මා ඇය ආපසු හැරී යනයුරු ඡායාරූප ගත කලෙමි. පසෙකින් පෙම් යුවලක්ද, අනෙක් පස සුරා සැලක්ද විය.
"අම්ම තාත්තගේ සල්ලි නාස්ති කරන්නෙපා. මෙව්වා අරං දෙනවට අම්මා තාත්තටයි ගහන්න ඕනා." ඒ දිනක් මා කැමරාවක් ගෙලෙහි ලා මාවතක ඇවිද යනු දුටු පිය පාර්ෂවයෙන් ඥාති ස්ත්‍රියක් කී කතාවකි. මා කැමරාවට ආදරය කරන තරමටම පියා ඒ වෙනුවෙන් සතුටු වන අතර, සැමදා මා නිශ්චල කරන ලද රූ රැගෙන ආ පසු ඒ දෙස බලා සිටින අම්මා කාමරයෙන් පිට වන්නේ සතුටු කඳුලකින් නෙත් සරසාගෙනය. මා ඒ ඥාතිවරිය ආශ්‍රයෙන් ඉවත් කර දැමුවෙමි. මාගේ පෙම්වතිය මවිසින් පලමු වරට දුටුවේ භක්ති ගීත තරඟයකිනි. මා එම උත්සවයේ ඡායාරූප ශිල්පියාව සිටි අතර, ඈ ඉදිරිපෙල ගායිකාවක් විය. උත්සවය අවසන තරුණයෙකුගේ කටින් පිටවූ "කැමතිද?" යන්නට, තරුණිය "හා" යැයි පවසා තිබිණි. ඉන් තුටුවූ මා උත්සවයෙන් මා හට ලැබීමට නියමිතව තිබූ මුත් නොලැබුනු ගෙවීම වෙනුවෙන්ද තර්ක නොකර ගෙදර ආමි. ඒ වන විටද පෙම්වතියක් මා ජීවිතයේ සිටි අතර, ඇයගෙත් මගෙත් නොගැලපීම මතු දිනයක කැමරාව විසින් පහදනු ඇතැයි මා කිසිවිටකත් නොසිතුවෙමි. මා උසස් පෙළ ගණිත අංශයෙන් අසමත් විය. දෙමව්පියන් ඒ සම්බන්ධයෙන් තැවුණු අතර, "දැන් මොකද්ද කරන්න හිතුවේ?" ඔවුන්ගෙන් මා වෙත එල්ල වූ ප්‍රශ්නය විය. මගේ මුවින් පිලිතුරක් නිකුත් වූ අතර වැඩිමනත් නොහිතා එයට හිස සැලූ ඔවුන් මගේ උසස් අධ්‍යාපනය සඳහා වෙන්කර තිබූ මුදලින් මාගේ කැමරාවක අවශ්‍යතාව සපිරවීය. මාගේ පලමු ඡායාරූපය සම්බන්ධයෙන් ඔවුන්ගේ ප්‍රතිචාරය සතුටුදායක වූ අතර, ගතවන දිනයක් පාසා මේ මොහොත තෙක් ඡායාරූපකරණයෙහි නව මානයක් සොයා ගැනීමෙහි මා නිරතව සිටියි. මීලඟ ඡායාරූප දස දහස තුල හෝ එම අරමුණ ඉටු කරගැනීමේ කාර්‍යයේ මා වෙහෙසෙමින් සිටිමි.
ෆෝකසින් මෝටරය ක්‍රියාකරන ශබ්දයෙහි දෙසවන් ගැලී ඇත. ඡායාරූපය තුල අවධානය රඳවා ගැනීමට එම අනවරත ශබ්ධය අතිශය පහසුවකි. මා ඡායාරූපයක ආලෝකය පිලිබඳ ප්‍රශ්නයකට මැදිව සිටියෙමි. ප්‍රශ්නය පසෙකලා ඊට අදාල ක්ෂේත්‍රයේම වෙනත් දෙසකට සිත යොමු කිරීම ප්‍රශ්නයට පිළිතුරක් ගෙන දේ යැයි විශ්වාස කිරීම මා කුඩා කල සිටම මවෙතින් සිදුවුනකි. මා මෙතෙක් දැක ඇති මතකයේ බැඳුනු ඡායාරූප දෙසට සිත යොමු කලෙමි. අතිශය විශාල ගසක් අභියස කුඩා ලමුන් කිහිප දෙනෙක් විය. ඔවුන් ඒ සෙවනේ කෙලිදෙලෙන් සිටින ආකාරය ඡායාරූපයේ සටහන්ව තිබිණි. ඡායාරූපයේ මාතෘකා "තාත්තා" විය. තවද, රෝහල් ඇඳක් මත සුදු රෙද්දකින් ආවරණය වූ දෙපා සහිතව, නිරාවරණය වූ යටි පතුල් වල ඡායාරූපයක් විය. එය ඇඳ මට්ටමින් පාදාන්තයේ සිට ගත් ඡායාරූපයකි. නිරාවරණය වූ රෝස පැහැති කුඩා යටි පතුල් වල ඉහල කෙලවරේ මහපටැඟිලි සුදු හුයකින් ගැට ගසා තිබුනතර රූපයේ මාතෘකාව "ඩෙංගු" නම් විය. තවද මූට්ටු කරන ලද ලෑලි අතර පරතරය බොහෝ වැඩි මේසයක් මත, කුප්පි ලාම්පුවක් දල්වා ගෙන පාඩමේ නිරත වන ලමයෙකුගේ රුවකි. ලාම්පු එලියෙන් ඡායාරූපයට කැපී පෙනුනේ වරිච්චි බිත්තියකි. ලමයාගේ මුහුනෙන් බාගයකටද එලිය වැටී තිබුනතර, ඔහුගේ නිකටේ රැඳී තිබුනේ දහඩිය බිඳකි. ඡායාරූපයේ නම "CFL" විය. මා හට අවශ්‍ය පිලිතුර සිහියට ආ අතර, එහාට මෙහාට මනාසේ හැරවිය හැකි විදුලි ලාම්පුවක් මාගේ ආලෝකකරණ ප්‍රශ්නය විසඳීය.
කැමරාව හේතුකොට ගෙන එයට හිතැති සහ උනන්දු බොහෝ මිතුරු පිරිසක් ආශ්‍රයට ලැබුනු නමුත් ඔවුන් බොහෝමයකගේම සියල්ල ඒ වෙතම නොවීය. එයට හේතු ලෙස ඔවුනට පවුල, රැකියාව, තත්වය, ප්‍රේමය යනාදී බොහෝ දේ වූ අතර, ඔවුන් තමන්ගේම හෝ මින්පෙර වූවෙකුගේ යම් ආකෘතියක් තුල ඡායාරූපකණය සිටුවා තැබීය. තමන්ගේ ආකෘතියක් තුල පවා සැරි සැරීමේ නිදහසක් ඔවුන්ට හමු නොවූ අතර ඒ සඳහා කාලයක්ද ඔවුන්ට නොවීය. තවමත් මාගේම වූ ආකෘතීන් බිඳිමින් ඡායාරූපකරණය වෙහෙසවන, මා පියාගේ මුදලින් යැපෙන අතර අනෙකුන් විවිධ වූ රැකියා වල නිරත වෙමින් සිටියහ. ඔවුන් ආර්ථිකමය අතින් මා හට ඉදිරියෙන් වූ අතර ඡායාරූපකරණයට මා වෙතින් ඇති ආශාවම ඔවුනට ඊර්ෂ්‍යා කිරීමේ සහ ආර්ථිකමයව ඔවුන් අභිභවා යාමේ ආශාවේ අවධානමෙන් මා මිදවීය. සමහරවිට මෙය ඔබේ අතීත කතාව විය හැක. නොඑසේනම් අනාගතයේ මෙය විඳීමේ නොතිත් ආශාවකින් ඔබ පෙලෙනවා විය හැක. මා ජීවිතයේ බොහෝමයක් කඩයිම් කැමරාව තුලින් දිනා ඇත්තෙමි. එන්න! මේ ඉන්ද්‍රජාලිකය ස්පර්ෂ කර බලන්න. ඔබ තුල ඇති ආශාව මතින් නැගී එය ඔබව වසඟයට ගනු ඇත. වරදන්න.. හදාගන්න.. ගොඩනැගෙන්න.. ඔබගේ වටිනාකම තීරණය කරන්න.