හවස හයටද පාන්දරටද පිරිත් අහන, කොටට ඇඳගත්තු බඩු උදේ පාන්දරට ටීවී එකේ ආයුභෝවණ් කියන දේශීයත්වයෙන් පිරිච්ච රටක කඩයකට වැද කන්නට ඉඹුල් කිරිබත්, වැලි තලප, අග්ගලා සෙවූ කලෙක. . . කොටුවට රුපියල් තිහක් ගාල්ල පැත්තට දුරින් තියෙන කඩවලත් පිරී තිබුනේ ඔම්ලට් බන් සහ චිකන් පේස්ට්‍රිය. මා පලමු වරට ඉඹුල් කිරිබත් කෑවේ මාගේ ගම වෙච්ච දෙනියායේදීය. සීනිසම්බෝලද, පැනි පොල්ද දමා දෙවිදියකට අපේ නැන්දා විසින් සාදා තිබූ ඒවා තරම් තවත් කෑමක් එදා මට නොමැති විය. එසේ වූයේ මා දේශීයත්වය අගය කරන්නෙකු නොව සිතට සරිලන්න අගයන්නෙකු බැවිනි. ඕනෑම මිනිසෙකුට තම දේශය සහ ඒ දේශීයත්ව පිලිබඳ ආඩම්බරයක් තිබිය යුතු නමුදු එය හත්පොලේ ගාගත යුතු නැත. තමන්ගේ අවශ්‍යතාවයට සරිලන විකල්ප දේශීයව ගොඩ නැගී ඇත්නම් යමෙකු ඒ කරා යා යුතු නමුදු දේශීයත්වය කරේ තබාගෙන වලේ වැටිය යුතු නැත.
කොන්ඩම් උදාහරණයක් වශයෙන් ගත්කල, ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත ආරක්ෂක උපත් පාලන ක්‍රමයක් නොමැතිනම් ඒ සඳහා අප විදේශීය නිෂ්පාදිතයක් භාවිතා කල යුතුය. මන්දයත් දේශීය නිෂ්පාදන කර ගසා ඒ තුල ඒඩ්ස් පිළිලයක් කරගත නොහැකි නිසාවෙනි. නොමැතිනම් අවුරුදු විස්සේදී ළමයෙකුත් සමග අවුරුදු තිහක ගැහැනියක් බාර ගත නොහැකි බැවිනි. මා කොන්ඩම් උදාහරණයකට පමණක් ගෙනහැර පෑ බැවින්, ලංකාවේ නිෂ්පාදිත කොන්ඩම් ගැන අදහස් තීරුවේ නිෂ්ඵල දේශන දී පිම්පියෙකු තත්වයට ඇද නොවැටීමට වග බලාගන්න.
එකල චමින්ද වාස් බෝලය දැමීමට පෙර හත් අට වරක් කලිසමේ බෝලය උලන බැවින්, මමද හත අට වසරේ ක්‍රිකට් ගසද්දී ටෙනිස් බෝලය තුන් හතර වරක් උලා එල්ල කල අතර එහෙ දෝලනයක් නොතිබිනි. එහෙත් අතිවිශිෂ්ඨ චමින්ද වාස් ආකාරයෙන් බෝල දැම්මා යැයි සිතා මා වාස් උස්මූර්තියට පත්විය. දැනුදු ශ්‍රී ලාංකීය රැප් කලාවේ සිදුවන්නේ එය වන අතර, අන්තර්ජාතික මට්ටමේ රැප් සංගීතකරුවන් අඳින පලඳින ආකාරයට ඇඳ, ඔවුන් ආකාරයට ඇඟිලි සකසා මෙලෝ රහක් නැති කුණුහරුප තොගයක් ඉරාජ් ප්‍රමුඛ ලංකාවේ අනෙකුත් සිපයි කණ්ඩායම් මෙරට සංගීත ක්ෂේත්‍රයට දායාද කරමින් සිටියි.
එයට වරදක් නොකිව හැක්කේ මේ ගොලහන්ත ජාතිය සොයන්නේ වින්දනයක් නොව ඇමරිකන් උස්මූර්තියට පත්වීමක් පමණක් බැවිනි. උන්ට ඇමරිකාවට සාපේක්ෂව දළ ජාතික නිෂ්පාදිතය වැඩිකරගැනීමට උවමනාවක් නැත.
එසේ ගත්කල සලකා බැලිය යුතු දේශීයත්ව ඉදිම්මවීම් තවත් ඇත.
- කැසිනෝ සූදුව නීතිගත වන රටේ, මළ ගෙවල් වල හීනියට තෙල් අංශයකුත් එක්ක යන බූරු පැදුර නීත්‍යානුකූල විය යුතුය.
- A. සුනීත හිමි, B. සෝභිත හිමි සමග එක්ව ඇබ්බැහිය නවත්වන, කොටලා පැනපු එවුන් ගෙන්වන, කැඩිච්ච පෙට්ටි රීකන්ඩිෂන් කරන රටක මදක් පාවිච්චියට අබිං පොට්ද, මසාජ් සෙන්ටර් ද, ග්‍රාම සේවා වසමකට එක බැගින් ඉදි කල යුතුය.
- විශේෂ අවස්තාවකදී පොඩ්ඩක් ගැනීම අනුමත කරන පුරාවිද්‍යා සුවාමීන් ඉන්න රටක වෙල් ෆැන්ටා නොහොත් සුදුවා නීතිගත විය යුතුය.
- පෙට්ටි කඩාගත් සුද්දියන්ගේ පෙට්ටි ආපහු කැඩේයැයි බියෙන් ගාල්ලෙන් පෙම්වතුන් දුරු කරන උරුමයක් ඇති රටක, පත්තිනි විදෙශිකයන්ට නොපෙනෙන්ට පෙම්වතුන්ට නොමිලේ රිංගන්න තැන් පිහිටුවිය යුතුය.
- පත්තරේට මූනු දමා දේශීය වෙසඟනන් අල්ලන රටක , කොටු කාමරයක තනිව රැය ගෙවන පිරිමියෙකුට ස්වයං වින්දනය සඳහා නෝටි ඇමරිකාවට සරිලන දේශීය විකල්පයක් සාදා දෙනු මැනවි.
- Iraj with ILL Noize සහ Fill-Tලට Fansලා වැඩිවන යුගයක "ස" ප්‍රසංගයට, "ශ්වේත රාත්‍රිය" ටද බලෙන් හෝ රසික පිරිසක් අද්දවා දෙනු මැනවි.
- ලණුව පැන්නූ විට හෝ පොලු කැඩුනු විට ගජගා වයා කස්තිරම් අල්ලවන වෙස් Cheer Leadersලා වෙනුවට, පනින රිලව් කිහිප දෙනෙකු වත් ආදේශ කරනු මැනවි.


