පලමුව මතක් කිරීමට ඇත්තේ මහ හෝටලයේ හෙවත් ජාතික රූපවාහිනියේ අසේල බණ්ඩාරනායකවය.ඔහු දිනක් උදෑසන වැඩසටහනකදී රොමේෂ් සහ ලක්ෂාන් දෙදෙනා සමග පැවසුවේ නලින් පෙරේරා ගේ වැදගම්මකට නැති පැණි කොමඩු ගෙඩිය වැනි ගීත අතරේ ඔවුන්ගේ ගීත අගය කරන බවයි.තමාත් සමග එකම ශේෂ්ත්‍රයේ සිටින්නෙකුට තමාත් සම්බන්ධ කරගෙන ගැසූ පහරින් ගැලවී යාමට රොමේෂ් දක්ශ විය.නමුත් එතනදී සඳහන් කල යුතු වන්නේ අසේල බණ්ඩාරනායකට නලින් පෙරේරා සමග පෞද්ගලික ආරවුලක් ඇත්නම් ඒවා මාධ්‍ය හමුවේ එලියට නොදැමිය යුතු බවයි.කිසිම විටකත් එය ඔවුන්ගේ ආරවුලක ප්‍රථිඵලයක් නොවන්නේ විය නොහැකිය.මන්දයත් ඉන් ටික කලකට පසු එනම් මීට මාස දෙකකට පමණ පෙර මෙම වැඩසටහනටම ළහිරු පෙරේරා ගෙන්වා ඔහු විසින් රම්බරීට සුභ පැතුවේය.පැනි කොමඩු ගෙඩිය යොදාගෙන මවන්නට හදන ස්ත්‍රී හැඩය ගැන ලියැවුනු ගීතය හෙවත් අපේ භාෂාවෙන් නම් සින්දුව. . .රම්බරී වැනි කියන එකාවත් (ළහිරු පෙරේරාවත්) හරි හැටි තේරුම නොදත් ගීතයකට වඩා පහත් විය හැකිද ???
දෙවැන්න සොරු හෙවත් ස්වාධීන රූපවාහිනියයි.තුලාව යනු තරාදිය බව අප උගන්නේ තුන වසරෙදී පාසල තුල පොළ දමන විටය.එහෙත් තමන් රැඩිකල් යැයි පෙන්වන. . .ඕනෑම වැදගතෙකු ඉදිරියට ඕනෑම වැදගත් සාකච්ඡාවකට ටී-ෂර්ට් කෑල්ලක් හෝ කැමා ෂර්ට් උඩින් දමාගෙන,මැණික් කටුවේ සිට වැළමිට තෙක් පටි තොගයක් බැඳගෙන යන සුධර්මන් රදළියගොඩ මහතා එය දන්නේ නැත.(මෙහි සුධර්මන් රදළියගොඩ කියන නම බර කොරලා කියවන්න ඕන..එහෙම නැතුව ඒ මහත්තයගේ තත්වයට හරි නෑ :කැපිටල් පී)කොටින්ම කියතොත් තුලා ලග්න හිමි නරයෙකුගේ ගුණ සහ අගුණ දෙකම සමව පිහිටන බව පාසලක් දැක නැති පැරණි ජනයාද දන්නා කරුණකි.එසේනම් මෙකී තුලාවට ඩලස් අළහප්පෙරුමව පමණක් ගෙන්වා ප්‍රවාහනය ගැන විවාදයක් පැවැත්විය හැකිද ??? එතනදී සිදුවන්නේ ප්‍රවාහනය සම්බන්ධව ප්‍රණාමය පුදකිරීමක් පමණි.එසේත් නැතහොත් සුදු හුණු ගෑමකි.එතනදී එහි ඇති අඩු පාඩු කම් සහ දියුණු කලයුතු තැන් පිළිබඳ කතා වන්නේ නැත.අවම වශයෙන් ප්‍රදාන විපක්ශය නොවුවත් ජවිපෙන් හෝ එක් මන්ත්‍රී වරයෙකු විවාදයට ගෙන්විය යුතු නොවේද ???
මීලඟට ඉදිරි වසර කිහිපයක කාලයටද ශ්‍රී ලංකාව තුල පැවැත්වෙන සියළු ක්‍රිකට් තරඟ වල විකාශන අයිතිය හිමි නේත්තරා හෙවත් චැනල් අයි දෙස බලමු.විකාශන අයිතිය ලබාගැනීමට ටෙන්ඩරය දමා යම් මුදල් ප්‍රමාණයක් වියදම් වන්නට ඇත.එහෙත් මෙච්චර වෙළඳ දැන්වීම් කන්දරාවක්. . .තරඟයෙන් තරඟයට කෙනෙක් Title Sponser හෝ Main Sponser හෙවත් ප්‍රධාන අනුග්‍රාහකයෙක් ඇත.මීට අමතරව ඕවර දෙකක් අතර දිගු වෙළඳ දැන්වීම් දෙකක්.තරඟය අතරතුර තරඟයේ තොරතුරු තීරුව මෙන් තුන් ගුණයක වෙළඳ දැන්වීම් පේළියක්..ඊට අමතරව හෙවත් සම අනුග්‍රාහකයින් තොගයක්.එහි ක්‍රීඩාවට වඩා විකිනීමක් ඇත.ඕවරයක අන්තිම පන්දුව වයිඩ් පන්දුවක් හෝ නිපන්දුවක් වුවහොත් ඊළඟ පන්දුව නරඹා හමාරය.වෙළඳ දැන්වීම දමන බොත්තම එබීමට ඇඟිල්ලක් පුලු පුලා බලාහිඳී.නත්තලට වෙසක් එකට රාමසාන් වලට හා හජ්ජි යන සියල්ලටම තරඟ නරඹා හමාරය.උඩින් බෞද්ධ කොඩියයි නාලිකාවේ ලාංඡනයයි.යටින් දැන්වීම් තීරුවයි..දෙපැත්තෙනුත් තීරු දෙකක් මාර්කටින් සඳහා වෙන්වීම දුරක නොවේ.දැනටද ඉඳහිට යන එන දෙපැති දැන්වීම්ද ඇත.
ඊලඟ එක පොඩි එවුන්ගේ ටෙලිවිශන් කෙරුවාවය.ප්‍රධාන දෝෂාරෝපනය ඔළුව ටෙලිවිශනයට හෙවත් සිරස නාලිකාවටය.මුලින්ම මට මතක විදිහට ළමුන් ටෙලිවිශනයට ගෙන ආවේ ජාතික රූපවාහිනියයි.ඒ මුතුහර තුලිනි.ඉන්පසු පොඩිවුන් කරන වැඩසටහන් අතර ජනප්‍රිය වූයේ ස්වර්ණවාහිනියේ හපන් පැදුරයි.එය එක එක කලට අනුග්‍රාහකයා අනුව එක එක පැදුරවල් බවට පත්වූවත් අන්තර්ගතය වෙනස් නොවූයේය.දැන් අළුතෙන් කුඩාවුන් විසින් තවත් සින්දු කියන්නට වැඩසටහනක් පටන්ගෙන ඇත.ඒ සිරස තුලය.කලින් සඳහන් කල හපන් පැදුර තුල ගායනා කෙරුනේ ඉතා සුන්දර ළමා ගීතය.එහෙත් දැන් වෙනත් මාධ්‍යායතන වලින් පිම්බූ පණ්ඩිත පොඩීවුන් රැලක් ගෙන සිරසද එම වැඩයම පටන් ගෙන ඇත.මට එක ප්‍රශ්නයක් මේ සම්බන්ධව ඇත.එය ඔබලා තුල ඇත්ද නැත්ද යන්න මා නොදනී.එය නම් "හතර පහ වසරට ඇති ඇති එකම ගීතය හංස රාජිනී සේ ද ?" යන්නයි.හංස රාජිනී පොඩි එකෙකුගේ කටින් ඇසීමට වඩා ඕනෑම ස්ටාර් තරඟාවලියකින් උපරිම සාධාරණයකින් ඇසිය හැක.
මීලඟට ඇත්තේ කෙටි කරුණු දැක්වීමය.පළමුව ස්වර්ණවාහිනියෙන් පටන් ගනිමු.ඒ ගහෙන් ගෙඩි එන්නාක් මෙන් පටන් ගත් "ස්ටාර්" තරඟාවලි ගොන්නය.මා සිතනා ආකාරයට එය ඒවායේ අසාර්තකත්වයට හෙවත් කවුරුත් කියනා ආකාරයට කොලිටිය අඩු වීමට හේතු විය.ඔවුනටද සිදු වූයේ දොඩං ගොඩ බදාගත්තා වගේ වැඩක්ය.ඔවුන් Singing Star වැඩසටහන අරමුණු කරගත්තේ හොඳ කටහඬක් ඇති හොඳ හැකියාවක් ඇති පිරිසක් තෝරාගැනීමට විය යුතුය.ඔවුන් "අ"යන්නේ සිටම වරද්දා ගත්තෝය.ඔවුන් මුලින්ම කලේ සින්දු මතක තියන එවුන් තෝරන එකය.ඉන්පසු ඔවුන් තෝරන ගීතය මතක තියන එවුන්ය.එතැනට එනවිටම හොඳ එවුන් බාගයක් හැලී හමාරය.අවුරුදු ගණනාවක් හෙළ ගී අඹරේ ගී කෝකිලාවිය ලෙස ගෞරව ලත් ලතා වල්පොල මහත්මියද කියන්නේ කොලය බලාගෙනය.දැන් ඉහත කී තරඟයේ අවසන් වටයට එළඹ ඇත.දැන් කැපී පේන්නේ නැටුමය.එනම් නර්ථන ශිල්පීන් දෙදෙනෙකු සමග තරඟකරු ගයමින් නටයි.ගයමින් කිව්වාට ගයමින්ම නොව කට සොලවමිනි.එමගින් ඔවුන් නරඹන පිරිසගේ විශ්වාශයද කාගත්තෝය.
ඊලඟ විමසුම ස්ටාර් පෙලේ Comedy Star ගැනය.එහි තරඟකරුවන් හොඳ මට්ටමක සිටී.ඉදිරිපත් කරන්නා ගන්නම දෙයක් නැත.අනෙක් එහි සඳහන් කල යුතුම කරුණ විනිශ්චය මණ්ඩලයයි.කාන්චනා මෙන්ඩිස් කොමඩි අහලකවත් නැති චරිතයකි.රොනී ලීච් ගේ ඇත්තේ බෝල තට්ටයක් සහ නටවන ඇස් දෙකක් පමණි.ඔහු තුට්ටු දෙකේ ක්ලබ් සින්දු කාරයෙකි.අනෙකා බිඳක්වත් වැදගම්මකට නැති. . .රෝයි ද සිල්වාය.ඒ ගැන ඔබලා සමග අදහස් හුවමාරු කරගෙන වැඩක් නැත.ඒ බව ඔබ සැවොම දනී.බන්දු සහ ටෙනිසන් දෙපල කරන දෙයකින් අවරගණයේ වානිජ චිත්‍රපටි තොග ගනන් සාදමින් ඔහු කල් ගත කරයි.
මධුවිතට කොටු දැමීම සම්බන්ධවද මෙහි සඳහනක් නොකරමි.මන්ද වාරණයන් සම්බන්ධව සදාහරිතයේ කතා කල ළිපියේ එය සඳහන්ව ඇති බැවිනි.
Loving Star ගැන මේ ටිකේම විමැසුනු නිසා මෙහි සඳහනක් නොකරමි.
ඉතිරිව ඇත්තේ ලඟදීම සිදුවූ දෙයකි.එනම් අවුරුදු දහනමය විස්සේ කෙල්ලෝ රංචුවකට ප්‍රවීන සූපවේදී පබිලිස් සිල්වා මහතා ලුණු මිරිස් සහ කට්ට සම්බෝල අතර වෙනස පහදා දී ඒවා සෑදීමට කියා දීමයි.එයද ජාතික රූපවාහිනියෙනි.එය ගැනද කිසිඳු තර්කයක් නොමැත.මොඩර්න් සංස්කෘතියේ කාලකණ්නි යුවතියන් ඇරෙන්නට අනෙකුත් ලාංකික සහෝදරියන් අවුරුදු පහලොව දහසය දහහත අතර වයස් මට්ටමට එනවිට පවුලකට උයන්නට පිහන්නට දැනසිටින බව මා දන්නා කරුණකි.ඉතිං කට්ට සම්බෝල කොතරම් ප්‍රාථමිකද ???
සැ.යු: මා ඉහත දක්වා ඇත්තේ ටෙලිවිශනය පිටුදැකීමක් නොවේ.අප කොතරම් අන්තර්ජාලයට සම්බන්ද වූවද මුළු ලංකාවම ගත්කල රසවින්දනය,දැනුම සහ තොරතුරු සපයන ප්‍රදානම මාර්ගය ටෙලිවිශනයයි.ටෙලිවිශනය වඩා වැඩදායී කරගැනීමට නම් පොදුවේ මෙම වැරදි වලට පිළිතුරු සෙවිය යුතුය.