"හැඟීම් බොහෝමයක් තිබ්බට ඒවයේ උප්පත්ති මූලය බොහෝ වෙලාවට අපිම හෝ අපිට ලඟම මනස උසස් වූවෝ. ඒ වගේම ගැහැණිය හැඟීම් උත්පාදනයේ ඉහලම තැනක ඉන්නවා. මේ එතනින් එහාට ගිය හැඟීම්, වචන කරපු ලියමනක්...."


Thursday, December 31, 2009

සුබ


හිත තුල හරි කරගෙන
කඳුළු පෙරාගෙන
දකීවි කියලා වෙව්ලගෙන
කොල මිටි කරගෙන

දාපං එළියට
පතුරපං රටටම
එපා විකිනෙන්නට
ඕඩර් එකපිටටම

නොදා ඇඩ්සෙන්ස්
ඇඩ් නොකර සෙක්ස්
වපුරමු අදහස්
වෙන්නට සක්සස්

රයිම් වෙන්නට කවි
පිරිපුන් ස්ඳැස් කවි
එක්වෙන්නෙට කතා කරලි
කරමුකෝ බ්ලොග් පෙරලි

කියවන උං ගොඩකි
තව උං ෆලෝ කරති
හිට් කවුන්ටර් පිරෙති
සතුටෙන් හිත් ඉතිරෙති

දෙදහස් නවයෙන් සමුගති
ඉනික්බිති දහ්යට ලබති
මෙතෙක් කල් මගේ පෙරලි
කියවපු උඹලට ගොඩක් තුති!

සුබම සුබ නව වසරකට මුචාගෙන් ආසිරි !

Tuesday, December 29, 2009

බොරුව

මම කියනකොට හරි ෂෝක් උනාට
මට කියනකොට පොඩ්ඩක් පපුවට දැනෙන
අනුන් අඳිනකොට මරු ෆන් උනාට
මමත් ඇඳගෙන කියලා දැනගත්තම
මරුවිකල් වෙන. . .

දේශපාළුවෝ රටටම කියන
දොස්තර ලෙඩාට කියන
හබියා වයිපරේට කියන
මම මැරියන්ට නොකියන
බොරුව. . .

කොටුවේ වෙළෙන්දෝ
කොම්පියුටර් කඩකාරයෝ
ටියුෂන් කඩකාරයෝ
වැඩියෙන්ම කළාකාරයෝ
කරන බොරුව හෙවත් ප්‍රෝඩාව. . .

වැඩිපුරම විකිණෙන
ඉගෙනගන්න අමාරුම
අපිත් බැන බැන ඒකම කරන
කෘතජ්ජනයොන්ට නොකරම බැරි
මූලික බොරුව. . .

Sunday, December 27, 2009

තුරුදැලේ උඹලා

නිකමට විහිළුවක් කරන්න
ලේ කැක්කුමට කරදරේකින් බේරගන්න
දුකාට වගේ දිග ගුණ වර්ණනාවක් ලියන්න
වැරැද්දකදී රිදෙන්න පාරක් ගහන්න

අපේ අම්මගේ බඩෙන්
මට ඉස්සරෙන් හරි
පස්සෙන් හරි
තව එකෙක්වත් හිටියනං

කොච්චර වදයක් උනත් නංගියෙක් නැතිකම
පොර ටෝක් දැම්මත් මල්ලියෙක් නැතිකම
කන කඩාගත්තත් අක්කෙක් නැතිකම
පාරක් ගැහුවත් අයියෙක් නැතිකම

මේ ලෝකේ දරං ඉන්න අමාරුම දේ වෙන්නැති
ඒත්,
ප්‍රශ්නයක් උනාම,දුකක් හිතුනම කියන්න
මෙච්චර උඹලා ගොඩක් තුරුදැලේ ඉන්න එක
කොච්චර දෙයක්ද. . . .

Friday, December 25, 2009

අදහසක් දෙන්න


අද මට මාර අත්දැකීම් ගොඩක් ලැබිච්ච දවසක්.සමහරවිට මට කලිනුත් ඔය කියන අත්දැකීම් ලැබිලා ඇති;ඒත් අද තමයි තේරුම් ගියේ.මේ කියන අද දවස ගැන දිගට ලියන්න බැරිවෙයි.සමහර දේවල් හංගන්නත් තියෙනවා.ඒකට හේතුව මගේ බ්ලොග් එක මහ ගොඩක් නොකියෙව්වට,කියවන ටික දෙනා මම කවුද කියලා දන්න නිසා.ඒවගේම අද අමුතු සිද්ධි ගොඩක් උනා.එකකට එකක් නොගැලපුනත්. . .ඒවා මාවම හොයාගෙන ආපු ගතියක් මට දැනුනා.මේක ඕගොල්ලෝ කිසිකෙනෙක්ට වැදගත් ලියමනක් නොවෙන්න පුලුවන් (මම කලිනුත් එහෙම එවුවා ලිව්වේ නැහැනේ.).මම ඉතින් අද මුල ඉඳන්ම කියන්නම් දවස ගැන.

අද දවස පටන් ගන්නේ දරුණු හීනෙකින්.ඒක මුලින්ම වෙන්නේ මම මගේ තරහාකාරයෙක් එක්ක දරුණු ලෙස සටන් කරනවා කඩු දෙකකින්.ඒ එක්කම මට ඒ හතුරා පිටු පානවා.ඒ එක්කම මම පිටුපස්සට කඩුවෙන් අනින්න ගියත්,මගේ හිතෙන් ඒක වලක්වනවා.ඊට පස්සෙ කොහොමහරි මම හතුරගේ ඉදිරිපසට පිහියෙන් අනිනවා.හතුරා කිසිම දෙයක් කරන්නේ නෑ.ඒක මට පුදුමයක්.ඒ නිසා මම මූම බැලුවම. . .ඒ මට අතිශය සමීප,මම ගොඩක් ගරු කරන,ඒත් සමහර දේවලට එකඟතාවයන් නැති කෙනෙක්.මට දරාගන්න බැරිවෙනවා.එයා මගේ මූන දිහා බලාගෙන ඉන්නවා.ඒ හිනාවෙල නෙමෙයි..,තරහකිනුත් නෙමෙයි...,හරිම උදාසීන මූනක්.ඔය අද දවසේ මුලින්ම වෙච්ච දේ.ඉතින් ඕක මට දැනෙන විදිහට අනුවමහම මහ අසුබ හීනයක්.මොකද මම කවමදාවත් මගේ මිතුරෙක්ට එහෙම දෙයක් කරන්නේ නෑ.මොකඛරි හිතරිදෙන්න දෙයක් කලත්;එහෙම කරන්නේ අනාගතයේදී වෙන්න තියෙන අනතුරකින් බේරන්න මිසක් තරහකට නෙමෙයි.කොහොමත් ඔය වගේ හීන ගැන සමහරු එක එක දේවල් කිව්වත්. . .මම කොහොමහරි අද තාත්තත් එක්ක පාටියකට යන්න ගෙදරින් එලියට බැස්සේ ඔය ඔක්කොම අමතක කරලා.

තාත්තයි මමයි කාලෙකින් තමයි කතාවකට වැටුනේ.මොකද එයාගේ රාජකාරි වැඩකටයුතු(ප්‍රෝඩාව 1)ත් එක්ක වගේම මගේ වැඩකටයුතු(ප්‍රෝඩාව 2)ත් එක්ක. . .අපිට කතාකරන්නවත් වෙලාවක් නොතිබීම අද අපිට හොඳ අවස්තාවක් අරං දුන්නා.තාත්තයි මමයි මීට කලින් ගොඩක් දේවල් කතා කරලා තියෙනවා.කලාව,ඉගනීම,දේෂපාලනය,වාහන,ගෑණු,අරක්කු,කාමය වගේ. . . .ඔය කියන හැම දෙයක් ගැනම.තාත්තයි මමයි ඒ තරමටම සමීපයි.ඉතින් අද අපි දෙන්නා කතා කලේ විවාහය ගැන.ඒකට ප්‍රධානම හේතුව ඔය කවුරුත් වගේ දන්න "මැරියන්".තාත්තා මොනවා කිව්වද කියලා මට මතකයක් නෑ.ඒත් අද තාත්තා කියපු දේවල් ඇතුලේ ගෑනියෙක්ව තෝරගන්නේ කොහොමද?,විවාහෙට කලින් හැසිරෙන්නේ කොහොමද?,විවාහෙන් පස්සේ හැසිරෙන්නේ කොහොමද?...,ඕන්න ඔය වගේ නානාප්‍රකාර දේවල්තොගයක් මගේ මොලේට රිංගුවා.සමහරවිට මම තාත්තත් එක්ක කතා කරපු වැදගත්ම මාතෘකාව වෙන්නැති.කොහොමහරි ඔය ටික කතා කරන්න අපි පැය එකහමාරක් ගත්තා.ඒ වගේම වෙනද විනාඩි 45න් මොරටුවේ ඉඳන් හෝමගමට යන්න පැය එකහමාරක් විතර ගියාද කොහෙද. . .

හෝමගමින් අපේ නැන්දා කෙනෙක්වත් වාහනේට ගොඩනග්ගගෙන අපි මිරිස්වත්තට ගියා.ඒ තමයි අද අපිට පාටිය තිබ්බ තැන.වෙනදත් අපි ඒ ගෙදරට නත්තල් පාටිය ගන්න ගියාට. . .අද හුඟක් වෙනස්කං වෙලා තිබා.ඒ අපි(හෙවත් නෑදෑයෝ)ට අමතරව තව පිරිසක් එහේ ඇවිල්ලා හිටපු එක.ඒ වගේ මෙච්චර කල් ඩෙල් තඩියකින් වැඩ කර කර හිටපු අපේ අක්කා HP ලැපක් අරගෙන තිබීම.ඒකත් මාරයි. . . .කට්ටියම හලෝ කියාගෙන යන්නේ ලැප ගාවට.එතනට ජේසුතුමා ආවත් ගනන් ගන්නේ නැති සයිස් එකේ.ඊටත් වඩා. . .මෙච්චර කාලයක් ෆිල්ම් බාවපු,සින්දු අහපු,අසයින්මන්ට් කරපු ඩෙල් තඩිය පැත්තකට විසිකරලා.ලැප්ටොප් චාජර් එක දිගාඑරලා දාල තියෙන්නේ ඩෙල් එක උඩ.කොටින්ම කිව්වොත් අපේ අයියගේ ලඟදී ගත්තු VAIO එක(HP එකටත් වඩා වැඩ තියෙන)ත් පැත්තකට ගිය ගානයි.මමත් ඉතිං ඕවා දිහා බලාගෙන හිටියා.දැන් අපේ අක්කගේ ප්‍රධානම අභිප්‍රාය ලැපට රෝස පාට ස්ටිකරයක් ගහන එක.ඉතින් මේක නිසා. . ."ලූලා නැති කලට කනය පණ්ඩිතයා" කියන පිරුළ "ලූලා ඉන්න කලටත් අලුත් කනයා පණ්ඩිතයාලු" ලෙස වෙනස් වෙනවා.හැබැයි දැන් දේශපාලනයට මේක ඈඳාගන්න එපා.මොකද දැන් ඉන්නේ පොඩි මාලු ඔක්කෝම කකා. . .ලූලෝම විතරක් මුලු විලේම වපුරන මාලුවෙක් හින්දා.(දේශපාලණික අදහස සම්බන්ධයෙන් එරෙහිකම් ඇත්නම් එම අදහස් සඳහා සදාහරිතය විවෘතයි.)

ඒ වගේම අද දවසේ අර මම කලින් කියපු පිටින් ඇවිල්ලා හිටපු කට්ටිය (අපිට සාපේක්ෂව) සමග පොඩි ළමයි වගයකුත් ඇවිල්ල හිටියා.ඒ අතර මට ඉඩක් ලැබුනු වෙලාවල් වලදී දැකගන්න හම්බුවෙච්ච විගඩම් ටිකක් පහත ගොණු කරමි.
  • දරුවා රිලවෙකු කිරීම.(නැටීමට බල කිරීම,පපඩම් කියා කීමට අණ කිරීම,ආපු ගමනුත් ප්‍රදර්ශනාත්මක වශයෙන් එතන ඉන්න උන්ට වඳින්නට අණ කිරීම)
  • දරුවාගේ ඇස් ඉදිරිපිට දරුවාගේ මවට පහර දීම සහ දරුවාගේ සහෝදරිය කෙනිත්තීම.(දරුවාගේ ප්‍රතිචාර නැරඹීමේ ආසාවෙන්)
  • දරුවාගේ තොලේ බියර් බිඳක් ගෑම.(මෙය දරුවාගේ මවට හොරෙන් සිදුකරන ලදී)
මෙවන් මෝඩ ආතල් තොගයක් ගන්න ලදී.අවසන උන් සිඟිති ආතල් විඳ විසිර ගියෝය.

එසේම අද දින දරුණු රිය අනතුරු තුනකින් ගැලවුනෙමි.එක රිය අනතුරු තුනෙන් දෙකක් හයිලෙවල් පාරේදී සිදුවන්නට ගිය අතර,අනෙක් එක කොට්ටාව-හොරණ පාරේදී සිදුනොවී බේරුනේ අනූනමයෙනි.මා දැනුදු අන්ධ විශ්වාස දැඩි ලෙස පිලිකෙව් කරන මුත්. . .උදයේ දුටු සිහිනයේ සහ මෙම රිය අනතුරු සම්බන්ධව යමක් බැඳී ඇතැයි හැඟේ.ඕගොල්ලොන්ටත් සිහින සම්බන්ධව අත්දැකීම් ඇති.කරුණාකර නොවලහා කියලා දාන්න.රහස්‍යබාවය බොක්කෙන් රකිමි!

Wednesday, December 23, 2009

සිද්ධිය

සිද්ධිය කියලා කිව්වට මේකේ ඇති මහ ලොකු සිද්ධියක් නම් නෑ.මෙතනදි මේක ලියන්න ලොකුම හේතුව වුනේ අපේ එකෙක් පාරේදි හම්බවෙලා මගේ මූණටම කියපු මහ ජරා කතාවක්.ඌ ගත්තු කටටම කියපු "මොනාද උඹේ බ්ලොග් එකේ කියන කයි කතන්දර.තොගේ මලඉලව් ලව් ගැනයි,දුකයි,සල්ලි නැති එකයි ගැනම ලියන්නේ ලියහන්කෝ අර මේ ඉරිදා ගිය ඉරිදා වාගේනං නෙවෙයි වගේ එකක්" කියලා.මාත් ඉතිං ඌට එක කුණුහරුපයක් වත් කියන්නේ නැතුව. . .ගොනා වගේ "හඃ" කියලා නොඉඳ "ලියන්නන් මචන් එකට පහක්" කියලා කිව්වා.මටත් ඉතින් මගේ බ්ලොග් එක කියෝපු එකෙක් හිටියොත් ඌව කෑම වලටත් වඩා වටිනවනේ.ඕක වෙලා මාසයක් විතර ගත උනාට පස්සේමේ රට හරකව ආපහු පාරක් පාරෙදි හම්බුනා.ඊට පස්සේ ඌ කියපි "යකෝ තෝ තාම පාඨක ඉල්ලීම ඉෂ්ඨ කරේ නෑ නේද?තෝ ලියනවැයි කිව්ව පහෙන් හතරක් අහවල් තැන ගහගන්.ඉතුරු එක පෝස්ට් කරපන්" කියලා.ඔය වගේ කුණු කතා වල අවසානයක් දකින්න ඕන නිසා,මම ඉතින් හිතුවා ලියන්න සිද්ධියක්.මේක එක අතකින් දුක්බර සිද්ධියක්....ජොබක් කරගෙන ආතල් එකේ හිටපු කොල්ලෙක් හිරේ ගිය එක අපි සමරපු විදිහ තමයි මේ කතාවේ තියෙන්නේ.

මේ කතාව පටන් ගන්නේ අපේම කියලා ඉන්න යාලුවෝ හත්දෙනාගෙන් එකෙක් වෙච්ච ගිහාන් නොහොත් දෙමලාගේ හෙලු දවස හෙවත් උපන්දින උත්සවය දවසෙයි.ඌට දෙමලා කියන්නේ මේකප් දැම්මත් නොදැම්මත් ඌට තියෙන්නේ මාර හොලිවුඩ් ලුක් එකක් [:කැපිටල් පී] එහෙමත් නැත්තන් [දිව දොට්ට දැමීම].කතාවට කියන්නේ ඕකට පවුඩර් ගෑවොත්,ඒවත් කලු පාට වෙනවයි කියලා.ඉතිං ඔය හෙලු දවස වෙනුවෙන් ගත්තු පාටියෙදී අපේ හත්දෙනාගෙන් ලංකාවේ ඉන්න පස්දෙනා සෙට් උනා.ඔතනදී තාලෙට අත්පුඩියක් ගහගන්න බැරි උනත්,තමුන් කට ඇරියම අමරදේව මහත්තයාටත් ඊරිසියා හිතෙනවැයි කියලා හිතාගෙන ඉන්න......,හැම සුපර් ස්ටාර් එකේම පොදු සාධකය වෙච්චි ලිලාන් එන්විලොප් වගයක් බෙදුවා.මුලදී සල්ලි කියලා හිතන් උන්නත් පස්සේ ඕකගේ වරිගේ හැටි මතක් උනාම දැනගත්තා තවත් අතින් කයිට් වෙන වැඩක් කියලා.

ඔන්න ඔය විදිහට තමයි ලංකාවේ තවත් අසරණ කොල්ලෙක් කෙල්ලෙක්ට පෙම් කිරීමේ වරද මත සිරගත කරන්න තීන්දු වුනයි කියලා අපිට දැනගන්න ලැබුනේ.ඕක දැනගත්තු ගමන්ම අපි සහභාගි වෙච්ච පාටිය එකම අඳෝනා ගොඩක් උනා.එක පැත්තක ඔළුවට අත ගහගෙන අඟුරු කුට්ටියක් වගේ ඉන්න අපේ විසල් සහෝදරයා.කොච්චර කලුයිද කියනවානං ඕකව අම්මගේ බඩෙන් එලියට ගත්තු දොස්තර එදායින් පස්සේ පෙන්ෂන් ගත්තලු.ඒ මනුස්සයට එච්චරටම මහන්සිලු ඌව හොයලා.ඒ මදිවට 88 අවුරුද්දේ නොවැම්බර් මාසේ අග කාලෙක පත්තර වල ගියාලු වත්තල පැත්තේ ස්ත්‍රියකට කලු දිවි පැටියෙක් හම්බුනාය කියලා.ඒ විදිහ කට කතාවකුත් තියෙනවා.කොටින්ම කිව්වොත් ඕකා ගෑනුද පිරිමිද කියලා හොයාගන්නම මාස හතරක් ගියාලු.අනේ පව් දුකේ බෑ ඔය මනුස්සයා ඉතිං එදා දහ අතේ කල්පනා කරනවා වෙඩින් එක ගැන.දෙන්නේ මොනවද?,අඳින්නේ මොනවද?,යන්නේ කොහොමද? වගේ ප්‍රශ්න පිට ප්‍රශ්න තියෙද්දී ලිලානයා අපේ ප්‍රශ්න තවත් සංකීර්ණ කලේ එක පිඟානක් 1500ක් වෙනවා කියලයි (පස්සේ දැනගත්තා ජපාන යෙන් කියලා.).ඔහොම පිඟානක් මග ඇරලත් බැරි හිඳා අපි කොහොමහරි යමුයි කියලා කිව්වේ. . .මගේ පාසලේ ක්‍රිකට් කණ්ඩායමේ වතුර සැපයීමේ අංශය ශක්තිමත් කරපු ගයාන්.ඕකා කොච්චර හොඳට වතුර සැපයෙව්වද කිව්වොත් ඕකට "කලර්ස් නයිට්" එකේදි කලර්ස් හිටන් හම්බුනා.හැබැයි වෝටර් කලර්ස් [දිව].ඕකට වතුරයි චුවින්ගමුයි කිව්වොත් වෙන ලෝකයක් නෑ.ඕක මැච් වලදි... ඇහුවොත් ප්‍රැක්ටිස් ගැහුවොත් පරාදයි වගේම...,විභාග වලදිත් ඇහුවොත් පාඩං ලිව්වොත් ෆේල් සංගමයේ සභාපති.කොච්චර වතුරට ඇබ්බැහි වෙලාද කිව්වොත් ඕකා තමයි අපි හත්දෙනාගෙන් අරක්කු නොබොන එකම එකා.අපේ රට ඉන්න උන් දෙන්නා ලංකාවට ආවම උන් ගැනත් විස්තර කියන්නන්.මං ගැනනං ඉතින් දන්න හරිය හොඳටෝම ඇති.

කොහොමින් කොහොමින් හරි වෙඩින් එක ලඟටම ලං උනත් කිසි ගානක් නැතුව හිටපු අපි ආපහු වෙඩින් එකට කලින් සෙට් උනේ අපේ විසල්ගේ හෙලු දින සමරුවේදී.එදා අපි ෆුල් ප්ලෑනක් ගැහුවා,අපිට තියෙන ඇඳුම් ගැන සලකලා බලලා.ඕං ඉතින් ඇඳුම් සෙට් කරගෙන වෙඩින් එකට කලින් දවස වෙනකම්ම ලං වුනා.එදා ලැබිච්ච පොඩි අසුබ ආරන්චියක් උනේඅපෙ කලු ගුලිය හෙවත් විසල්ට ගෙදරින් කේස් එකක් වැටීම.ඉතිං ඕකට ඌ මල පන්න ගෙන ඉන්නකොට,ඌවත් ෂේප් කරලා අපි යන්න සෙට් උනා.ඕන්න ඉතින් පුරුදු පරිදි පාන්දර හතට විතර ඇහැරිලා ගයාන්ටත් ඇහැරෙව්වා.ඊට පස්සේ අපි බොරැල්ලට ගිහිල්ලාඑතනින් ගිහාන්ගේ වෑන් එකේ මගුල් ගෙදරට ගියා.

මලහත් ඉල්ලව්වයි! එදා අපි ඔක්කෝටම අමතක නොවෙන දවසක්.අපි පලවෙනි පාරට වේලාසනින් වැඩකට ගිහිල්ලා.ඉතින් අපි යනකොටයි මනාලි හෝටලේ ඇතුලට යන්නේ.අපි ඉතින් වෙහිකල් පාක් එකට වෙලා ෆොටෝ ගත්තා.ඔන්න කොහොමින් කොහොමින් හරි ඇතුලට ගියා.කෑලි ලෝකයයි.ඉතින් එක මොහොතකටවත් ඇසි පිය නොගහ ඉන්න පූර්ණ අදිටනින් කටවලුත් ඇරගෙන ඉන්නකොට ටික වෙලාවකින් අපේ ඇස් අඳුරට හුරුවෙනවා වගේ අපිටත් ඇත්ත පේන්න ගත්තා.හුහ්. . . එව්වත් කෑලිද???තඩී මේකප් තට්ටු ඇවිදගෙන යනවා වගේ පේන්න ගත්තා.ඔන්න තව ටිකකින් ලිලාන් ඇවිල්ලා කිව්වේ හද සසල කරන,කඳුළු වැගිරෙන,බොකු ඉරෙන කතාවක්."මචං හාඩ් ලිකර් නෑ!"ඒත් එක්කම "දඩ බඩාං" ගාල සද්දයක් ආවා.ඇත්තටම කිව්වොත් සද්ද දෙකක්."දඩ" ගෑවේ ගිහාන් සිහි නැතුව වැටිලා."බඩාං" ගෑවේ ගයාන් සතුටට හිටගන්න කොට පුටුව වැටිලා.

මමනං ඉතිං ඔය තත්වය උඩ උදාසීනයි.මොකද මම එදා බිව්වේ නැති උනාට,බීම කියන දේට විරුද්ධ නෑ ගයාන් වගේ.ඔන්න් ඊලඟට තමයි මගේ අවස්ථාව ආවේ.ඒ තමයි කෑම.ඩෙවල් චිකනුයි,ඩෙවල් ඉස්සොයි,ඩෙවල් කරපු මාලුයි,ෆ්‍රයිඩ් රයිසුයි,චිල්ලී පේස්ට් එක්ක වෙජිටබල් චොප් සුයි පාරක් දැම්මා.මරු කෑම ටික.ඩෙසර්ට් වලට පලතුරු,චොකලට් මූස්,අයිස් ක්‍රීම්,වටලප්පං,චොකලට් ටොපිං එක්ක ඔක්කොමත් දාගෙන කෑවා.ඔහොම කාල වාඩිවෙලා ඉන්නකොට තමයි. . .මිනිහෙක් ජීවිතේ කලාතුරකින් විඳින,ඒත් අපි හැමදාම වගේ විඳපු ඒ නරුම අවස්ථාව උදා උනේ.ලිලාන් සමීර විතානට ගීතයක් ගායනා කරන්න ආරධනා කරපු එකාව අපිට අහු වුනානං. . . .ලිලාන් ගේ ගායනා ගැනත් සොඳුරු කතාවක් තියෙනවා.ඒ සුපර් ස්ටාර් දෙවන අදියරේදී අවසන් 1000ට තේරුනාම,අවසන් 100ට තෝරන වටයේදී මිනිහට අවසන් 100ට යන්න අවස්ථාවක් දීලා නෑ.ඉතිං ටිකාක් වෙලා ඇඬුවට පස්සේ චන්ද්‍රිකා සිරිවර්ධන නැන්දී කිව්වලු "මගේ පුතේ,එහෙමනං ඔයා ඔතන වටයක් කැරකිලා යන්න" කියලා.ඉතිං ඔහොම ගෙවිච්ච සර්ව ආතල් මගුල් ගෙදරක ඉඳලා. . .දැන් හිතෙනවා මේ සිද්ධිය මෙතනින් නවත්තන්න.හැබැයි මෙතන සිද්ධි ගොඩක් !

මොනවා උනත් මේ සිද්ධිය ගැනනං මුචාට රොම්බ හැපී!

Sunday, December 20, 2009

බ්ලොගර් නෑදෑකං. . .සදාකාලිකං. . .


බ්ලොග් ඇතුලේ මරාගන්නැති
බයිට් කරන්නැති
වාද තියෙන්නැති
බදාගන්න ඇති. . .

එකතුවෙච්ච තැනක
කිසිම පාළුවක් නැති
දත් තිස් දෙකම එලියට දාගෙන(නල දත් අතෑරලා)
ඇති කරගත්තූ සුහදකං. . .

හිතේ මවාගත්තු මිනිස්සු
එහේ මැවිච්ච අරුමය
හිතාගෙන හිටපු උං
එතන නොමැවිච්ච සංවේගය. . .

ආගන්තුකයා,පිටස්තරයා,කුෂානයියා
එක්ක අන්තිම මොහොතේ
ලිෂානයියා,අක්කණ්ඩි,ක.කා එක්ක
මුල් මොහොතේ පටං. . .

ඇතිවුනු සතුට වගේම
දුකා,බිංකු,මරණේ නැතිකම
හිතට තව තවත් කියන්නේ
බ්ලොගර් නෑදෑකං සදාකාලිකං කියලා. . .

Thursday, December 17, 2009

කරුම ඉන්දියාව



















පරක්කු වෙලා එනකොට ඔරවන්න
දොරට තට්ටුවක් දාලා සින්දු වල සද්දේ අඩු කරන්න
ඉඳලා හිටලා වත් පොතකට ඔළුව ඔබ්බවන්න
ඔයා ගෙදර නැතුව හරි පාළුයි තාත්තේ. . .

මහ ලොකුවට ලාබයි කිව්වට
කරුම ඉන්දියාවට වෙලා. . .
හරිම ටික කාලෙකට කිව්වට
මාස එකහමාරක් යනවලු

මහ ලොකු හෝටල් කිව්වට තුච්ඡ නවදිල්ලිය
හරියට කන්නවත් නෑලු. ..
හැමදාමත් රෑට බඩ පිරෙන්න බත් කාපු මනුස්සයා
ඊයේ රෑටත් චට්නියි පානුයි

අපි කොහොමද මෙහේ උයපුවා බෙදාගන්නේ
අම්මත් දුකෙන්. . .
අපිත් දැන් හරියට
මිලේනියම් එක එනකං පෙරුම්පුරපු ලෝකවාසියෝ වගේ. . .


තාත්තා ගෙදර නැති දවස් වල ලියවුනේ.දැන් නං තාත්තා ගෙදර ඇවිල්ලා.

Tuesday, December 15, 2009

විකිනෙන ලඳ

මෙය ලිෂාන් අයියාගේ ලිපියකටද,මහේෂ් මුණසිංහගේ අක්ෂර සෙනගේ කවියකටද,ටැබූ ගේ ලිපියකටද ඇබ්බැහි වී සිටින කල ලියන ලද්දක් බව කරුණාවෙන් සලකන්න.

වෛශ්‍යාව,ගණිකාව
එහෙමත් නැත්නම් වේසිය
සුරසැප දෙන්නිය. .
කොල්ලෝ ෂාහ් කියන
කෙල්ලෝ ෂීහ් කියන
රූමත් උනත් නැතත් ලඳ. . .

ලබන්නට යන එකා
කොලුකමට හෝ ඇබ්බැහිය. .
පෙම්වතියක් බිරිඳක් නැතිකමින්
හෝ ඉන්න කෙනාගේ අසම්පූර්ණත්වයෙන්
හෝ ඒ පැත්තේ නුවුවමනාව හින්දා. . .
සල්ලිත් හොයාගෙන

ඒ විකිනෙන ලඳ
ගමට සල්ලි යවන්න
ලෙඩ ඇඳේ ඉන්න මිනිහටයි
තාත්තා අඥාත වෙච්ච දරුවටයි
සස්ටජන් එකක් ගන්න. . .
වැඩි දුරකට ඉගෙනගන්න ආසාවෙන් හෝ

ඒ ඒකිගේ රස්සාව
ලොකු ලොකු තැන් වල ඉඳලා සල්ලි ගහනවාට වඩා
ලොකු ලොකු තන් පෙන්නලා සල්ලි හොයන එක
සාධාරණ නැද්ද ?
රස්සාවෙන් සීලේ කැඩෙනවද ??
මෙහෙව් කරන්නේ ගෑණු විතරද ???

අවසන පවකට හෝ පිනකට
මුදලට හෝ නොමිලේ
සතුටට හෝ පලිගැනුමට
වින්දනයට හෝ විඳවීමට
කොච්චර ආතල් වුවද
වරද වරදක්මය. . .