"හැඟීම් බොහෝමයක් තිබ්බට ඒවයේ උප්පත්ති මූලය බොහෝ වෙලාවට අපිම හෝ අපිට ලඟම මනස උසස් වූවෝ. ඒ වගේම ගැහැණිය හැඟීම් උත්පාදනයේ ඉහලම තැනක ඉන්නවා. මේ එතනින් එහාට ගිය හැඟීම්, වචන කරපු ලියමනක්...."


Monday, November 2, 2009

ස්විච් එක


බඩ වැඩි හින්දා උඩ පනින්න බැරිවුනත්
පෙරලි පෙරලි පිස්සු නටපු මාව
එක තැන ගල් කරපු ස්විච් එක උඹ. . .

ආසාව වැඩිකමට
නැවතිල්ලක් නැතුව කොත්තු කාපු මාව
වතුරෙන් විතරක් ජීවත් කරවන් ස්විච් එක උඹ. . .

කෙටි කරගන්න බැරිකමට
වැල වගේ ඇදිච්ච කතා ලියපු මගෙන්
එකලඟ කැටි වෙච්ච කවි ලියවපු ස්විච් එක උඹ. . .

දහයට ඇඳට ගියත්
දොලහ වෙනකන් මනෝ ගහපු මාව
වැටිච්ච ගමන් දොයි කරවපු ස්විච් එක උඹ. . .

කොච්චර ටෝච් කෑලි,හුළු අතු තිබ්බත්
කලුවරේ තිබිච්ච මගේ ජීවිත පොජ්ජට
එළි පොජ්ජ මන්දු කරපු ස්විච් එක උඹ. . .

අයිස් ගහලම දාඩිය පිරිච්ච
මගේ ඇඟට
සිසිල ගෙනපු ෆෑන් එකේ ස්විච් එක උඹ. . .

කව්ද මේ උඹ ?
Digg It! Stumble Delicious Technorati Tweet It! Facebook

18 ක්ම තියෙනවා අදහස්:

LishWish said...

වෙන කවුද..? මැරියන් වෙන්ටෑ....?

Rachintha Jayawardhana said...

ඔව්නේ අයියේ..මැරියන් උඹ කියනවට කැමති නෑලු.
ඒකයි ස්විච් එකට උපමා කලේ.උඹ කිව්වේ නැති උනාම කිට්ටු නෑ වගේ හැඟීමක් එනවනේ.

Anonymous said...

nice thought .

Rachintha Jayawardhana said...

thanks !!!

Sachii said...

oyage mariyage adare hari sunadrai ne..mariyanta gdak asa wei oya hoda lamayek wenawa nam..e ahinsaka adare samadama oba gawama radeeewa...

Prabodha said...

niyama upamawak,macho,mariyan switch eka kiyanawata kamathida?

Rachintha Jayawardhana said...

anee manda ithin..dennatama thankuu wenna ona !

kaushalya said...

lassanai mariyan sathutu vei dakkama

Rachintha Jayawardhana said...

hmmmm

malee_msg said...

ඒකත් ඉතිං බලාගෙන ගියාම ගෑණු ළමයින්ට හොද උපමාවක්!

Rachintha Jayawardhana said...

අනේ මන්දා ඉතින්...ගෑණු ළමයෙක්ම කියපු හින්දා පිලිගන්නන් !

ලොකු මල්ලී said...

මල්ලි හොල්මන් උනා,
එළ

Rachintha Jayawardhana said...

හිකිස්. . .

දුකා said...

නියමයි බන් . .. එලම එල . . මට මෙක මිස් උනෙ කොහොමද කියල කල්පනා කලේ . . අදයි දැක්කේ . .

Rachintha Jayawardhana said...

ආ...මම මූණුපොතෙත් මේක දැම්මා දුකා අයියේ !

දුකා said...
This comment has been removed by the author.
දුකා said...

ඒ උනාට දැක්කේ නෑනේ මලේ . . .

දැං මූනු පොතේ රැඳෙන, බ්ලොග් ලියන්න කාලේ අඩුවීගෙන යන්නේ . . .

ඒත් ටොපිය නම් බලන්න (සූප්පු කරන්න ?? )එනාවාමයි . . හික් හික්

Rachintha Jayawardhana said...

හිකිස්...
අනිවා අයියේ...බොහෝම පිං මෙච්චර කල් ආවා ගියාට සහ ඉස්සරහට එනවාට!

Post a Comment

කියෙව්වම හිතිච්ච දෙයක් ලියලා යන්න. බැරිනං නිකං ඉන්න.
සැඟවී විඳීමට අඥාතය පාවිච්චි කරන්න.
ජයෙන් ජය උඹලාට!